HTML Forms ( HTML ආකෘති පත්‍ර )

වෙබ් අඩවියක් තිබෙන වැදගත්ම දෙයක් තමයි මේ forms කියලා හඳුන්වන්නේ. වෙබ් අඩවියට පැමිණෙන පුද්ගලයින් ගෙන් ඔවුන්ගේ විස්තර එකතු කරගැනීමට මෙය යොදාගන්නවා. ගොඩක් වෙලාවට වෙබ් අඩවියේ register(ලියාපදිංචි) වීමට තිබෙන අවස්ථා ඔබ දැක ඇතිනේ. සරලවම ගත්තොත් facebook ගිණුමක්,email ගිණුමක්නි ර්මාණය කරන්න නම් එහි ලියාපදිංචි වෙන්න ඕන,නැතිනම් signup වෙන්න ඕන. 


එවිට අදාළ පුද්ගලයාගේ නම,email එක,වයස,උපන්දිනය,ස්ත්‍රී පුරුෂ භාවය ආදී තොරතුරු ඇතුලත් කරන්න ඕනනෙ. ඔබ දැකලා ඇති නේද මේ වගේ තොරතුරු එකතු කිරීමට යොදාගන්නා  web forms. මේ එක් එක් තොරතුරු එකතු කිරීමට විවිධ ආකාරයේ අවස්ථා තමයි තිබෙන්නේ. නම යෙදීමට දිග හිස් කොටුවක්, උපන් දිනය සඳහා කැලැන්ඩරයක් ආකාරයේ හෝ පහලට වැටෙන menu එකක්, ස්ත්‍රී පුරුෂ භාවය ඇතුලත් කිරීමට පොඩි රවුම් button දෙකක් වගේ වෙනස් ආකාරයන් තමයි තිබෙන්නේ. ඉතින් අපි දැන් ඉගෙන ගන්න යන්නේ මේ වගේ විවිධ web forms කොහොමද නිර්මාණය කරන්නේ කියලා.

Web forms වල භාවිතාවන විවිධ elements වන්නේ text fields, text area fields, drop-down menus, radio buttons, check boxes යන ආදියයි.

HTML Form Controls - html forms හරහා දත්ත එකතු කිරීමේදී ප්‍රධාන වශයෙන් භාවිතා කරනු ලබන form controls,එනම් පෝරම පාලක කිහිපයක් තිබෙනවා. පැහැති දැක්වෙන්නේ එම අවස්ථාවන්ය.

☑ Text Input Controls
☑ Check Boxes Controls
☑ Radio Box Controls
☑ Select Box Controls
☑ File Select boxes
☑ Hidden Controls
☑ Submit and Reset Button


Text Input Controls -

text හෙවත් අකුරු,වචන වාක්‍ය ආදිය ඇතුලත් කල හැකි ආකාර තුනක් තිබෙනවා.


1. Single-line text input controls -

මෙහිදී එක් හිස් පේලියක්,කොටුවක් පමණයි නිර්මාණය වන්නේ. නම,ගම ආදී කෙටි දත්ත ඇතුලත් කිරීමට මෙය අවශ්‍ය වෙනවා. මෙය නිර්මාණය කිරීමට යොදාගනු ලබන්නේ <input> කියන tag එකයි.

2. Password input controls -

මෙයත් තනි පේළියට ඇති හිස් පේළියක්,කොටුවක් වන අතර password,මුරපද යෙදීමට යොදාගන්නවා. මෙහිදීද <භාවිතා කරන්නේ <input> tag එකයි.

3. Multi-line text input controls -

කෙටි විස්තර වලට අමතරව දිගු විස්තර ඇතුලත් කිරීමට,අදහස්,යෝජනා ආදිය (comments) ඇතුලත් කිරීමට
යොදාගනු ලබන්නේ මේ අවස්ථාවයි. මේ සඳහා <textarea> tag යොදාගනු ලබනවා.


Related Articles