Breaking
Loading...
Get a Free Diploma Today - III

Get a Free Diploma Today - III

ALISON වෙබ් අඩවිය මේ වනවිට ගොඩක් ආකර්ශනීය සහ පහසුවෙන් හැසිරවිය හැකි ලෙස සකස් කර තියෙනවා. නමුත් ඔබ මෙම වෙබ් අඩවියට ආගන්තුක නිසා මුලින් තරමක් නුහුරු නුපුරුදු ගතියක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මුලින්ම කල යුත්තේ මෙම වෙබ් අඩවියේ ඇති විවිධ links ආදිය click කර ඒවායේ ඇතුලේ තිබෙන දේවල් පිළිබඳව අධ්‍යනය කිරීමයි.


Courses තිබෙන පිටුවට ගියවිට ඔබට මේ වගේ දකින්න පුළුවන්. 


අපි කලින් සඳහන් කල ලෙසම විවිධ කාණ්ඩයට අයත් පාඨමාලාවන් රැසක් දැකගන්න පුළුවන්. ඔබ කැමති ක්ෂේත්‍රය අනුව ඕනෑම පාඨමාලවක් ඔබ තෝරාගන්න. ඉන්පසුව එය කිරීමට පටන් ගන්න පුළුවන්.

පාඨමාලාවක් තෝරාගත් පසුව ඔබට එහි විස්තර පහත ආකාරයට දැකගන්න පුළුවන්.


ඉතින් ඔබට දැන් තියෙන්නේ Start හරහා ගොස් පාඨමාලාවේ ඇති පාඩම් (Modules) එකින් එක කරන්න පුළුවන්. මේ සඳහා ඔබට කැමති කාලයක් ගන්න පුළුවන්. තිබෙන පාඩම් ගැන ඔබට යම් අවබෝධයක් තියේනම් ඒවා Skip කර යාමේ හැකියාව ඔබට තියෙනවා.

පාඨමාලාවේ Module එකක් ඔබ විසින් අවසන් කලවිට පහත ආකාරයට කොළ පැහැති වී පෙන්වනවා.


මේ ආකාරයට සියලුම පාඩම් මාලා අවසන් කල විට ඔබට විභාගයකට (Assessment) මුහුණ දීමට සිදු වෙනවා. මෙහි ඇති වාසිය වන්නේ ඔබට අවශ්‍ය තරම් කාලයක් ගෙන Assessment එකට මුහුණ දිය හැකි වීමයි. බොහෝවිට මෙහි ඇත්තේ MCQ ආකාරයේ Assessment නිසා ඔබට පහසුවෙන් මුහුණ දීමේ හැකියාව තියෙනවා. නමුත් ඔබට සහතිකපත හෝ ඩිප්ලෝමා එක ලබාගන්න නම් 80% ට වඩා ලකුණු ගන්න වෙනවා.


මේ ආකාරයට ඔබ Assessment එක පාස්වූ විට ඔබගේ සහතිකපත හෝ ඩිප්ලෝමා එක ලබාගන්න පුළුවන්. එය නොමිලේම ගන්න ආකාරය ගැන දැන් අපි බලමු.