Breaking
Loading...
Copy කරගන්න බැරි වෙන්න Files Protect කරගන්න

Copy කරගන්න බැරි වෙන්න Files Protect කරගන්න

ඔයාගේ පරිඝනකයේ තියෙන වීඩියෝස්, ෆොටෝස්, විවිධ ව්‍යාපෘති files වගේ ඉතා වටිනා දේවල් වෙන අයට ගන්න බැරි විදියට ආරක්ෂා කරගන්න ඕනද? මෙන්න ඒකට හරියන නියම මෘදුකාංගයක්. Copy Protect !


ඔබේ පුද්ගලික පරිඝනකයේ වගේම, ඔබ ඉගෙන ගන්න ආයතනයේ පරිඝනක වල තියෙන ඉගෙනුම් මෙවලම්,පාඩම් සටහන් වගේ දේවල් හරි ඔබ වැඩ කරන රැකියා ස්ථානයේ එහෙමත් නැත්තන් ව්‍යාපාරයේ තියෙන ගිණුම් සටහන් වගේ වැදගත් files පරිඝනකය තුල ආරක්ෂාකාරීව තියාගන්න පුළුවන් මෘදුකාංගයක් තමයි මේ Copy Protect කියන්නේ.


පරිඝනකයේ තියෙන මේ වගේ වටිනා files වෙන අයට pen එකකට හරි memory chip එකකට හරි phone එකට හරි copy කරගන්න බැරි වෙන්න මේ මෘදුකාංගය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම CD DVD සහ pen drive වල අඩංගු කර තියෙන files වෙනත් පරිඝනකයකට copy කරගන්න බැරි විදියට ඒ උපාංගයටත් copy-protection දාන්න හැකියාව තියෙනවා.



විශේෂයෙන්ම කතෘ හිමිකම තියෙන මෘදුකාංග,ඒ කියන්නේ copy rights තියෙන මෘදුකාංග, ගීත සහ චිත්‍රපට වගේ දේවල් CD හෝ DVD වලට තැන්පත් කරනකොට ඒවාට copy protect යෙදීමෙන් ඒවා වෙනත් කෙනෙක්ට ව්‍යාජ පිටපතක් විදියට ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. 

මේ මෘදුකාංගය 25MB නිසා පහසුවෙන් download කරගන්නත් පුළුවන්. ඔයත් try කරලා බලන්න මේ මෘදුකාංගය.


0 Comments: