Breaking
Loading...
USB එකක නැතිවුන ෆොටෝස් ආපසු ගන්න විදිය

USB එකක නැතිවුන ෆොටෝස් ආපසු ගන්න විදිය

USB drive, එහෙමත් නැත්තන් Pen එකක් කියන්නේ අපි ගොඩක් වෙලාවට භාවිතා කරන උපාංගයක්. ඕනෑම ෆයිල් එකක් පහසුවෙන් ගෙන යන්න අපි USB drive එක පාවිච්චි කරනවා. මේ USB drive එකක තියෙන ෆොටෝස් හදිස්සියේම delete වුනොත් කොහොමද ආපහු ගන්නේ. ඒක කරන විදිය තමයි මේ කියන්න හදන්නේ.


ඒකට අපිට ගන්න වෙනවා DiskDigger කියන මෘදුකාංගය. ඔයාලට ඒ මෘදුකාංගය මෙතනින් ගන්න පුළුවන්.


මේ මෘදුකාංගය ඔයාලගේ කොම්පියුටර් එකට install කරගෙන ෆොටෝස් recover කරගන්න ඕන pen drive එක සම්බන්ධ කරන්න. ඊට පස්සේ DiskDigger මෘදුකාංගය හරහා ඔයාගේ සියලුම drives scan කරලා පෙන්නාවි. සම්බන්ධ කර තියෙන Pen drive එක තෝරලා Next කරන්න.


දැන් මෘදුකාංගයෙන් ඔයාලට පෙන්නාවි pen එක recover කරන්න ක්‍රම දෙකක්. එකක් Dig Deep සහ අනිත් එක Dig Deeper. අපි ෆොටෝස් recover කරන්න යන නිසා මේ ක්‍රම දෙකෙන් වඩාත් හොඳ Dig Deeper mode එක.


දැන් ඔයාට පෙන්නාවි pen drive එකෙන් recover කරගන්න පුළුවන් සියලුම files ටික. ඔයාට අවශ්‍ය නම් ඒ සියල්ලම recover කරගන්න. එහෙමත් නැත්තන් ෆොටෝස් ටික විතරක් recover කරගන්න.


දැන් මේ DiskDigger මෘදුකාංගය pen එක ස්කෑන් කරන ගමන recover වෙන ෆොටෝස් එකින් එක පෙන්නාවි. ඔයාට ඒ හැම ෆොටෝ එකකම විස්තර බලාගන්නත් පුළුවන්.


ස්කෑන් එක සම්පූර්ණ වුනාට පස්සේ recover වෙච්ච ෆොටෝස් ටික pen drive එකෙන් කොම්පියුටර් එකේ වෙනත් තැනකට save කරගන්න දෙන්න පුළුවන්. ඔයාට ස්කෑන් කරලා පෙන්නන ඔක්කොම ෆොටෝස් ඕන නැත්තන් අවශ්‍ය ඒවා විතරක් තෝරලා ගන්න පුළුවන්.

අවශ්‍ය ෆොටෝස් ටික select කරලා Recover Selected Photos කියන button එකෙන් recover කරගන්න පුළුවන්.


ඊට පස්සේ DiskDigger මෘදුකාංගය මඟින් ඔයාගේ ෆොටෝස් ටික save කරාවි. කලින් තිබුන වගේම ෆොටෝස් ටික ගන්න පුළුවන්.

0 Comments: