Breaking
Loading...
අන්ධ අයට පෙනීම ලබාදෙන app එකක් !

අන්ධ අයට පෙනීම ලබාදෙන app එකක් !

අන්ධ පුද්ගලයින් කියන්නේ අපේ සමාජයේ සිටින අපේම මිනිසුන් කොට්ඨාශයක්. ඒ අයට එයාලගේ එදිනෙදා වැඩ කරගන්න උදවු කරන එක අපේ යුතුකමක්. ඒ නිසයි මග තොටේදී එහෙම කෙනෙක් දැක්කම අපි උදවු කරන්න දෙපාරක් හිතන්නේ නැත්තේ. නව තාක්ෂණය මඟිනුත් අන්ධ පුද්ගලයින් සඳහා විවිධ නවීන උපකරණ සකස් කර දී තියෙනවා. ඉතින් ලෝකෙටම විශාල සේවාවන් කරන සමාගමක් මේ අන්ධ පුද්ගලයින් සඳහා ඉතා ප්‍රයෝජනවත් app එකක් නිර්මාණය කර තිබෙනවා. මේ සමාගම තමයි අපි කව්රුත් දන්නා හඳුනන Microsoft සමාගම. ඔවුන්ගේ මේ විශිෂ්ඨ නිර්මාණය Seeing AI ලෙසයි නම් කර තියෙන්නේ. මෙය කෘත්‍රීම බුද්ධිය ඇසුරින් සකස් කරන ලද්දක්.


Microsoft සමාගම නිර්මාණය කල මෙම Seeing AI app එක තම Phone එකට යොදා ක්‍රියාත්මක කළවිට camera එක හරහා තම අවට පරිසරයේ සිදුවෙන දේවල් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගන්න අන්ධ පුද්ගලයින්ට හැකියාව ලැබෙනවා.

පහත දක්වා තියෙන්නේ එවැනි විශිෂ්ඨ සේවාවන් කිහිපයකි.

  • කැමරාව ඉදිරිපස පොතක් පත්තරයක් තැබූවිට නිරූපණය වන සියලුම text කොටස් app එක මඟින් කියවනු ලබනවා.
     
  • බාර්කෝඩ් කියවනයක් ලෙස ක්‍රියාත්මක වෙමින් නිෂ්පාදන ඇසුරුම් වල ඇති දේවල් දැනගැනීමේ හැකියාව අන්ධ පුද්ගලයින්ට ලැබෙනවා.
  • තම ඉදිරිපස සිටින පුද්ගලයින් වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. කොටින්ම එම පුද්ගලයින්ගේ මුහුණු වල එම අවස්ථාවේ ඇති ස්වාභාවය (emotional) පවා හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා.
  • අවට පරිසරයේ තිබෙන්නේ මොනවාද යන්න...ගස්වැල් , වාහන, නිවාස ආදිය ගැන පැහැදිලි විස්තරයක් ලබාගැනීමේ හැකියාව තිබෙනවා.
  • තම ළඟ ඇති මුදල් නෝට්ටු කියවීමේ හැකියාව තිබෙනවා.
  • පොතක, කොළයක අත් අකුරින් ලියා ඇති සටහන් කියවීමේ හැකියාව ලැබෙනවා.
ඉතින් මෙන්න මේ වගේ තවත් සේවාවන් රැසක් අන්ධ පුද්ගලයින්ට Seeing AI app එක හරහා ලබාගන්න පුළුවන්. සම්පූර්ණ අන්ධ නොවන පෙනීම අඩු තත්වයක ඇති අයටත් මෙය ඉතා වටිනා app එකක්. දැනට මෙය apple iphone සඳහා පමණක් නිර්මාණය කර ඇති අතර ඉතා නුදුරු කාලයේදී android ෆෝන් සඳහාත් වැඩි දියුණු කිරීමට Microsoft සමාගම බලාපොරොත්තු වෙනවා.




මේ ගැන වැඩි විස්තර සහ app එක ලබාගැනීමට පිවිසෙන්න මේ ලින්ක් එකට >>>


මේ ලිපිය ඔබේ මිතුරන්ටත් බලාගැනීමට share කරන්න අමතක කරන්න එපා.

0 Comments: