Breaking
Loading...
Arduino සිංහලෙන් - I

Arduino සිංහලෙන් - I

විවිධ නිර්මාණ කිරීමට පරිඝනක භාෂා යොදාගැනීම වර්තමානයේ අනිවාර්යෙන්ම සිදුවෙන දෙයක්. මෙවැනි පරිඝනක භාෂා වලට මෑත අතීතයේදී එකතුවුන ගොඩක්ම ජනප්‍රිය වුනු භාෂාවක් තමයි Arduino කියලා කියන්නේ. මේ හරහා පරිපථ පුවරුවක් පරිඝනකයට සම්බන්ධ කර එය වැඩසටහන්කරණය කිරීමෙන් විවිධ තාක්ෂණික උපාංග නිපදවීම පහසුවෙන්ම කරන්න පුළුවන්. මෙම Arduino භාෂාව ගැන ලොව පුරා විවිධ භාෂා වලින් පාඩම් ඇතුලත් කර තිබුනත් සිංහලෙන් නිවැරදිව පාඩම් ඇතුලත් සකස් වී නැහැ. මෙවැනි වාතාවරණයක් තුල ඔබට පහසුවෙන්ම Arduino ගැන දන්නා සිංහලෙන් ඉගෙන ගැනීමට (Arduino in Sinhala) අවස්තාව සලසා දීමයි මෙහි අරමුණ වන්නේ.එසේනම් ඔබත් මෙම වටිනා Arduino in Sinhala පාඩම් නිවැරදිව අධ්‍යනය කර අලුත් අලුත් ව්‍යාපෘති සකස් කිරීමට උත්සාහ කරන්න. මෙම පාඩම් මාලාව අවසානයේ ඔබට අත්හදා බැලීමට සරල හා කුඩා ව්‍යාපෘති කිහිපයක්ද අප විසින් ඇතුලත් කර තිබෙනවා.


arduino යනු දෘඩාංග සහ මෘදුකාංග පහසුවෙන් හැසිරවිය හැකි විවෘත නිදහස් මෙවලමකි.එහි වැඩසටහන්කරණය කල හැකි විද්‍යුත් පුවරුවක් තිබෙන අතර එය microcontroller එකක් ලෙස හඳුන්වයි. එමෙන්ම එහි සූදානම් කර තිබෙන මෘදුකාංගයක් ද ඇති අතර එය Arduino IDE (Integrated Development Environment) ලෙස හඳුන්වයි.

මෙමඟින් විද්‍යුත් පුවරුවට පරිඝනක කේතයක් නිර්මාණය කර ඇතුලත් කිරීමේ හැකියාව තිබේ.

Arduino වල විශේෂතා -

* Arduino පුවරුවලට ඇනලොග් සහ ඩිජිටල් සිග්නල් ලෙස විවිධ සංවේදක වලට ආදාන ලෙස ලබාදී ඒ හරහා මෝටරයක් ක්‍රියාකරවීම, LED බල්බයක් දැල්වීම වැනි දේවල් කල හැකිය.
* පුවරුවේ තිබෙන කොටස් ක්ෂුද්‍ර පාලකයට උපදෙස් ලබාදී පාලනය කල හැකිය.
* වෙනත් වැඩසටහන්කරණ පුවරු මෙන් නොව Arduino පුවරු වලට කේත ඇතුලත් කිරීමට සෘජුවම USB කේබල් එකක් භාවිතා කල හැකිය.

පුවරු වර්ග - යොදාගන්නා ක්ෂුද්‍ර පාලක අනුව Arduino පුවරු විවිධ වර්ගයේ ඒවා ඇත. නමුත් මේ සෑම පුවරුවකම පොදු දෙයක් ඇත. එනම් Arduino IDE එකයි. පුවරු වල විවිධත්වය රදා පවතින සාධක වන්නේ ආදාන,ප්‍රතිදාන,වේගය,වෝල්ටීයතාවය වැනි කරුණුය.


Arduino පුවරුවක්


Arduino පුවරු වර්ග