Breaking
Loading...
අපේ රටේ ඇතිවුණු කලබලත් සමඟ රජය ගත්ත තීරණයක් තමයි facebook,viber,whatsapp වගේ සමාජ ජාල සහ අන්තර්ජාල කෙටි පණිවිඩ සේවා තහනම් කරපු එක. මේක බොහෝ දෙනාගේ විවේචනයට ලක් වුනා මානව හිමිකම් උල්ලංඝනය කරනවා කියලා. කොහොම නමුත් මේ facebook,viber,whatsapp වලට පිවිසීම රජය විසින් block කරත් අපේ රට අය නම් විශේෂ ක්‍රමයකින් මේවා භාවිතා කරන්න පටන් ගත්තා සුපුරුදු විදියටම. මොකක්ද මේ අමුතු අලුත් ක්‍රමය? ඒකට කියන්නේ VPN කියලා..මොකක්ද මේ VPN කියන්නේ?



මේ VPN ක්‍රමය අපේ රටට අලුත් විශේෂ ක්‍රමයක් වුනාට වෙනත් රටවල මේ ක්‍රමය භාවිතා කරනවා ඔවුන්ගේ රට තුල block කරන ලද වෙබ් අඩවි වලට පිවිසීම සඳහා. ගොඩක් වෙලාවට torrent වෙබ් අඩවි වලට පිවිසීමේදී , නීත්‍යානුකූල නොවන දේවල් download කිරීමේදී මෙම VPN ක්‍රමය භාවිතා කරනවා පරිශීලකයින්ගේ ආරක්ෂාවට. මොකද අන්තර්ජාලය හරහා කතෘ හිමිකම් උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස චිත්‍රපටි මෘදුකාංග ආදිය download කිරීම වරදක් නිසා ඒවා කරන අය සොයා අල්ලාගන්න හැකියාව තිබෙනවා.එම හැකියාව ලැබෙන්නේ IP ලිපිනය හරහායි. ඉතින් තමන් අන්තර්ජාලයට පිවිසෙන නියම IP ලිපිනය Hide (සඟවා) කර වෙනත් ලිපිනයකින් යාමයි මේ සිද්ධ කරන්නේ.

ඉතින් අපේ කට්ටිය මේ දවස් වල facebook,viber,whatsapp වලට පිවිසෙන්න භාවිතා කරන්නෙත් මේ විදියට තමන්ගේ IP ලිපිනය වෙනස් කර වෙනත් රටක IP ලිපිනයකින් යාමයි. ශ්‍රී ලංකාව තුල සිදු වුන ප්‍රශ්නත් සමඟ facebook,viber,whatsapp තහනම් කරේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සම්පාදකයින් (Internet Service Providers) හරහා අදාළ වෙබ් අඩවි වලට පිවිසීම වැලැක්වීමයි. එහිදී ISP සමාගම් ඔවුන්ගේ IP ලිපින වලින් මෙම වෙබ් අඩවි වලට යාම තහනම් කර තිබෙනවා. ඉතින් අපි මේ අපි VPN භාවිතා කර සිදු කරන්නේ අපේ රට IP ලිපින වෙනස් කර වෙනත් රටක Server එකක් හරහා යාමයි.

මොකක්ද මේ VPN කියන්නේ? මෙහි අර්ථය Virtual Private Network යන්නයි. මේ ක්‍රමය අද ඊයේ ආරම්භ වුන දෙයක් නෙවෙයි.ගොඩක් කල් ඉදන් භාවිතා වන ක්‍රමයක්. පුද්ගලික සහ පොදු ජාල භාවිතා කරනවිට මෙම VPN තාක්ෂණය අපිට භාවිතා කරන්න පුළුවන් අන්තර්ජාලයට පිවිසීමට. එනම් ඔබට අන්තර්ජාලයට පිවිසීමට ආරක්‍ෂිත උමගක් (Secured Tunnel) ලෙස VPN හැඳින්විය හැකිය.

ඔබ පොදු WiFi කලාපයකින් අන්තර්ජාල පහසුකම් ලබාගන්නවා නම් ගොඩක් ප්‍රවේසම් විය යුතුයි. මොකද පොදු WiFi වලින් බොහෝවිට hack කිරීම් සිදුකල හැකි නිසා. එවිට ඔබේ username,password සහ credit card අංක වගේ සංවේදී දත්ත පහසුවෙන් වෙනත් කෙනෙකුගේ අතට යන්න පුළුවන්. එසේ වීම වැලක්වීමට ඔබට VPN ක්‍රමය යොදාගන්න පුළුවන්.


එමෙන්ම අපි කලින් කිව්වා වගේම torrent වගේ වෙබ් අඩවි වලින් චිත්‍රපටි සහ මෘදුකාංග download කිරීමේදී මෙම VPN භාවිතා කරන්න පුළුවන්. මොකද එවැනි භාගතකිරීමක් නීති විරෝධී නම් ඔබව IP ලිපිනය හරහා අල්ලාගන්න පුළුවන් නිසා.

VPN වල ආරක්‍ෂිත ක්‍රම අනුව ප්‍රධාන කාණ්ඩ තුනක් ගැන සඳහන් කරන්න පුළුවන්.

  1. PPTP - මෙය ඉතාම පැරණි ක්‍රමය වන අතර Windows 95 මෙහෙයුම් පද්ධති වල සිට ඕනෑම මෙහෙයුම් පද්ධතියක ඇති කරන්න පුළුවන් VPN තාක්ෂණයයි.
  2. L2TP - දැනට පවතින ඉතාම ආරක්‍ෂිත ක්‍රමය වන්නේ මෙයයි.
  3. Open VPN - Open Source ක්‍රමවේද භාවිතා කරමින් ක්‍රියාත්මක වන තාක්ෂණය ලෙස මෙය හැඳින්වේ.
VPN භාවිතයෙන් ඔබට ලබාගත හැකි වාසි -

* ඔබගේ අනන්‍යතාවය සහ පුද්ගලිකත්වය ඉතා හොඳින් ආරක්ෂා කරගත හැකිය.එවිට ඔබගේ ISP ටත් නොදැනීම ඕනෑම වෙබ් අඩවියකට ඕනෑම අවස්තාවක සම්බන්ධ විය හැකිය.
* ඔබගේ ආරක්ෂාව උපරිමය. ඔබට ඔබගේ සංවේදී දත්ත ඕනෑම වෙබ් අඩවියකට බයක් සැකක් නැතුව ලබාදිය හැකිය. එම දත්ත වෙනත් කෙනෙකුට සොරකම් කිරීමේ හැකියාවක් නැත.
* ඔබට අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියකට පිවිසිය හැකිය.
* ඔබ අන්තර්ජාලයේ සොයන දේවල් පිළිබඳව සෙවුම් යන්ත්‍ර වලින් වසන් කල හැකිය.එවිට ඔබට කරදරකාරී සහ වංචාකාරී වෙළඳ දැන්වීම් වලින් තොරව පහසුවෙන් අන්තර්ජාලය පරිහරණය කල හැකිය.
* රටේ ආණ්ඩුවට හෝ අන්තර්ජාල සේවා සම්පාදකයාට ඔබව නීතියේ රැහැනට කොටු කරගත නොහැකිය.


VPN සේවා ලබාදෙන සමාගම් රැසක් ඉන්නවා. ඔවුන් සතුව ලොව පුරා විහිදී පැතිරුණු server රැසක් ඇති නිසා ඔබට අවශ්‍ය මොහොතක විවිධ server හරහා ඔබගේ IP ලිපින ස්වයංක්‍රීයව වෙනස් කරමින් අන්තර්ජාලය භාවිතා කරන්න පුළුවන්. ඔබට අවශ්‍ය වන්නේ කැමති VPN සේවාවක් තෝරාගෙන ගිණුමක් නිර්මාණය කිරීමයි. දුරකථන හරහා සිදුකරන්නේ නම් ඔබට ඔවුන්ගේ app එක ලබාගන්න පුළුවන්.පසුව මාසිකව හෝ අවුරුදු පතා ඔවුන්ට ඉතා සුළු ගෙවීමක් කර ඔබට අවශ්‍ය සේවාවන් තෝරාගෙන VPN භාවිතා කල හැකිය.

VPN Service Providers -



1. ExpressVPN

2. TunnelBear

3. hide.me

4. Betternet

5. Windscribe

6. GooseVPN

7. ProtonVPN


0 Comments: