
Network topology is the arrangement of the various elements (links, nodes, etc.) of a computer network.
ජාලකරණ කිරීමේදී ජාලයට සම්බන්ධ වන විවිධ අංග උපාංග සහ කොටස් කෙසේ සම්බන්ධ කරනවාද යන්න Network topologies වලදී සිදු කරනු ලැබේ. මෙහිදී භෞතිකමය වශයෙන් මෙන්ම න්‍යානුකූලව ජාලය කෙසේ සකස් විය යුතුද යන්න පිළිබඳව සලකා බලනු ලැබේ.
සාමාන්‍ය පෙළ ict විෂය යටතේද, උසස් පෙළ ict විෂය නිර්දේශය සහ උසස් අධ්‍යාපන කටයුතු වලදීද ජාලකරණ සම්බන්ධ පාඩම් වලදීද මෙම Network topologies ගැන විශේෂයෙන්ම කතා කරනු ලැබේ.
ජාලකරණය කිරීමේදී ප්‍රධාන වශයෙන් භාවිතා කරන ක්‍රම කිහිපයක් ඇත.
♦️ Bus Topology
♦️ Star Topology
♦️ Ring Topology
♦️ Mesh Topology
♦️ Tree Topology
♦️ Hybrid Topology

Bus Topology
ජාලයට සම්බන්ධ වන කොටස් (nodes) බසයක හැඩයට එක් දිගට තනි cable එකකින් සම්බන්ධ කිරීම මෙම ක්‍රමයේදී සිදු කරයි. එහිදී තනි cable එකකට සියලුම පරිඝනක, මුද්‍රණ යන්ත්‍ර, මොඩෙම්, server ආදී දෘඩාංග සවි කරනු ලබයි.මෙම ක්‍රමය Network topologies වල ඇති ජනප්‍රියම සහ පහසුම ක්‍රමය වේ.

✔ වාසි -
ලාබදායී ක්‍රමයකි. භාවිතය සහ නඩත්තු කිරීම පහසුය. තනි cable එකක් පමණක් අවශ්‍ය වන නිසා වියදම අඩුය.
✔ අවාසි -
cable දිග අඩු නිසා සම්බන්ධ කල හැකි උපකරණ ප්‍රමාණය සීමිත වේ.
Ring Topology
ජාලයට සම්බන්ධ වන කොටස් (nodes) වළල්ලක් හෙවත් ring එකක් ආකාරයට සවි කිරීම මෙම ක්‍රමයේදී සිදුවේ. එවිට ජාලයට සම්බන්ධ වන සෑම කොටසකටම දෙපසින් තවත් කොටස් දෙකක් සම්බන්ධ වන ආකාරයට මෙහිදී දත්ත සන්නිවේදනය/හුවමාරු වීම සිදුවේ. එමෙන්ම මෙම ක්‍රමයේදී දත්ත සහ තොරතුරු සම්ප්‍රේෂණය වන්නේ එක් පසකටය.

✔ වාසි -
ලාබදායී ක්‍රමයකි. භාවිතය සහ නඩත්තු කිරීම පහසුය. විශාල ප්‍රමාණයේ දත්ත සම්ප්‍රේෂණය අපහසුවකින් තොරව කල හැකිය.
✔ අවාසි -
ජාලයට සම්බන්ධ එක් කොටසක් (node) හෝ කිසියම් හානියකට පත්වුවහොත් සම්පූර්ණ ජාලයම කඩා බිඳවැටේ.
Star Topology
ජාලයට සම්බන්ධ කරන උපකරණ සියල්ලම තනි ප්‍රධාන මධ්‍යම උපකරණයකින් පාලනය වන ලෙස තරුවක හැඩයක් ලැබෙන ලෙස සකස් කිරීම මෙම ක්‍රමයේදී සිදුකෙරේ.

මෙම තනි ප්‍රධාන මධ්‍යම උපකරණය ලෙස hub එකක් හෝ switch එකක් හෝ යොදා ගනී. මෙම hub/switch මඟින් ජාලයට සම්බන්ධ සියලුම nodes වලින් දත්ත ලබාගෙන අනිත් nodes වලට බෙදා හරිනු ලබයි. ජාලයේ සියලුම කටයුතු පාලනය කරන්නේ මෙම මධ්‍යම කොටසෙනි. ප්‍රධාන මධ්‍යම පාලකයකින් ජාලය පාලනය කරන නිසා ජාලයේ වැරදි සිදුවීම සහ බිඳවැටීම සිදුවීම අවම වේ.
✔ වාසි - භාවිතය සහ නඩත්තු කිරීම පහසුය. වැරදි සිදුවීම සහ බිඳවැටීම් සිදුවීම අවම වේ. ජාලයට සම්බන්ධ කොටස් පහසුවෙන් ඉවත් කිරීම කල හැකිය.
✔ අවාසි - වැඩිපුර cables භාවිතා කිරීමට සිදුවන නිසා වියදම වැඩිය. ප්‍රධාන මධ්‍යම පාලකයේ කිසියම් දෝෂයක් ඇති වුනොත් සම්පූර්ණ ජාලයම බිඳ වැටේ.
Tree Topology
ජාලයට සම්බන්ධ කොටස් ගසක ආකාරයට සම්බන්ධ වී තිබේ නම් එය Tree Topology එකක් ලෙස හැඳින්වේ. මෙහිදී බොහෝවිට සිදුවන්නේ තරු ආකාරයේ ජාල 2ක් හෝ ඊට වැඩි ගණනක් කිසයම් අනුක්‍රමනයකට ශාඛා ලෙස සකස් වී තිබීමයි. මෙම ආකාරයට ජාලගත කිරීම නිසා ජාලයේ ඇති කොටස් වල වැරදි අඩු පාඩු සිදුවීම අනිත් කොටස් වලට බලපෑමක් එල්ල නොකරනු ලබයි.

✔ වාසි - කොටස් වෙන් වෙන් වශයෙන් සවි කල හැකි නිසා පහසුවෙන් ඉවත් කිරීමට, සවි කිරීමට හැකිය. එක් කොටසක සිදුවන බලපෑමක් මුළු ජාලයටම හානි ඇති නොකරයි.
✔ අවාසි - ජාලය සංකීරණ වේ. නඩත්තුව සහ ස්ථාපිත කිරීම පහසු නොවේ. වැඩිපුර cables අවශ්‍ය වන නිසා වියදම වැඩිය.
Mesh Topology
මෙහිදී ජාලයේ සෑම කොටසක්ම (node) අනිත් සෑම කොටසක් සමඟම සම්බන්ධ වී පවතී. එම නිසා සම්බන්ධිත nodes ප්‍රමාණය වැඩිවන විට ජාලය සංකීරණ එකක් වේ. මෙවැනි ජාලවලදී දත්ත සම්ප්‍රේෂණය ඕනෑම දිශාවකට සිදුවිය හැකිය.

✔ වාසි - දත්ත සම්ප්‍රේෂණයට විවිධ මාර්ග තිබෙන නිසා ජාලය තුල කාර්යබහුලත්වය අඩුය. එක් මාර්ගයක් අවහිර නම් වෙනත් මාර්ගයකින් දත්ත වලට ගලා යා හැකිය.
✔ අවාසි - මෙවැනි ජාලයක් සංකීර්ණ එකක් නිසා ස්ථාපනය කිරීම සහ නඩත්තුව අසීරුවේ. මිල අධික වේ. වැඩිපුර cables අවශ්‍ය වේ.
Hybrid Topology
ඉහත කතා කරන ලද ඕනෑම ජාල දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකිනෙක සම්බන්ධ කිරීම ක්‍රමවේදය මෙලෙස හඳුන්වයි. මෙහිදී ජාල උපකරණ කොටස් එකිනෙක සම්බන්ධ ගත කරනවාට වඩා කරනු ලබන්නේ ජාල වර්ග එකිනෙක සම්බන්ධ කිරීමයි. මෙවනි ජාල ඉතා සංකීර්ණ ඒවාය.

✔ වාසි - ඉතා නම්‍යශීලී තාත්වික ජාල විශේෂයකි. එක් කොටසක සිදුවන ගැටළුවක් අනිත් කොටස් වලට බලපෑමක් එල්ල නොකරයි.
✔ අවාසි - ස්ථාපනය කිරීම, භාවිතය සහ නඩත්තු කිරීම අපහසුය. ඉතා මිල අධික ක්‍රමයකි.