HTML element (HTML මූලිකාංග)



HTML elements කියලා කියන්නේ විවෘත/ආරම්භක කොටස සහ සංවෘත <> දෙකකින් වෙන් කරනු ලබන කොටස් වලටයි. සෑම විවෘත <> එකකටම සංවෘත <> එකක් තිබීම HTML elements වල ප්‍රධාන ලක්ෂණයයි. පහතින් දැක්වෙන්නේ එවැනි HTML elements සහ ඒවායෙන් සිදුවෙන කාර්යයි.

<p> This is paragraph content. </p>
<h1> This is heading content. </h1>
<div> This is division content. </div>

ඒ වගේම තවත් HTML elements වර්ගයක් තිබෙනවා ඒවාට විවෘත කොටස/ආරම්භක කොටස<> පමණයි තියෙන්නේ. </> ලෙස සංවෘත කරන අවසාන කොටසක් නැත. එහෙම නැති උනා කියලා ප්‍රශ්නයකුත් නැහැ. මේවාට විශේෂ නමක් කියනවා void(ශූන්‍ය) elements කියලා.

පහතින් දැක්වෙන්නේ එහෙම void elements වලට උදාහරණ කිහිපයක්.

area, base, br, col, hr, img,input, link, meta, param

HTML Tag vs. Element (HTML Tag සහ Element අතර වෙනස)

HTML Tag එකක් කියන්නේ තනි <> හෝ </> එකකට. HTML Element එකක් කියන්නේ ආරම්භයක් සහ අවසානයක් තිබෙන <> .... </> ආකාරයේ එකතුවකට. මේ නිසා tags සහ elements අතර වෙනස වරද්දගන්න එපා. උදාහරණයක් විදියට html වලට වාක්‍යක් ඇතුලත් කිරීමේදී <p> ආරම්භකය ලෙසත් </p> අවසානය ලෙසත් යොදාගන්නවා.

<p>This is paragraph</p> (<p> මෙය වාක්‍යයකි </p>) ඒ නිසා අපි මේකට paragraph element එක කියලා කියනවා.

Nested HTML Elements

එක html element එකක් තුල තවත් elements එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇතුලත් කිරීම Nested (කූඩු කරනවා) HTML Elements ලෙස හඳුන්වනවා.

<html>
<head>
<title>Nested Elem Example</title>
</head>
<body>
<h1>This is <i>italic</i> heading</h1>
<p>This is <u>underlined</u> paragraph</p>
</body>
</html>


ඉහත උදාහරණයේ <h1>....</h1> elements තුල <i>...</i> ලෙස වෙනත් elements සඳහන් කර තිබෙනවා.


Related Articles

  • English Tutorials2016-07-298 Benefits of Free Website Building Tools The internet is becoming a bigger. It’s an important platform used to access an… Read More
  • A/L ICT2016-07-28Information Technology & the Workplace තොරතුරු තාක්ෂණය සහ වැඩකරන ස්ථානය විද්‍යුත් මාධ්‍යයෙන් තොරතුරු සැකසීම, ගබඩා කිර… Read More
  • A/L ICT2016-07-27Basic of Database Management දත්ත සමුදායක් යනු කුමක් ද ? (What is the Database) දත්ත සමුදායක් යනු “තාර… Read More
  • A/L ICT2016-07-20Web Development - Part VI 7. Website Publicity විවිධ ප්‍රචාරණ ක්‍රම භාවිතා කර වෙබ් අඩවිය ප්‍රේක්ෂකයින් ව… Read More
  • English Tutorials2016-07-298 Tips to Help You Find a Reliable Web Hosting Service Making a decision concerning the platform on which to run your website is like … Read More
  • A/L ICT2016-07-27Types of Servers සේවාදායක පරිඝනක වර්ග වෙනත් පරිඝනක වල ඉල්ලීම් වලට අනුව අවශ්‍ය දත්ත සහ තොරතුරු ස… Read More