Breaking
Loading...
පරිඝනක සහ පරිඝනක ජාල වලට සිදුවිය හැකි අනතුරු II

පරිඝනක සහ පරිඝනක ජාල වලට සිදුවිය හැකි අනතුරු II

Worms -

මෙයද තමන්ගේ අනුරූ (copies) නිපදවීම කරනවා. එමෙන්ම මෙයට තනිවම එහා මෙහා ගමන් කරන්න පුළුවන්,හරියට නමේ හැටියටම පණුවෙක් වගේ. ගොඩක් වෙලාවට worms මඟින් හානි වෙන්නේ ජාල (network) වලට. කොටින්ම සම්පූර්ණ ජාලයක පාලනය තමන් අතට ගැනීමට සහ පාලනය කිරීමට විනාශ කිරීමට උනත් මේ worm එකකට හැකියාව තිබෙනවා.


Trojan Horses -

Trojan Horse යනු host වැඩසටහනක් තුල ගබඩා වී තිබිය හැකි හානිදායක කේතයකටයි. ඉතින් මෙම host වැඩසටහන කෙනෙක් ක්‍රියාත්මක කළවිට මේ Trojan Horse එකත් වැඩ කරන්න පටන් ගන්නවා.
මෙයට අලුතෙන් copies නිර්මාණය කිරීම හැකියාව නැහැ. virus සහ worms දෙකත් එක්ක මෙහි තිබෙන ප්‍රධාන වෙනස මෙයයි.

Zombie - 

මෙයත් හානිදායක වැඩසටහනක්. මෙමඟින් කරන්නේ ජාලගත කර ඇති පරිඝණකයක පාලනය තමන් අතට ගැනීමයි. මෙයට කියන තවත් නමක් තමයි DDoS. ඒ කියන්නේ Distributed Denial of Service කියන එකයි. මෙහිදී සිදුවන්නේ ජාලයට ඇතුළු වෙන මෙය ජාලයේ පරිඝණකයක පාලනය තමන් අතට ගැනීමයි.
ඉන්පසුව එය නැවත ජාලය තුල ප්‍රයෝජනයට ගත නොහැකි ලෙස තව දුරටත් එම සම්පත් නැතිවී යනවා. එමෙන්ම එම ප්‍රහාරය මඟින් තමන්ට අවශ්‍ය දත්ත සහ තොරතුරු ලබාගැනීම මෙම  හානිකර මෘදුකාංගය ස්ථාපනය කල පුද්ගලයා විසින් සිදුකරනවා.මෙවැනි මෘදුකාංගයකට ජාලයක තදබදය (network traffic) එක වැඩි කරලා ජාලය මුළුමනින්ම බිඳදමන්න වුනත් හැකියාව තිබෙනවා.

Adware -

මෙය තවත් එක්තරා විදියක කරදරකාරී ක්‍රමයක්. ඔබගේ දැනුවත් කමකින් තොරව මෙම මෘදුකාංගය ස්ථාපනය වීමෙන් ස්වයංක්‍රීයව විවිධ වෙළඳ දැන්වීම් ප්‍රචාරණ වීම මෙහිදී සිදුවෙනවා. බොහෝ දෙනා මෙම අත්දැකීමට නම් මුහුණ දී ඇති. බොහෝවිට මෙවැනි මෘදුකාංග බලපෑම් එල්ල කරන්නේ වෙබ් browser එකටයි. එවිට අපි එම වෙබ් browser එක හරහා අන්තර්ජාලයට පිවිසුණු විගස විවිධ දැන්වීම අපිට window එකේ දර්ශනය වනවා. popup ads කියල අපි මේවාට කියනු ලබනවා.


Bug - 

අපගේ පරිඝනක වල ස්ථාපනය කරඇති මෘදුකාංග වලට හානිකරන ක්‍රමයක් ලෙස මෙය සැලකිය හැකිය. පරිඝනක වැඩසටහන් නිවැරදිව ක්‍රියාත්මක නොවීම, ඒවායේ විවිධ වෙනස්කම් සිදුකරවීම, විවිධ වැරදි පණිවිඩ (error messages) ලැබීම ආදිය මේ නිසා සිදුවිය හැකිය. එමෙන්ම ආරක්ෂාවට තර්ජනයක් වන bugs ද තිබිය හැකිය. ඒවා නිසා භාවිතා කරන්නන් ගේ පුද්ගලික තොරතුරු, username,password ආදිය සොරාගැනීම හැකියාව ඇත.


Spam - 

මෙය පරිඝනකයට හෝ ජාලයකට හානිදායක විය හැකි සෘජු ක්‍රමයක් නොවේ. නමුත් එවැනි හානිදායක අවස්ථාවක ආරම්භය ලෙස මෙය සැලකිය හැකිය. එනම් spam හරහා විවිධ හානිදායක මෘදුකාංග  ප්‍රචාරණය වීම සිදුවිය හැකිය.spam යනු ඉලෙක්ට්‍රොනික වශයෙන් විශාල නොවැදගත් email පණිවිඩ ලැබීමයි. spam කියන්නේ email වල ගොඩක්ම පොදුවේ සිදුවන දෙයක් ලෙස සැලකෙනවා. නමුත් වර්තමානය වනවිට email වලට අමතරව මෙම spam ක්‍රමය තම පුද්ගලික අරමුණු සඳහා spammers විසින් ක්ෂණික පණිවිඩ (instant messages), දුරකථන පණිවිඩ යැවීම (texting),blogs හරහා සහ විවිධ සමාජ ජාල හරහාද spam සිදුවෙනවා.
මෙය සිදුවන්නේ බොහෝවිට අපි විවිධ වෙබ් අඩවි වල අපගේ විස්තර ඇතුලත් කර ගිණුම් සාදන විට එම සමහර සමාගම් අපගේ විස්තර විවිධ වෙළඳ ප්‍රචාරණ සමාගම් වලට විකුණනු ලබනවා. අපි අදාළ ගිණුම් නිර්මාණය කරන විට ඔවුන්ගේ license agreement වලට එකඟ වන නිසා අපිට ඒවාට එරෙහි වෙන්නත් බැහැ. ඉතින් එම වෙළඳ ප්‍රචාරණ සමාගම් විවිධ දේවල් සම්බන්ධව අපිට දිනපතා emails තොග පිටින් එවනවා. මේවා හානිදායක කරදරකාරී emails කියලා අදාළ email ගිණුම් සමාගම තේරුම් ගෙන ඒවා සාමාන්‍යය emails වලින් filter (පිරිපහදු කර) කර spams වෙනම එවනවා. ඔබ දැක ඇති email ගිණුම් වල spam කියලා folder එකක් වෙනම තිබෙනවා.මෙය තිබෙන්නේ අන්න එවැනි spams ලබාගැනීම සඳහායි. ඉතින් මෙම spam ලෙස එන email වල ඇති දේවල් වලට යද්දී,ඒවා බලද්දී පරිස්සම් වෙන්න !
ඔබ දන්නේ නැතිවම විවිධ හානිදායක අවස්ථා ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක විය හැකිය.


මෙන්න මෙවැනි විවිධ හානිදායක මෘදුකාංග අන්තර්ජාලය හරහා සංසරණය වෙනවා. කොයි මොහොතක හෝ අපගේ අතින් සිදුවන කුඩා අඩුපාඩුවක්,වැරද්දක් නිසා මෙවැනි හානිදායක මෘදුකාංග ස්ථාපනය විය හැකිය. මේවායින් ආරක්ෂා වීමට

✔ හොඳ,නිතර යාවත්කාලීන කරන (update)anti-virus මෘදුකාංගයක් භාවිතා කරන්න.
✔ එමෙන්ම අන්තර්ජාලය භාවිතා කරනවිට පරිස්සම් වෙන්න.
✔ නොදන්නා අය සමඟ සම්බන්ධකම් පැවැත්වීම අඩු කරන්න හෝ පරිස්සම් වෙන්න.
✔ මෘදුකාංග ස්ථාපනය කිරීමේදී සැලකිලිමත් වෙන්න.
✔ අන්තර්ජාලය හරහා ගනුදෙනු කරනවිට එම වෙබ් අඩවි වල domain නාමය ඉදිරියේ https තිබේද,ඒවා ගැන පරීක්ෂා කර විශ්ලේෂණ (reviews) කියවා බලන්න.

මෙවැනි ආරක්ෂාකාරී ක්‍රම අනුගමනය කලොත් ඔබට හානිදායක මෘදුකාංග වලින් ආරක්ෂා විය හැක.