
දැන් ඔබ පාඨමාලව කර අවසන් වී විභාගයට ද මුහුණදී අවසන් නම් ඔබට තියෙන්නේ ඔබට අදාළ සහතිකපත හෝ ඩිප්ලෝමා සහතිකය ලබාගැනීමයි. ALISON වෙබ් අඩවිය තම ආදායම් මාර්ගය කරගෙන ඇත්තේ මෙම සහතිකපත් සහ ඩිප්ලෝමා සහතික සඳහා මුදල් අය කරගැනීමෙනුයි. ඇත්තෙන්ම ඩිප්ලෝමා එකක් සඳහා අපි ලංකාවේ වැය කරන මුදල සමඟ බැලූවිට මෙහි නොමිලේ පාඨමාලා කර ඩිප්ලෝමා සහතිකයට පමණක් ගෙවීමට සිදුවන මුදල ඉතා සාධාරණයි.
ALISON මඟින් සහතිකපත්‍ර ලබාගත හැකි ක්‍රම තුනක් තියෙනවා.
1. Digital Certificate - මෙය ඔබට PDF එකක් ලෙස ඔබගේ ඊමේල් එකට ලබාගත හැකිය.
පහතින් දැක්වෙන්නේ සහතික ලබාගැනීම සඳහා ඔබට වියදම් වන මුදලයි.

ඔබට සහතිකපතක් යුරෝ 4 කට, ඒ කියන්නේ රුපියල් වලින් නම් 750 කට වගේ ගන්න පුළුවන්. ඩිප්ලෝමා එකක් යුරෝ 39 කට, ඒ කියන්නේ රුපියල් වලින් නම් 7500 කට වගේ ගන්න පුළුවන්.
ජාත්‍යන්තරව පිළිගත් ආයතන වලින් ලබාදෙන, ඕනෑම කාලයක් අරගෙන නිවසේ සිටම ඕනෑම මොහොතක ඉගෙනගෙන මෙම ගණනට ඩිප්ලෝමා එකක් ගන්න පුළුවන් නම් ඒක ඉතාමත් වාසිදායක දෙයක්.
මේ ආකාරයට සහතිකපත්‍ර ලබාගත් ලොවපුරා සිටින අය තමයි මේ ඉන්නේ.
මේ ආකාරයට සහතිකපත්‍ර ලබාගත් ලොවපුරා සිටින අය තමයි මේ ඉන්නේ.

ඔබට මෙම සහතික සඳහා මුදල් ගෙවීමට පහත ක්‍රම භාවිතා කරන්න පුළුවන්.
Credit / Debit කාර්ඩ් වලින්, Paypal , Westorn Union සහ Bank Transfer හරහා ගෙවීම් කරන්න පුළුවන්.
අපි ඔබට මුලින්ම කිව්වා ඩිප්ලෝමා නොමිලේ ලබාගන්න පුළුවන් කියලා. දැන් ඔබ බලනවා ඇති මෙහෙම මුදල් ගෙවීමට සිදුවෙනවා නම් කොහොමද නොමිලේ ලබාගන්නේ කියලා.. දැන් අපි කියන්නම් ඊළඟට ඔබට පහසුවෙන්ම සහ නොමිලේම කරන්න පුළුවන් මෙහි තිබෙන පාඨමාලාව ගැනයි , ඩිප්ලෝමා එකක් නොමිලේ ගන්න විදිය ගැනයි.