Breaking
Loading...

Types of HTML Links ( විවිධ links වර්ග )

1. Download Links - 

ගොඩක් වෙලාවට ඔබ අන්තර්ජාලයෙන් විවිධ ආකාරයේ files බාගතකරගෙන ඇතිනේ. එහිදී අපි යොදාගන්නෙත් links තමයි. එහෙනම් දන් අපි බලමු කොහොමද මේ download links නිර්මාණය කරන්නේ කියලා. එය හරිම ලේසියි. අපි එහිදී link එක විදියට දෙන්න ඕන බාගත කිරීමට තිබෙන file එක,එහෙමත් නැත්තන් ඒ සම්පත්(resources) තිබෙන ස්ථානයයි.

<html>
<head>
<title>Download Link Example</title>
</head>
<a href="http://www.dailyict.com/page.pdf">Download PDF File</a>
</body>
</html>

2. HTML email link - 

මෙයත් links වල විශේෂ අවස්තාවක්. නමුත් මෙහි කිසියම් ආකාරයේ අවදානමක් තිබෙනවා. මොකද ඔබ ඔබේ වෙබ් පිටුව තුල සාමාන්‍යය html භාවිතා කර email link එකක් යෙදුවහොත් එය තුන්වෙනි පාර්ශවයන්ට බලාගෙන ඔවුන්ගේ විවිධ අනවශ්‍ය ව්‍යාපාර කටයුතු වලට යොදාගන්න පුළුවන්. අපි අර emails වල spam කියලා කියන්නේ.අන්න එහෙම spam emails අපිට ගොඩක් ඇවිත් කරදර වෙන්න පුළුවනි.

ඉතින් මේ නිසා PHP වගේ වෙනත් භාෂා භාවිතා කරලා දත්ත එකතු කිරීමට ආරක්ෂාකාරී web forms නිර්මාණය කරන්න පුළුවන්. නමුත් අපි මූලික html කොටස් ඉගෙන ගන්න අවශ්‍ය නිසා email tag එක ගැන කතා කරමු. මේ සඳහා අපි mailto කියන එක භාවිතා කරනවා.

<a href= "mailto:abc@example.com ">Send Email</a>

ඉතින් කිසියම් කෙනෙක් මේ link එක මත click කල විට අපගේ පරිඝනකයේ ස්ථාපනය කර තිබෙන ඕනෑම email මෘදුකාංගයකින් email එකක් යැවීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වෙනවා. බොහෝ විට Windows පරිඝනක වල නම් ඔබ Office මෘදුකාංගය ස්ථාපනය කර තිබේනම් Outlook Expresse හරහා එය විවෘත වෙනවා. නමුත් ඔබේ පරිඝනකයේ කිසිම email සම්බන්ධ මෘදුකාංගයක් නැතිනම් මෙය වැඩ කරන්නෙත් නැහැ.

3. Image Hyperlinks -

අපිට links නිර්මාණය කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි කිසියම් රූපයකට link එකක් ආරූඨ කිරීම. ඒ කියන්නේ image එකක් මත click කළවිට කිසියම් වෙබ් පිටුවකට යාමට හෝ file එකක් download කිරීමේ හැකියාව ලබාදීම.
ගොඩක් වෙලාවට download button එක සඳහා වෙබ් පිටුවල තිබෙන්නේ සාමාන්‍යය රූපයක්.එයට අදාළ file එකේ link එක ලබාදී එය download අවස්ථාවට පත්කර තිබෙනවා.

<html>
<head>
<title>Image Hyperlink Example</title>
</head>
<body>
<p>Click following link</p>
<a href="http://www.dailyict.com " target="_self">
<img src="/images/logo.png" alt="Daily ICT" border="0"/>
</a>
</body>
</html>

ඉහත උදාහරණයේ alt යන්නෙන් අදහස් වන්නේ alternative යන්නයි එනම් විකල්ප කියන අදහසයි. මෙය යොදන්නේ සමහර අවස්ථාවල වෙබ් පිටුව නිවැරදිව load නොවී එහි තිබෙන රූප ආදිය නොපෙනී යන්න පුළුවන්. එවිට ඒ වෙනුවට text එකක් ලෙස අදාළ link එක නිරූපණය කිරීමට තමයි alt tag එක භාවිතා කරන්නේ.