මොනවද මේ HTML Tags කියන්නේ.. වෙබ් පිටුවේ අන්තර්ගත වෙන්න ඕන දේවල් අඩංගු වෙන්නේ මේ HTML Tags ඇතුළතයි. HTML Tag එකක් යනු angle braces හෙවත් කොණ වරහන් වලින් <> වටවූ කිසියම් text කොටසක් ඇතුලත් නමකි. මේ සෑම tag එකක්ම විවෘත සහ ඊටම අදාළ සංවෘත කරන ලද  tag එකක් ලෙස භාවිතා කරන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ වගේ. <html> සහ </html>. විවෘත එක <html> වන අතර සංවෘත එක </html> ලෙස නිරූපණය කරනවා. පහතින් දැක්වෙන්නේ html වල මූලික වශයෙන් භාවිතා කරන tags කිහිපයක්.



<!DOCTYPE...> මේක html වලදී අවශ්‍යම එකක් නෙවේ. නමුත් සම්මතයක් විදියට හොඳ පුරුද්දක් විදියට මේක යොදනවා. අපි සාමාන්‍යයෙන් මේක නැතුව type කරමු. එහෙම කරාට ප්‍රශ්නයක් නැහැ. අදාළ HTML document එක අදාළ වන version එක  හෙවත් සංස්කරණය තමයි මේකෙන් ඉදිරිපත් කරන්නේ.

<html> නිර්මාණය කරනු ලබන්නේ html document එකක්,එහෙමත් නැත්තන් වෙබ් පිටුවක් කියන එක පරිඝනක භාෂාවට තේරුම් කරන්න තමයි <html> යොදාගන්නේ. ඒ වගේම වෙබ් පිටුව නිර්මාණය කරද්දී සියලුම code කොටස් ලියන්නේ මෙන්න මේ <html> ......... </html> කොටස තුලයි. මින් පිටත කිසිම code එකක් ලිව්වට වැඩක් නැහැ වැඩ කරන්නේ නැහැ.

<head> මේ tags තුල තමයි <title> කියන tag එක ලියන්නේ. head එක කියන්නේ හරියට අපේ head එක,ඔලුව වගේ ඉහල කොටස කියන එකයි.

<title> මේකෙන් කියවෙන්නේ අදාළ html document එකේ මාතෘකාවයි. උදාහරණයක් විදියට අපි web browser එකක් මඟින් වෙබ් අඩවියකට යනවිට browser ටැබ් එකේ ඉහළින් අදාළ වෙබ් අඩවියේ හෝ වෙබ් පිටුවේ නම, නැතිනම් මාතෘකාව පෙන්නනවනේ. අන්න ඒකට තමයි title එක කියලා කියන්නේ.

<body> html document එකක අඩංගු වන අනිත් සියලුම tags සඳහන් කරලා code කොටස් ලියන්නේ මෙන්න මේ <body> ..... </body> කොටස ඇතුළතයි.
උදා :- <h1>, <h6> ,<div>, <p>, <table>

පහත පෙන්නුම් කරන්නේ මූලික වෙබ් පිටුවක html යොදාගන්නා ආකාරයයි.

<html>
<head>
<title> Document header related tags </title>
</head>
<body>
Document body related tags
</body>
</html>