Breaking
Loading...
ලැප්ටොප් එකක් ගන්න කලින් මේ ගැනත් හිතන්න

ලැප්ටොප් එකක් ගන්න කලින් මේ ගැනත් හිතන්න

ගෙදරට හරි ව්‍යාපාරික ස්ථානයට හරි ලැප්ටොප් පරිඝනකයක් ගන්න ඕන උනාම ගොඩක් අය පොඩ්ඩක් විතර ව්‍යාකූල වෙනවා මොන විදියේ,මොන වගේ ලැප්ටොප් එකක්ද මිළදී ගන්න ඕන කියලා. ඇත්තටම ඒක සාධාරණයි. මොකද අපි මිළදී ගන්න යන්නේ නිකන්ම නිකන් බඩුවක් නෙවෙයි. ලොකු මිලක් ගෙවලා කල් පවතින, හොඳට වැඩ ගන්න ඕන උපකරණයක් තමයි මිලදී ගන්න යන්නේ. එහෙනම් ලැප්ටොප් එකක් ගන්න යනකොට මෙන්න මේ කරුණු ගැනත් ඔබ සිතනවාද කියල පොඩ්ඩක් බලන්න ?



Battery usage (බැටරි වල ආයු කාලය)

ලැප්ටොප් එකේ බැටරිය මත තමයි හැමදේම රඳා පවතින්නේ. අපි ලැප්ටොප් එකක් ගන්නේ ඒක එහා මෙහා ගෙනියන්න පුලුවන් නිසයි. එහෙනම් අනිවාර්යෙන්ම බැටරිය හොඳ ආයු කාලයක් තිබෙන එකක් වෙන්න ඕන. බැටරි ආයු කාලය ගැන අදාළ නිෂ්පාදකයන් සඳහන් කරලා තිබුනත් අපේ භාවිතය අනුව ඒක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ලැප්ටොප් එකක ආයු කාලය පැය 2ක් වගේ තමයි. හැබැයි අපි භාවිතා කරන විදිය සහ පරිඝනකයේ settings අනුව ඒක වෙනස් වෙනවා. ඒ වගේම අන්තර්ජාලය භාවිතා කරනවිටත් ඉක්මනට බැටරිය බහිනවා. බැටරියේ ආයු කාලය අඩුවෙන්න පුළුවන් හේතු තමයි බැටරිය සම්පූර්ණයෙන්ම ඉවර වෙනකන් charge නොකර භාවිතා කිරීම, බැටරිය සම්පූර්ණයෙන්ම charge වුනාට පසුවත් plug කර තැබීම එක දිගට ලැප්ටොප් එක භාවිතා කිරීම යනාදිය.


Display (තිරය)

මිලදී ගන්න යන ලැප්ටොප් එකේ display එකේ ප්‍රමාණය ගැනත් හිතන්න ඕන. ඇත්තටම කිව්වොත් ලැප්ටොප් එකක් ගනිද්දී විතරක් නෙවෙයි පරිඝනකයක් සඳහා monitor එක්ක ගනිද්දී උනත් මේ ගැන හිතන්න ඕන. display එක විශාල ලැප්ටොප් එකක් මිලෙන් වැඩි වුනත් ඒ සඳහා වැඩි මිලක් ගෙවන්න වෙන්නේ එක පාරයි. නමුත් අපි දිගු කාලීනව ලැප්ටොප් එක භාවිතා කරනවිට එහි වැඩ කරන යද්දී තමයි තේරෙන්නේ display එකේ ප්‍රමාණය කුඩා වීම කරදරයි නේද කියල.

Drives (ධාවකය)

මේ කියන්නේ ලැප්ටොප් එකේ cd,dvd යන ආදිය භාවිතා කිරීමට තිබෙන ස්ථානයන් ගැනයි. නව ලැප්ටොප්වල අනිවාර්යෙන්ම තියෙන්නේ dvd drive එකක්. ඒ වගේම භාහිරින් කොටස් සම්බන්ධ කල හැකි external drives තිබෙනවා. හැබැයි ඒවා ටිකක් මිලෙන් වැඩියි. ඒ නිසා මිලත් ගැන හිතලා ගන්න නිසා ලැප්ටොප් එක තුලම drives තිබෙන ඒවා වැඩිය හොඳයි.

Hard drive (දෘඩ තැටිය)

ලැප්ටොප් එකක් ගනිද්දී ගොඩක් අය බලන කරුණක් තමයි මේ hard drive එක, එහෙමත් නැතිනම් hard disk එක. ඔබගේ අත්‍යාවශ්‍ය දත්ත සහ තොරතුරු ගබඩා කරගන්න හොඳ ඇති තරම් ඉඩක් තිබෙනවා නම් හොඳටම ඇති. විශාල ධාරිතා තිබෙන ලැප්ටොප් ටිකක් මිලෙන් වැඩියි. එමෙන්ම දැන් වෙළඳපොලේ external hard drives තිබෙන නිසා අවශ්‍ය වුනොත් පසුව ඉන් එකක් තියාගන්න පුළුවන් ඔබගේ documents ගබඩා කරගන්න.

Memory (මතකය)

මේ කියන්නෙත් ලැප්ටොප් පරිඝනකයක් මෙන්ම සාමාන්‍යය පරිඝනකයක් මිලදී ගන්නවිටත් සැලකිලිමත් වන කරුණක් ගැනයි. ඒ තමයි පරිඝනක මතකය. එහෙමත් නැති නම් RAM එක. වර්තමානයේ එන ලැප්ටොප් වල 1GB සිට 4GB සහ ඊටත් වැඩි RAM අඩංගු ලැප්ටොප් තිබෙනවා. අලුත් games ගහන්න නම් හොඳ RAM එකක් තිබෙන්නම ඕන. හැබැයි ඔබ ලැප්ටොප් එක මිලදී ගන්නේ සාමාන්‍යය වැඩ වලට නම් ලොකු RAM එකක් අවශ්‍ය වන්නේ නැහැ. RAM එකේ ප්‍රමාණය වැඩි වෙනකොට ලැප්ටොප් එකේ මිලත් වැඩි වෙනවා.

Processor (වේගය)

මෙයත් පරිඝණකයක ඉතා වැදගත් කොටසක්. ලැප්ටොප් එකක් මිලදී ගන්න ගියත් මේ ගැන සැලකිලිමත් වෙනවා. පරිඝණකයක වේගය රඳා පවතින්නේ මේ Processor එක මතයි. එම නිසා තමන්ගේ අවශ්‍යතා අනුව ගැලපෙන වේගයක් ඇති ලැප්ටොප් එකක් මිලට ගන්න එක තමයි හොඳ.

Weight (බර)

ගොඩක් අය සැලකිලිමත් වෙන්නේ නැති ගණන් ගන්නෙවත් නැති කරුණක් තමයි මෙය. නමුත් මෙය ඉතා වැදගත් වෙනවා. මොකද අපි ලැප්ටොප් එකක් මිලදී ගන්නේ එහා මෙහා ගෙනයන්න පුළුවන් නිසයි. හැබැයි එහෙම එහා මෙහා ගෙනයනකොට එක මහා විශාල පර්වතයක් වගේ බරනම් අපිට දරාගන්න බැහැ නේද. සමහරවිට අපි ලැප්ටොප් එක භාවිතා කරන කාලයට වඩා වැඩි කාලයක් ලැප්ටොප් එකේ බෑග් එකේ දාගෙන එහා මෙහා ගමන් කරනවා වෙන්න පුළුවන්. මේ නිසා අපේ ශරීරයේ ආබාධ පවා හටගන්න පුළුවන්. එහෙනම් ලැප්ටොප් එකක් මිලට ගන්න කලින් එහි බරත් කොපමණද කියල පොඩ්ඩක් හොයලා බලන්න.

Brand of computer (වර්ගය)

ලැප්ටොප් එකේ වර්ගය ගැනත් අපි හිතන්න ඕන වැදගත් දෙයක්. ලොව ඉතා ජනප්‍රිය ලැප්ටොප් නිෂ්පාදන සමාගමක් නම් බය වෙන්න දෙයක් නැහැ. හැබැයි සමහර ලැප්ටොප් තිබෙනවා ඉතා මිල අඩුයි නිෂ්පාදකයා කවුද කොහෙද කියලා හොයාගන්න නැහැ. මිල ගැන හිතලා එවැනි ලැප්ටොප් මිලට ගත්තත් පසු කාලීනව ගැටළු ආවොත් එය නිවැරදි කරගන්න බැරි වෙන්න පුළුවන්. එම නිසා ලැප්ටොප් නිෂ්පාදනය කල සමාගම ගැන සැලකිලිමත් වෙන්නම ඕන.

Service & Warranty (අලෙවියෙන් පසු සේවාව)

ලැප්ටොප් එක තමන් මිලදී ගන්නේ කොතනින්ද,එයාල දීර්ඝ කාලීනව වෙළඳපොලේ ඉන්න අයද කියන එක ඉතා වැදගත්. මොකද සමහර ලැප්ටොප් විකුණන ස්ථාන හරියට මාළු ලෑලි වගෙයි.අද තියෙනවා,හෙට නැහැ. ඉතින් හදිස්සියෙවත් ලැප්ටොප් එකේ ප්‍රශ්නයක් වෙලා එය හදාගන්න ගියාම ගත්ත shop එක නැහැ. බිල් එකේ තියෙන දුරකථන අංක වැඩ කරන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා එම කරුණ ගැනත් සැලකිල්ලක් දක්වන්න.
එමෙන්ම ලැප්ටොප් එකට තිබෙන වගකීම කාලය කොපමණද කියල සැලකිලිමත් වන්න. වර්තමානයේ නම් ලැප්ටොප් වලට අවමය වසර දෙකක වගකීම් කාලයක් ලැබෙනවා.එය හොඳ ප්‍රවනතාවයක්.

ඉතින් ඔන්න ඔය කිව්ව කරුණු ගැන සැලකිලිමත් වුනොත් ඔබට හොඳ ලැප්ටොප් එකක් මිලට ගන්න පුළුවනි. නිතරම මිල ගැන පමණක් හිතන්න එපා.