Breaking
Loading...
අද කාලේ රැකියාවක් ලබාගන්න බලන ගොඩක් සුදුසුකම් සහ අවශ්‍යතාවයන් රැසක් තියෙනවා. හොඳ වැටුපක් සහිත රැකියාවක් ගන්න නම් අඩුමගානේ ඩිප්ලෝමා එකක්, එහෙමත් නැතිනම් එම ක්ෂේත්‍රය පිළිබඳව හොඳ දැනුමක් සහිතව සහතිකපතක් වත් තියෙන්න ඕන. නමුත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි හොඳ පාඨමාලාවක් කරන එක සහ ඒ සඳහා ගෙවන්න වෙන මුදල. අපේ රටේ නම් ඩිප්ලෝමා එකක් කරන්න අඩුම වශයෙන් රුපියල් 30,000ක් වත් වැය කරන්න ඕන. ඒ වගේම සැලකිය යුතු කාලයක් බලන් ඉන්නත් ඕන. අඩුම ගානේ මාස 6ක් වත්. සහතිකපත්‍ර පාඨමාලාවක් කරන්න වුනත් රුපියල් 10,000ක් ගෙවන්න වෙනවා. හැබැයි සහතිකපතක් ගන්නවා නම් එය බලයලත් වටිනාකමක් ඇති ආයතනයකින් කරපු පාඨමාලාවක් වෙන්නත් ඕන. ඉතින් ඒ නිසා වටිනාකමක් සහිත සහතිකපතක් හෝ ඩිප්ලෝමා එකක් ගන්න එක ලේසි තරම් පහසු නැහැ.


ඉතින් එහෙමයි කියලා නිකන් ඉන්න එපා. ඔන්න අපි ඔයාලට ගෙනාවා මේකට කදිම විසඳුමක්. ඒ තමයි නොමිලේ පාඨමාලාවක් කරලා සහතිකපත්‍රයක් හෝ ඩිප්ලෝමා එකක් ලබාගන්න පුළුවන් ක්‍රමයක් ගැන. Online Learning, එහෙමත් නැතිනම් මාර්ගගත අධ්‍යාපනය කියලා කියන්නේ නව තාක්ෂණයත් එක්ක බිහිවුණු අලුත්ම දෙයක්. වෙනත් රටක තිබෙන අධ්‍යාපන ආයතනයක් හෝ විශ්ව විද්‍යාලයක් විසින් කරන පාඨමාලා තමන් කැමති ස්ථානයක සිට ඕනෑම වෙලාවක පරිඝනකය සහ අන්තර්ජාලය යොදාගෙන කිරීමේ ක්‍රමය තමයි මේ දුරස්ථ මාර්ගගත අධ්‍යාපනය කියලා අපි හඳුන්වන්නේ. ඉතින් මෙන්න මේ සංකල්පය අනුව ක්‍රියාත්මක වන ආයතනයක් සහ ඔවුන්ගේ පාඨමාලා ගැනයි මේ කියන්න හදන්නේ.

ALISON කියලා කියන්නේ අයර්ලන්තයේ ක්‍රියාත්මක වන Online Learning පහසුකම ලබාදෙන ආයතනයක්. මෙය ආරම්භ වන්නේ 2007 වසරේදීය. එතැන් පටන් ඔවුන් ලොව වටා සිටින මිලියන 11 ක් වගේ විශාල පිරිසකට ඩිප්ලෝමා සහ උපාධි ලබාදීමට කටයුතු කර තිබෙනවා. වර්තමානය වන විට මෙම ආයතනය තවත් අනගි සේවා රැසක් සමඟ තම අධ්‍යාපන සේවා වැඩි දියුණු කර තියෙනවා. ඉතින් අන්න ඒ නිසයි අපි හිතුවේ ඔබට මෙම ආයතනය ගැන විස්තර කියන්න. අපි ඔබට පියවරෙන් පියවර කියලා දෙන්නම් කොහොමද මෙම ALISON සමඟ එකතු වී පාඨමාලාවක් කරලා සහතිකපතක් හෝ ඩිප්ලෝමා එකක් ගන්නේ කියලා.

මුලින්ම ඔබ පහත ඇති බැනර් එක click කර ALISON වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වන්න.




ඔබගේ නම, ඊමේල් ලිපිනය ආදිය ලබාදී මෙහි ලියාපදිංචි වෙන්න. ඉන්පසුව ඔබට මෙම වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන්.

මෙම වෙබ් අඩවියේ ඇති වාසි මොනවද?

  • * ඔබට කිසිම ගෙවීමක් නොකර නොමිලේ ලියාපදිංචි වීමේ හැකියාව
  • * ඕනෑම මොහොතක ඕනෑම පාඨමාලාවක් කිරීමේ හැකියාව
  • * සියලුම පාඨමාලාවන් නොමිලේ ලබාගැනීමේ හැකියාව
  • * ලොව ඉතා ජනප්‍රිය පිළිගත් ආයතන වලින් පවත්වන පාඨමාලා ඇතුලත් වී තිබීම
  • * ඔබට අවශ්‍ය කාලයක් ගෙන පාඨමාලා සම්පූර්ණ කිරීමේ හැකියාව
  • * පාඨමාලාව අවසානයේ නොමිලේම විභාගයට මුහුණ දීමේ හැකියාව

මෙන්න මේ වගේ වාසි රැසක් සහිත වෙබ් අඩවියක් තමයි ALISON කියලා කියන්නේ. මේ වෙබ් අඩවිය හරහා Google, Microsoft, Open Learn ආයතන වගේම Texas, Oxford වගේ විශ්ව විද්‍යාල විසිනුත් තම පාඨමාලා නිකුත් කරනු ලබනවා. ඉතින් එම නිසා ALISON වෙබ් අඩවියේ අන්තර්ගත වෙලා තියෙන්නේ ලොව පිළිගත් පාඨමාලාවන් තමයි. ඔබට බයක් නැතුව මෙහි ලියාපදිංචි වී පාඨමාලාවන් කරන්න කියන්නේ අන්න ඒ නිසයි.

දැන් අපි බලමු කොහොමද මෙහි පාඨමාලාවන් කරන්නේ කියලා.