
PaaS යනු අන්තර්ජාලය හරහා විවිධ මෘදුකාංග නිර්මාණය කිරීමට අවශ්‍ය runtime environment (ධාවන පරිසරය ) සහ development and deployment tools (ප්‍රවර්ධන මෙවලම් සහ උපාංග) ආදිය ලබාගැනීමේ හැකියාවයි. මෙහිදී cloud සේවා ලබාගන්නා පුද්ගලයාට තම cloud සේවාදායකයාගේ සේවා පරිසරයට සම්බන්ධ වී වෙබ් සහ වෙබ් නොවන මෘදුකාංග නිර්මාණය කිරීම සහ වැඩි දියුණු කිරීම සිදු කල හැකිය.
App Engine of Google සහ Force.com යනු PaaS වලට හොඳ උදාහරණ වේ. කිසියම් එක් cloud සේවා දායකයෙකුට කොටු වීමට සිදුවීම PaaS වල ඇති ප්‍රධානම අවාසියකි. එනම්, Cloud සේවා ලාභියා App Engine of Google මඟින් කරනු ලබන මෘදුකාංගයක් ධාවනය කල හැක්කේ එම පරිසරයේම පමණි.
වාසි -
1. ඉතා අඩු මිලකට සේවා ලබාගත හැකිවීම.
2. යාවත්කාලීන කිරීම (updates) නිතර සිදුවන නිසා නව්‍ය සේවා ලැබිය හැකිවීම.
3. ඕනෑම ස්ථානයක සිට ඕනෑම වෙලාවක සම්බන්ධ විය හැකි වීම.
4. වැරදි, අඩුපාඩු නිවැරදි කිරීම ආදි පහසුකම් cloud සේවා සපයන්නාගෙන් ලබාගත හැකිවීම.
5. තම දත්ත සහ තොරතුරු නැතිවී යාමේ හැකියාව අඩුවීම.
අවාසි -
1. වැඩ කිරීමට මනා දැනුමක් තිබිය යුතු වීම.
2. ඉතා හොඳ වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් තිබිය යුතුවීම.
3. තමන් නිර්මාණය කරනු ලබන පරිසරය තුල පමණක් වැඩ කිරීමට සිදුවීම.