Breaking
Loading...
Arduino සිංහලෙන් - II

Arduino සිංහලෙන් - II

Arduino පුවරුවක ඇති කොටස්



Arduino පුවරුවක ඇති කොටස් ගැන දැන් අපි හඳුනා ගනිමු.



1. Power USB - Arduino පුවරුවක් බලගැන්වීමට USB cable එකක් හරහා පරිඝනකයට සම්බන්ධ කල යුතුය.

2. Power (Barrel Jack) - Arduino පුවරුවක් power supply එකක් හරහා සෘජුවම AC current එක ලබාදී බලගැන්වීමට මෙම jack එක භාවිතා කරයි.

3. Voltage Regulator - Arduino පුවරුවට ලබාදෙන වෝල්ටීයතාවය පාලනය කිරීම සඳහා DC current එක භාවිතා කිරීම සඳහා මෙය යොදාගනී.

4. Crystal Oscillator - Arduino පුවරුවේ කාල කළමනාකරණය කිරීම සහ කාල ගණනය කිරීම සඳහා භාවිතා කරන්නේ මෙම කොටසයි. එහි ඉහල සඳහන් කර ඇති අගයෙන් පෙන්නුම් කරන්නේ හර්ට්ස් සංඛ්‍යාත යයි.

5/14. Arduino Reset - Arduino පුවරුව නැවත ස්ථාපනය කිරීමට (reset) මෙය යොදාගත හැකිය. ඔබට Arduino පුවරු reset කිරීම ක්‍රම දෙකකට කල හැකිය. ඒ 17 ලෙස සඳහන් බොත්තම එබීමෙන් සහ බාහිරව reset බොත්තමක් 5 ලෙස සඳහන් කොටසට සවි කිරීමෙන්ය.

6/7/8/9. Pins (3.3, 5, GND, Vin) -

* 3.3V (6): 3.3V ක වෝල්ටීයතාවය ප්‍රතිදානය කිරීමට යොදාගනී.
* 5V (7): 5V ක වෝල්ටීයතාවය ප්‍රතිදානය කිරීමට යොදාගනී. (බොහොමයක් Arduino පුවරු වලට 3.3. සහ 5V ප්‍රමාණ සෑහේ.  )
* GND (8)(Ground): පරිපථය පිහිටුවීම සඳහා GND pins භාවිතා කරයි.
* Vin (9): AC current වැනි බාහිර බලගැන්වීමක් සැපයීම සඳහා මෙය යොදාගනී.

10. Analog pins - A0 සිට A5 දක්වා ලෙස සඳහන් ඇනලොග් ආදාන හයකි. ඇනලොග් සංවේදක මඟින් සංඥා කියවා ඒවා ක්ෂුද්‍ර සකසනය මඟින් ඩිජිටල් සංඥා ලෙස කියවීමට හැකිය.

11. Main microcontroller - සෑම Arduino පුවරුවක් තුලම මෙම ක්ෂුද්‍ර සකසනය ඇත. එය පුවරුවේ ප්‍රධානම කොටස හෙවත් මොළය ලෙස හැඳින්වේ. Arduino පුවරුවෙන් පුවරුවට එහි තිබෙන IC (integrated circuit) එක සුළුවෙන් වෙනස් වේ. Arduino IDE මඟින් අලුත් වැඩසටහනක් කිරීමට පෙර පුවරුවේ ඇති IC එක ගැන දැනගෙන සිටිය යුතුය.

12. ICSP pin - MOSI, MISO, SCK, RESET, VCC, සහ GND ලෙස Arduino තුල කුඩා වැඩසටහන්කරණ ශීර්ශකයක් ඇත. එය SPI හෙවත්  Serial Peripheral Interface ලෙස හඳුන්වයි. මෙය ප්‍රතිදාන විකාශනය ලෙස භාවිතා වේ.

13. Power LED indicator - ඔබේ Arduino පුවරුව නිසිලෙස බලගන්වා ඇතිබව නිරූපණය කිරීමට මෙම කුඩා LED බල්බය යොදාගනී. එම බල්බය දැල්වී නොමැති නම් පුවරුවේ කිසියම් අඩුපාඩුවක් ඇතිබව පෙන්නුම් කරයි.

14. TX and RX LEDs - TX සහ RX ලෙස සඳහන් කොටස් දෙකක් ඇතිබව ඔබට දැකිය හැක. TX මගින් සම්ප්‍රේෂණ කාර්යයද, RX මගින් ලබාගැනීමද සිදු කරයි.

15. Digital I / O - Arduino පුවරුවට ඩිජිටල් I/O (ආදාන/ප්‍රතිදාන) pins 14 ක් ඇත.  මෙම pins, ආදානය කරන ඩිජිටල් signal 0 සහ 1 ලෙස තාර්කික අගයන් කියවීමට හැකි ලෙස ක්‍රියා කරයි. එසේත් නැතිනම්, LED හෝ relay වැනි කොටස් ඩිජිටල් ප්‍රතිදාන ලෙස ධාවනය කිරීමට යොදාගත හැකිය.

16. AREF (Analog Reference) - ඇනලොග් ආදාන pins වලට බාහිරව වෝල්ටීයතා සැපයීමට භාවිතා වේ.