Breaking
Loading...
පරිඝනක මව් පුවරුව ගැන දැනගනිමු

පරිඝනක මව් පුවරුව ගැන දැනගනිමු

පරිඝනකයේ ප්‍රධානම වැඩ කටයුතු සිදුවෙන කොටස තමයි මව් පුවරුව කියන්නේ. මේ මව් පුවරුව මත තමයි සියලුම ප්‍රධාන උපාංග අන්තර්ගත වෙන්නේ. මේ පුවරුව


මේ පුවරුව මත තමයි මුද්‍රිත පරිපථ සැකසුම නිර්මාණය කර තිබෙන්නේ. මව් පුවරුවේ තමයි processor, RAM, Expansion Slots ආදිය තියෙන්නේ.මෙම කොටස් හරහා තමයි පරිඝනකයේ input (ආදාන) සහ output (ප්‍රතිදාන) උපාංග ක්‍රියාත්මක වන්නේ.

මෙම මව් පුවරුවේ වර්ගය, එය සවි කර ඇති ආකාරය අනුව පරිඝනකයේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. එහෙනම් බලමු මොනවද මව් පුවරුවක තියෙන කොටස් කියල.



Central Processing Unit (CPU)

පරිඝනකයේ මොලය ලෙස මෙය හැඳින්වේ. microprocessor,processor ලෙස හැඳින්වෙන මෙය මඟින් සියලුම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ගණිතමය සහ තාර්කික ගණනය කිරීම් සිදු කරනු ලබනවා.
processor chip එක එහි වර්ගය සහ නිෂ්පාදකයා අනුව වෙනස් වෙනවා. ඉතා ජනප්‍රිය බහුලව භාවිතා වෙන processors ලෙස
Intel 386, Advanced Micro Devices (AMD) 386, Cyrix 486, Pentium MMX, Intel Core 2Duo, iCore7 හැඳින්විය හැකිය.

Random Access Memory (RAM)

RAM යනු පරිඝනකය ක්‍රියාත්මක වනවිට අවශ්‍ය වන දත්ත සහ විධාන තාවකාලිකව ගබඩා කරගන්නා තාවකාලික මතකයකි.


Basic Input/Output System

BIOS ලෙස හැඳින්වෙන මෙය පරිඝනක නිෂ්පාදන සමාගම විසින් මව්පුවරුව මත කුඩා චිප් එකක් ලෙස සකස් කර එවනු ලබනවා. අපි ROM ලෙස හඳුන්වනු ලබන්නේත් මෙයමයි. දෘඩාංග සහ මෘදුකාංග නිවැරදිව පාලනය කිරීමට සහ
ක්‍රියාත්මක වීමට මෙම චිප් එකේ ඇති කුඩා මෘදුකාංගය ඉතා වැදගත් වෙනවා.


Complimentary Metal Oxide Semiconductor Random Access Memory (CMOS RAM)

මෙයත් මව්පුවරුව මත තිබෙන ඉතා වැදගත් උපාංගයක්. එය ඩිජිටල් ඔරලෝසු වල තිබෙන කුඩා පෙති බැටරි වර්ගයකට හා සමාන බැටරියකින් ක්‍රියාත්මක වන චිප් එකක්. මෙම CMOS RAM එක මඟින් පරිඝනකයේ පහත සඳහන්ක ටයුතු සිදු කරනවා.

* හාර්ඩ් ඩිස්ක් වල කටයුතු
* CPU හි විස්තර
* RAM එකේ ප්‍රමාණය
* පරිඝනකයේ පෙන්වන කාලය සහ වෙලාව
සමහර පරිඝනක වල කාලය සහ වෙලාව වෙනස් වී ඇතිනම් මෙම CMOS බැටරිය අලුත් කිරීම කල යුතුය.

Cache Memory

RAM එක සහ CPU අතර දත්ත හුවමාරු වීම සඳහා උපයෝගී වේ.

Expansion Bus

Expansion Bus ලෙස හඳුන්වන්නේ CPU සිට විවිධ input output උපාංග වලට සම්බන්ධය ලබාදෙන මාර්ගයයි. Expansion cards මෙම Expansion Bus වලට සමබන්ධ වේ.
මෙම Bus මඟින් දත්ත,මතක ලිපින,බලය,පාලන සංඥා (data, memory addresses, power, control signals) ඇතුළු විවිධ සංඥා වර්ග ගෙන යනු ලැබේ.

Chipsets

Chipsets යනු කුඩා පරිපථ සමූහයකි. මෙමගින් දත්ත ගලායාම පාලනය කරනු ලබනවා. මෙසේ පරිඝනක වල ඇති ප්‍රධාන Chipsetවර්ග දෙවර්ගයක් ඇත.

The NorthBridge - RAM සහ processor අතර දත්ත හුවමාරුව වීමට ඇති කොටස වේ.
The SouthBridge - input සහ output උපාංග අතර සන්නිවේදනය සඳහා මෙය අවශ්‍ය වේ.

CPU Clock , Switches සහ Jumpers වැනි තවත් කොටස්ද මව්පුවරුවෙහි ඇති තවත් කොටස් වේ.