
මේ කියන්න යන්නෙත් වර්තමානය ඉතා ජනප්‍රිය මෑතකදී ආරම්භ වුණු වෙළඳ දැන්වීම් ප්‍රචාරණ වෙබ් අඩවියක් ගැනයි. Yllix කියන මෙම සමාගමේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කිරීමත් හරිම පහසුයි. මෙම වෙබ් අඩවියේ තිබෙන ප්‍රධානම වාසියක් වන්නේ ඔබේ වෙබ් අඩවිය කුමක් වුවත්,එයට කොපමණ visitors ප්‍රමාණයක් පැමිණියත් වෙළඳ දැන්වීම් යෙදීමට ඒවා බල නොපෑමයි.එනම් ඔබගේ වෙබ් අඩවියේ තත්වය ඔවුන්න්න විසින් අධීක්ෂණය කර දැන්වීම්ඕ යෙදීමට අවසර ගැනීමක් අවශ්‍ය වන්නේ නැහැ.මුලින්ම ඔබ කල යුත්තේමෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමයි. Publisher කියන කොටස යටතේ තමයි ලියාපදිංචි වෙන්න ඕන. ලියාපදිංචි වීමට පහත සඳහන් link එක භාවිතා කරන්න.
සාමාන්‍යය ආකාරයටම ඔබේ නම,email ලිපිනය වගේ විස්තර ලබාදීලා register වෙන්න. ඉන්පසුව ඔබේ ගිණුම සක්‍රීය කරගන්න confirm link එකක් ඔබේ email ගිණුමට එවාවි. එය හරහා ඔබේ ගිණුම තහවුරු කරලා වැඩ අරඹන්න සූදානම් වෙන්න.

ඔබගේ ගිණුමට ඇතුල් වුනාට පසුව වෙබ් අඩවියේ තිබෙන කොටස් මේ ආකාරයට වර්ගීකරණය කරන්න පුළුවන්.
1. Overview - ඔබේ ගිණුමේ විස්තර, balance එක ආදිය පෙන්නුම් කරන්නේ මෙහිය.
2. Reporting - ඔබ යොදන ලද දැන්වීම් වලට අදාළ වාර්තා නිරූපණය කිරීම මෙහි සිදු වෙනවා.
3. Ad Manager - වෙළඳ දැන්වීම් වලට අදාළ සකස් කිරීම (settings) මෙමඟින් සිදුවෙනවා.
4. Ad Tags - අපට අවශ්‍යයම කොටස මෙයයි. වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීමට අදාළ පිටුව මෙයයි.මේ තුල දැන්වීම් වර්ගයන්,දැන්වීම් වල ප්‍රමාණයන් ආදිය සකස් කර ඔබේ වෙබ් අඩවියට යෙදීමට අවශ්‍ය පරිදි සකස් කරගැනීම සිදු කරනු ලබනවා. පහතින් දැක්වෙන්නේ එම එක් එක් banner වල ප්‍රමාණයන් වේ.
එමෙන්ම යොදන banner කුමන ආකාරයක් ගත යුතුද යන්නත් මෙහිදී ඔබට තෝරාගත හැකියි.5. Sites - ඔබ විසින් ඇඩ්ස් යොදන ලද වෙබ් අඩවි සියල්ල මෙහිදී බලාගත හැකිය.ඔබට අවශ්‍ය තරමක් වෙබ් අඩවි වලට අවශ්‍ය තරමක් වෙබ් පිටු වලට දැන්වීම් යෙදීම කරන්න පුළුවන්.
6. Payments - මුදල් ලබාගැනීම සම්බන්ධ කටයුතු සිදු කරන්නේ මේ තුලයි.
7. Affiliate - ඔබේ වෙබ් පිටුවේ දැන්වීම් ප්‍රචාරණය කිරීමට අමතරව මෙම Yllix වෙබ් අඩවියට ඔබේ මිතුරන්ට ආරාධනා කර ඔවුන්ද මෙම වැඩසටහන හා සම්බන්ධ කරගැනීම තුලින් කොමිස් මුදලක් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වන links සහ banners මේ තුලින් ලබාගන්න පුළුවන්.
8.Account - ඔබගේ නම ගම ආදී විස්තර, password, ගිණුම් විස්තර, ආදී තොරතුරු ඇතුලත් වන්නේ මේ කොටස තුලයි.
9. Security - ඔබ ඔබේ ගිණුමට සම්බන්ධ වුණු ආකාරය ගැන විස්තර ඉදිරිපත් කිරීම තමයි මෙහිදී සිදුවන්නේ. කුමන රටින්,කුමන ip ලිපිනයකින්,කුමන browser එකකින්ද යන වග තමයි මෙහි පෙන්නුම් කරනු ලබන්නේ.
එසේනම් දැන් ඔබටත් පහසුවෙන්ම Yllix මඟින් මුදල් ඉපයීම සිදුකරන්න පටන් ගන්න පුළුවනි. Paypal, Payza, Bank Wire, Skrill කියන ක්‍රම වේද හරහා ඔබට මුදල් ලබාගන්න පුළුවන්.
Ad Tags මඟින් ඔබට පහසුවෙන්ම දැන්වීමක් යෙදීමට අවශ්‍ය වන code එක නිර්මාණය කිරීමට පුළුවන්. ඒ සඳහා ඔබ ඔබේ වෙබ් අඩවිය කුමන ආකාරයේ එකක්ද, දැන්වීම ප්‍රමාණය කොපමණ විය යුතුද යන වග සඳහන් කර Get ad tag මඟින් code එක ලබාගන්න පුළුවනි.
එසේනම් ඔබත් Yllix හා සම්බන්ධ වී මුදල් ඉපයීම ආරම්භ කරන්න.
