Breaking
Loading...
Files upload කර මුදල් උපයමු

Files upload කර මුදල් උපයමු

අන්තර්ජාලය ඔස්සේ විවිධ ක්‍රම මඟින් මුදල් ඉපයිය හැකි බව ඔබ දන්නවා ඇති.මේ කියන්න යන්නේ එලෙස මුදල් ඉපයිය හැකි තවත් එක් ක්‍රමයක් ගැනයි. ඔබ සතුව තිබෙන විවිධ files වර්ග අන් අයට download කරගන්න ලබාදී මුදල් ඉපයිය හැකි බව ඔබ දන්නවාද? ඔව් ඇත්තෙන්ම එහෙම පුළුවන්.


මේ සඳහා භාවිතා කල හැකි විවධ වෙබ් අඩවි ගණනාවක් තිබෙනවාඅපි ඒ අතුරින් ඔබට කියන්නේ පහසුවෙන්ම හා විස්වාසදායී ලෙස වැඩ කල හැකි වෙබ් අඩවි කිහිපයක් ගැනයි. මෙම එක් එක් වෙබ් අඩවි ඔවුන්ට ලගාවන පාරිභෝගිකයන්ගෙන් ලබාගන්න මුදල් වලින් කොමිස් මුදල් ලෙස කොටසක් තමයි අපිට ගෙවන්නේ. එහෙනම් අපි කරන්න ඕන මෙම වෙබ් අඩවි වලට අපේ මාර්ගයෙන් පාරිභෝගිකයන් ගෙන්වා දීමයි. ඒ කියන්නේ අපේ files download කරගන්න එන අයගෙන් විවිධ ක්‍රම වලින් මෙම සමාගම් මුදල් උපයනවා එහෙම මුදල් උපයන ක්‍රම 3ක් තිබෙනවා.

1. අපේ මාර්ගයෙන් කවුරු හෝ පාරිභෝගිකයකු පැමිණ file එකක් download කරගන්නවිට download වේගය අඩු කරනවා. ඉතා ඉක්මණින් වැඩි වේගයකින් file එක download කරගන්න ඕන නම් පාරිභෝගිකයාට සිදු වෙනවා මුදල් ගෙවීමක් කරලා ඒ කාර්‍යය කරගන්න. එතකොට ලැබෙන මුදලින් කොටසක් අපිට හිමි වෙනවා.

2. කිසියම් කෙනෙක් file එකක් download කරගන්න සූදානම් වූ විට ඔහුට/ඇයට සිදු වෙන්ව download button එක සක්‍රීය කරගන්න ඔවුන් විසින් ලබාදෙන offer එකක් සිදු කිරීමට. ඇත්තටම කිව්වොත් එය කුඩා survey එකක් වගෙයි.ඒ කියන්නේ ඒ සමාගමේ දැන්වීම් පලකරන කෙනෙකුගේ දැන්වීමක් බලන්න,software එකක් test කර දෙන්න,ringtone එකක් ලබාගන්න වගේ දෙයක් වෙන්න පුළුවන්. අපේ රටේ නම් මේ වැඩේ එච්චර ලේසි නැහැ. මොකද මේ වගේ සේවා සපයන සමාගම් අපේ රටේ අයට ලබාදෙන offers ඒ තරම් සුන්දර නැහැ. උදාහරණයක් ලෙස phone එකට සින්දුවක් download කරගන්න, සල්ලි දීල app එකක් හෝ game එකක් ලබාගන්න වගේ වැඩ තමයි අපේ රටේ අයට කරන්න වෙන්නේ. එහෙම කරන්න ගියාම phone එකේ මුදල් අයවීම සිදු වෙනවා. මේ නිසා මේ ආකාරයට මුදල් ඉපයීම අපේ රට තුල කරන්න අපහසුයි.

3. අවසන් ක්‍රමවේදය නම් සරල එකක්. ගොඩක් ජනප්‍රිය ක්‍රම වේදය මෙය තමයි. කිසියම් file එකක් download කරගන්න යනවිට download button එකට විවිධ ads යොදලා තිබෙනවා. එවිට මුලින්ම click වන්නේ එම ads තමයි.එවැනි ads කිහිපයක් click වීමෙන් පසුව තමයි download button එක සක්‍රීය වන්නේ.ඊට පසුව කිසි අපහසුතාවයකින් තොරව file එක download කරගන්න පුළුවනි.