
HTML FONTS - වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී එය බලන අයට ප්‍රියමනාප අඩංගු දේවල් පහසුවෙන් කියවිය හැකි ලෙස ඉදිරිපත් කිරීම කල යුතුය. එවිට විශේෂයෙන් සැලකිය යුතු කරුණක් වන්නේ යොදාගන්නා අකුරු වල ප්‍රමාණය,වර්ණය සහ හැඩය වේ. අකුරු වල හැඩය (font face) සහ වර්ණය සම්පූර්ණයෙන්ම රදා පවතින්නේ වෙබ් පරිශීලනය කරන පරිඝනකය සහ web browser මතය. නමුත් අපිට වෙබ් අඩවිය සඳහා විවිධ හැඩයන් (styles), ප්‍රමාණයන් සහ වර්ණයන් යෙදීම සඳහා html වලදී <font> tag යොදාගත හැකිය. එමෙන්ම වෙබ් පිටුවේ හෝ වෙබ් අඩවියේ ඇති සියලුම අකුරු එකම ප්‍රමාණයකින්,එකම වර්ණයකින් සකස් කරගැනීමට <basefont> යොදාගත හැකිය. <font> tag සමඟ එහි ප්‍රමාණය, වර්ණය සහ හැඩය සකස් කිරීමට පිලිවෙලින් size, color, and face යන attributes යොදාගනී.
Font Size -
කුඩාම Font Size එක 1 වන අතර විශාලතම අගය 7 වේ. මූලික අවස්ථාවේ (default) ඇති font ප්‍රමාණය වන්නේ 3 වේ.<html>
<head>
<title>Setting Font Size</title>
</head>
<body>
<font size="1">This is Font size 1</font><br />
<font size="2">This is Font size 2</font><br />
<font size="3">This is Font size 3</font><br />
<font size="4">This is Font size 4</font><br />
<font size="5">This is Font size 5</font><br />
<font size="6">This is Font size 6</font><br />
<font size="7">This is Font size 7</font>
</body>
</html>
Font Face -
වෙබ් අඩවියේ භාවිතා කරන විවිධ text කොටස් සඳහා විවිධ fonts වර්ග යොදාගත හැකිය. නමුත් වෙබ් අඩවිය නරඹන පුද්ගලයාගේ පරිඝනකයේ අදාළ fonts වර්ග ස්ථාපනය කර නොමැති නම්එ ම වෙබ් අඩවියේ යොදා ඇති fonts නිරූපණය නොවේ. එවිට එම පරිඝනකය තුල ඇති fonts වලට අනුව වෙබ් අඩවිය නිරූපණය කරයි.
<html>
<head>
<title>Font Face</title>
</head>
<body>
<font face="Tim es New Roman" size="5">Times New Roman</font><br />
<font face="Verdana" size="5">Verdana</font><br />
<font face="Comic sans MS" size="5">Comic Sans MS</font><br />
<font face="WildWest" size="5">WildWest</font><br />
<font face="Bedrock" size="5">Bedrock</font><br />
</body>
</html>
Font Color -
අපිට වෙබ් අඩවියකට විවිධ වර්ණ යෙදිය හැකිය. නමුත් වෙබ් අඩවිය නැරඹීමට පහසු,කියවිය හැකි සැහැල්ලු, ලා වර්ණයන් යොදාගැනීම කල යුතුය.
color attribute මඟින් අවශ්‍ය වර්ණයන් සැකසීම කල හැක. යොදන වර්ණයන් අදාළ නමින් හෝ ෂඩ්දශමය කේතයන් (hexadecimal code) ගෙන් යෙදිය හැක.
<head>
<title>Setting Font Color</title>
</head>
<body>
<font color="#FF00FF">This is pink</font><br />
<font color="red">This is red</font>
</body>
</html>
