
HTML Links -
වෙබ් පිටුවක අනිවාර්යෙන්ම තිබෙන දෙයක් තමයි links කියන්නේ. එක් පිටුවකින් තවත් පිටුවකට හෝ වෙබ් අඩවියකට සම්බන්ධ වීමට, එහෙමත් නැතිනම් කිසියම් file එකක් බාගත කරගැනීමට, ගීතයක්, වීඩියෝවක් play කිරීමට හෝ පින්තූරයක් මත click කිරීමෙන් කිසියම් කාර්යක් කරගැනීමට links භාවිතා කරනවා. මේ links වලට hyperlinks කියලා අපි කියනවා. ඉතින් මෙවැනි links text, image, email ආකාරයට නිර්මාණය කරන්න පුළුවන්.
links සඳහා භාවිතා කරන tag එක ලෙස <a> යොදාගන්නවා. මෙය anchor tag ලෙස හඳුන්වනවා. ඉතින් මේ <a>...</a> tags තුල ඇති ඕනෑම ආකාරයේ document එකක් link එකක් බවට පරිවර්තනය කරනවා. පහත සරල උදාහරණයෙන් පෙන්නුම් කරන්නේ <a> tag එකක් භාවිතාවන ආකාරයයි.
<a href="Document URL" ... attributes-list>Link Text</a>
මෙහි href මඟින් අර්ථ දැක්වෙන්නේ Hypertext REFerence යන්නයි. එනම් අදාළ Hypertext සම්පත තිබෙන්නේ කොතනද යන වගයි.
අපගේ වෙබ් අඩවිය link එකක් ලෙස නිර්මාණය කිරීමට යොදාගන්නා ආකාරය පහතින් දැක්වෙනවා.
<html>
<head>
<title>Hyperlink Example</title>
</head>
<body>
<p>Click following link</p>
<a href="http://www.dailyict.com ">Daily ICT</a>
</body>
</html>

Target Attribute -
ඔබ වෙබ් අඩවි වල සැරිසරන විට විවිධ ආකාරයේ links මත click කරනවා නෙ.එවිට එම link එකට අදාළ වෙබ් පිටුව හෝ අදාළ document එක විවෘත වන ක්‍රමයක් තිබෙනවා, සමහර links වෙබ් browser එකේ එම tab එකේම,එහෙමත් නැත්තන් එම පිටුව තුලම දිග හැරෙනවා. නැතිනම් අලුත් ටැබ් එකක විවෘත වෙනවා. එසේත් නැති නම් අලුත් වෙබ් browser window එකක් මඟින් විවෘත වෙනවා. මේ ආකාරයට link එකක් මඟින් අදාළ කොටස විවෘත වන ස්ථානය කෙසේ නිර්මාණය විය යුතුද යන්න පිළිබඳව සකස් කල හැකි ක්‍රමයට තමයි target attribute කියලා කියන්නේ. target,එහෙමත් නැතිනම් ඉලක්කගත ස්ථානය සකස් කල හැකි ආකාර කිහිපය තමයි පහතින් දැක්වෙන්නේ.
_blank - නව tab එකක හෝ නව window එකක අදාළ document එක විවෘත වීම සිදුවෙනවා..
_self - link එකට අදාළ document එක එම රාමුව තුලම විවෘත වෙනවා.
_parent - අදාළ document එක මව් රාමුව/ප්‍රධාන රාමුව තුලම විවෘත වෙනවා..
_top - අදාළ document එක සම්පූර්ණ කවුළුව තුලම විවෘත වීම සිදුවෙනවා.
targetframe - කිසියම් ඉලක්කගත රාමුවක් තුල අදාළ document එක විවෘත වීම සිදුවෙනවා..
HTML වල භාවිතා වන විවිධ links වර්ග ගැන දැනගන්න මීළඟ පාඩමට යොමුවන්න.