
A/L ICT
Higher Education
O/L ICT
Web Design
Web Development
Web Development - Part VI
7. Website Publicity
විවිධ ප්‍රචාරණ ක්‍රම භාවිතා කර වෙබ් අඩවිය ප්‍රේක්ෂකයින් වෙත,අන්තර්ජාලයට මුදා හැරීම සිදු කල හැකිය. මෙම ප්‍රචාරණ ක්‍රම online සහ offline ලෙස ක්‍රම දෙකකට කල හැකිය.
මුදල් ගෙවීමෙන් හෝ නොමිලේම හෝ වෙබ් අඩවියට අවශ්‍ය ප්‍රචාරණය,ජනප්‍රිය කරගැනීම කල හැකිය. මේ සඳහා email marketing, සමාජ ජාල වෙබ් අඩවි හරහා ප්‍රචාරණය (facebook fan page කිරීම, වෙනත් ජනප්‍රිය වෙබ් අඩවි සමඟ link කිරීම, අන්තර්ජාල නාමාවලියකට වෙබ් අඩවිය ඇතුලත් කිරීම ආදිය කල හැකිය. එමෙන්ම බොහොමයක් දෙන විවිධ සෙවුම් යන්ත්‍ර(Search Engines) භාවිතා කර වෙබ් අඩවි සොයන නිසා Google,Yahoo වැනි Search Engines වල සෙවීමීදී පහසුවෙන් ඔබගේ වෙබ් අඩවිය පළවන ආකාරයට වෙබ් අඩවිය ඇතුලත්වී තිබිය යුතුය.
මේ සඳහා වෙබ් අඩවිය coding කිරීමේදී meta data ඇතුලත් කල යුතුය. මෙවැනි ක්‍රම online ප්‍රචාරණය ලෙස හැඳින්වේ.
offline ප්‍රචාරණය යනු අන්තර්ජාලය භාවිතා නොකර පුවත්පත් දැන්වීම්, විවිධ සමාජ කටයුතු හරහා ප්‍රචාරණය ආදී ක්‍රම සහ විවිධ කටයුතු වලට අනුග්‍රහාකත්වය ලබාදීම ආදිය සිදුකිරීමයි.
8.Website Review
වෙබ් අඩවිය විචාරණය කිරීම යනු වෙබ් අඩවිය ක්‍රියාත්මක තත්වයේ ඇතිවිට එහි ගුණදොස් අදහස් සහ යාවත්කාලීන කටයුතු කිරයි. වෙබ් අඩවිය පරිශීලනය කරන අයගේ ප්‍රතිචාර (feedback)ලබාගැනීමට සුදුසු ක්‍රමයක්අ නුගමනය කර ඔවුන්ගේ අදහස් හා යෝජනා චෝදනා විශ්ලේෂණය කර වෙබ් අඩවිය නැවත නැවත සකස් කිරීම එම වෙබ් අඩවියේ දිගු කාලීන පැවැත්මට වැදගත් සාධකයක් වේ.