
A/L ICT
Basic of Telecom
CDMA
GPRS
Higher Education
Networking
Telecom Generations
Examples of Wireless Networks Part III
GPRS -
GPRS හි අර්ථය වනුයේ General Packet Radio System යන්නයි. ඇමතුම් ලබාගැනීමට මෙන්ම අන්තර්ජාල සේවාව ලබාගැනීමටද එක සේ වැදගත් වන තාක්ෂණයක් ලෙස මෙය හැඳින්විය හැකිය.
GPRS තාක්ෂණයේ හිමිකාරීත්වය තිබෙන්නේ යුරෝපියානු විදුලි සංදේශ ප්‍රමිති ආයතයනයට (European Telecommunications Standard Institute-ETSI) සහ යුරෝපියානු ප්‍රතිරූපී ඇමරිකානු ජාතික ප්‍රමිති ආයතනයයට (European counterpart of the American National Standard Institute-ANSI) වේ.
ඉහල දත්ත අනුපාතිකය, පහසු බිල් ගෙවීමේ හැකියාව වැනි කරුණු නිසා GPRS ඉතා ජනප්‍රිය හොඳ තාක්ෂණයක් ලෙස පිළිගනී. GPRS සමඟ ක්ෂණික පණිවිඩ සේවාව, අන්තර්ජාල ක්‍රීඩා, ගනුදෙනු කටයුතු කිරීමේ හැකියාව, බැංකු කටයුතු කිරීමේ හැකියාව වැනි අමතර කටයුතු රැසක සේවාවන් GPRS සමඟ ලැබේ.
LTE -
Long Term Evolution යන නමින් හඳුන්වන මෙය 2004 වර්ෂයේදී තුන්වන පරම්පරාවේ හවුල්කාර ව්‍යාපෘතිය (Third Generation Partnership Project-3GPP) මඟින් මෙම තාක්ෂණය නිර්මාණය කරන ලදී. GPRS සහ 3G හරය කරගත් ජාල එකතුවක් ලෙස LTE සැලකිය හැකිය. මෙහි ප්‍රධානම ඉලක්කය වුයේ ඉතා අධිවේගී දත්ත සම්ප්‍රේෂණ වේගයක් ලබාදීමයි. විශේෂ මෘදුකාංග කිසිවක් අමුතුවෙන්ස්ථා පනය කරන්න අවශ්‍ය නොවන නිසා plug and play ක්‍රමය යටතේ LTE උපකරණ භාවිතා කල හැකිය. එමෙන්ම LTE සතුවන පහසු බිල් ගෙවීමේ රටාව නිසාද මෙය ජනප්‍රිය ක්‍රම වේදයක් ලෙස හැඳින්විය හැකිය.
CDMA -
Code Division Multiple Access යනු මෙහි අර්ථයයි. ජංගම දුරකතන තාක්ෂණයේ ඩිජිටල් තාක්ෂණික පරිවර්තනයක් ලෙස මෙය ඉදිරිපත් විය. UHF (ultra-high-frequency) තරංග මෙහිදී භාවිතා කරන අතර සංඛ්‍යාත පරාසය 800 MHz සහ 1.9 GHz අතර අගයක් ගනී.