WiMAX - 



wifi වලට පසුව ඇති වේගවත් සහ නවතම රැහැන් රහිත තාක්ෂණික ක්‍රමවේදය වන්නේ WiMAX. WiMAX යන්නෙහි තේරුම තමයි Worldwide Interoperability for Microwave Access කියන එක. මෙය MAN කියන තාක්ෂණය මත රඳා පවතිනවා. ඒ කියන්නේ wifi වලට වඩා වේගවත් මෙන්ම වැඩි පරාසයක පැතිරුණු ආවරණ කලාපයක් wimax මඟින් ලබාදෙන්න පුළුවන්.

සාමන්‍යය දත්ත සම්ප්‍රේෂණය වගේම සජීවී audio සහ vidieo දර්ශන වඩා වේගයෙන් සහ පැහැදිලිව සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව wimax වලින් ලබාගන්න පුළුවන්. ආරක්ෂාව අතිනුත් wifi වලට වඩා wimax ඉදිරියෙන් සිටිනවා.


GSM- 



Global System for Mobile Communication කියන දිගු නාමයේ කෙටි යෙදුම තමයි GSM කියන්නේ. ජංගම දුරකථන දත්ත සහ හඬ සම්ප්‍රේෂණය සඳහා භාවිතා කරන තාක්ෂණය ක්‍රම වේදයක් ලෙස GSM හඳුන්වන්න පුළුවනි. මෙම ක්‍රමය ගැන මුලින්ම සංකල්පය ඉදිරිපත් වුනේ 1982 වර්ෂයේදී. ලෝකයේ ඩිජිටල් දුරකථන සන්නිවේදනයේ 70% ක ප්‍රමාණයක් GSM විසින් ලබාගෙන තියෙනවා. 64 kbps සිට 120 Mbps දක්වා දත්ත සම්ප්‍රේෂණ හැකියාවක් GSM සතු වෙනවා. ලෝකය පුරා රටවල් 210ක බිලියන එකක් පමණ වන ග්‍රාහක සංඛ්‍යාවක් භාවිතා කරන්නේ මෙම GSM දුරකථන තාක්ෂණයයි. GSM මඟින් ලබාදෙන්නේ සාමාන්‍යය දුරකථන හඬ සේවාව පමණක්ම නොවේ. ප්‍රධාන වශයෙන් සේවා කාණ්ඩ තුනක් යටතේ GSM තම සේවා සම්පාදනය කරනවා.

1. telephony සේවා/ teleservices - හඬ ඇමතුම්, වීඩියෝ ඇමතුම්, කෙටි පණිවිඩ සේවාව(SMS) ලබාදීම මෙහිදී සිදු වෙනවා.

2. bearer services (ධාරක සේවා) - ජංගම අන්තර්ජාල සේවා සැපයීම සඳහා දත්ත සම්ප්‍රේෂණය කිරීම තමයි මෙහිදී සිදුවන්නේ.

3. Supplementary services- call waiting, call hold, call barring, call forwarding වගේ සේවාවන් මේ කාණ්ඩයට අයත් වෙනවා.

GSM වල මුදල් අය කිරීම සිදුවන්නේ ගන්නා ඇමතුම් වල ස්වාභාවය අනුවයි. දේශීය සහ ජාත්‍යන්තර ඇමතුම්, කාර්ය බහුල කාලය තුල ගන්නා ඇමතුම්,රාත්‍රී කාලයේ ගන්නා ඇමතුම් ආදී ලෙස වර්ග කිරීම යටතේ තමයි අය කිරීම කරන්නේ. ඊට අමතරව SMS සහ GPRS සඳහා භාවිතය අනුව මුදල් ගෙවීමට සිදුවෙනවා.