5. Website Hosting



වෙබ් අඩවිය අන්තර්ජාලය තුල ස්ථාපිත කිරීම hosting ලෙස හැඳින්වේ. මෙය ආකාර දෙකකට කල හැකිය. එනම් තමන්ගේම වෙබ් අවකාශයක වෙබ් අඩවිය පිහිටුවීම හෝ බාහිරින් බද්දට ගත් අවකාශයක වෙබ් අඩවිය පිහිටුවීමයි. වර්තමානයේ බොහෝ දෙනෙක් කරනු ලබන්නේ web hosting සේවා සපයන ආයතනයකින් තමන්ගේ වෙබ් අඩවියට ගැලපෙන hosting package එකක් මිලට ගෙන එහි වෙබ් අඩවිය ස්ථාපනය කිරීමයි.
අද වන විට web hosting සමාගම් රාශියක් තරගකාරී ලෙස සේවා සපයන නිසා සාධාරණ අඩු මිළ ගණන් වලට සේවා ලබාගැනීමේ හැකියාව ඇත.

නමුත් web hosting සේවා ලබාගැනීමට පෙර සේවා දායකයන්ගේ පසුබිම ගැන මනා අදහසක් ලබාගැනීම වැදගත්වේ. ඔවුන්ගේ සේවා කාලය, සේවාවල ගුණාත්මක භාවය, පාරිභෝගික සේවා සහය,ආරක්ෂාව, සහ වියදම යන කරුණු ගැන සැලකිලිමත් වීම වැදගත් වේ.

පහතින් දැක්වෙන්නේ ඔබට web hosting සේවා ලබාගත හැකි සේවා දායකයින් කිහිපදෙනෙකු වේ.


Web hosting


6. Website Addresses / Domain Names



අන්තර්ජාලයට සම්බන්ධ වන ඕනෑම උපකරණයකට ඊටම අදාළ වූ IP ලිපිනයක් ඇත. එය 123.456.789.012 ආදී ආකාරයක් ගනී. නමුත් මෙවැනි අංක ඉලක්කම් මතකයේ තබාගැනීම පහසු නොවේ. එම නිසා එම අංක වලට අදාලව ලිපිනයක් තිබේ. මෙම ලිපිනය domain names හෙවත් වෙබ් ලිපින/වෙබ් නාම ලෙස හැඳින්වේ.
උදාහරයක් ලෙස අපගේ වෙබ් අඩවියේ ලිපිනය www.dailyict.com වේ.

මෙම domain නාමයන් කොටස් තුනකට වර්ග කල හැකිය.

• Sub domain: සම්මතය අනුව මෙය www වුවද වර්තමානයේ මෙය වෙනස් විය හැකිය.

• Second-level domain name: මෙමඟින් ඔබගේ වෙබ් අඩවියේ නම හෝ සමාගමේ නම ඉදිරිපත් කරනු ලබයි. (උදා:- dailyict)

• Top-level domain name: වෙබ් නාමයේ අවසානයට ඇති .com, .net ආදී ලෙස යෙදෙන කොටස වේ. මෙම top level domain නාමයන් වෙබ් අඩවියේ වර්ගය, වෙබ් අඩවිය අයත්වන රට අනුව විවිධ නාම කොටස් යටතේ ඉදිරිපත් කල හැකිය.




Related Articles

  • A/L ICT2016-07-04Infrastructure-as-a-Service Infrastructure-as-a-Service මඟින් තම පාරිභෝගිකයාට අවශ්‍ය මූලික භෞති… Read More
  • A/L ICT2016-07-04What is Cloud Computing? මොකක්ද මේ cloud computing කියන්නේ? අන්තර්ජාලය හරහා online සිටිමින් විවිධ ව… Read More
  • A/L ICT2016-07-04Public Cloud ModelPublic Cloud Model හෙවත් පොදුවේ භාවිතා කල හැකි cloud තාක්ෂණය මඟින් පද්ධති වලට සම… Read More
  • A/L ICT2016-07-04Community Cloud Model සමාගම් හෝ සංවිධාන කිහිපයක් මඟින් පද්ධති සහ සේවාවන් සමඟ සම්බන්ධවීම Communit… Read More
  • A/L ICT2016-07-04Hybrid Cloud ModelHybrid Cloud යනු private සහ public cloud දෙකෙහිම එකතුවකි.අවදානම් රහිත වැඩ කටයුතු… Read More
  • A/L ICT2016-07-04Private Cloud Model Private Cloud මඟින් කිසියම් සමාගමක් ඇතුලත cloud සේවා සහ පද්ධති භාවිතා කිරීමේ හැ… Read More