Basic of IT
Google
Higher Education
Top Articles
Windows
Windows මෙහෙයුම් පද්ධතිය සඳහා ආදේශක
ඔබේ පරිඝනකයේ මෙහෙයුම් පද්ධතිය කුමක්ද කියල කෙනෙක් ඇසුවොත් ඔබේ පිළිතුර...Windows 7 කියාවි නැත්තන් Windows 8,10 කියාවි. ගොඩක් අය භාවිතා කරන්නෙම Windows මෙහෙයුම් පද්ධති තමයි. ඇයි එහෙම වෙන්නේ? ඒක නොමිලේ ලැබෙන එකක්ද? නැහැ.. කොහෙත්ම නැහැ. අපි මෙම Windows මෙහෙයුම් පද්ධතිය නොමිලේ වගේ භාවිතා කරාට ඇත්තෙන්ම මෙය නොමිලේ ලැබෙන එකක් නෙවෙයි. මෙය මුදල් ලබාදී ගන්න ඕන මෙහෙයුම් පද්ධති මෘදුකාංගයක්. නමුත් අපි පුරුදු වෙලා ඉන්නේ අන්තර්ජාලයෙන් මෙය නොමිලේ අරන් key එකක් crack එකක් යොදලා භාවිතා කරන්නයි. Windows කියන්නේ ගොඩක් user friendly ගොඩක් වැඩ කටයුතු කරන්න පුළුවන් ආකර්ශනීය මෙහෙයුම් පද්ධතියක්. ඉතින් ඒ වගේ මෙහෙයුම් පද්ධති තව නැද්ද? ඇත්තෙන්ම තියෙනවා. ශ්‍රී ලාංකික අපි Windows භාවිතා කරාට සමහර රටවල් Windows භාවිතා කරන්නෙම නැහැ.ඒ වෙනුවට ඔවුන් භාවිතා කරන වෙනත් මෙහෙයුම් පද්ධති ඕනා තරම් තියෙනවා. අපේ රටෙත් සමහර අය Windows වෙනුවට මෙවැනි ආදේශ මෙහෙයුම් පද්ධති භාවිතා කරනවා. මේ කියන්න හදන්නෙත් ඒ වගේ Windows වෙනුවට භාවිතා කරන්න පුළුවන් ආදේශක මෙහෙයුම් පද්ධති කිහිපයක් ගැනයි.

1. Ubuntu

Linux කේතයන් මත නිර්මාණය වූ මෙහෙයුම් පද්ධතියක් තමයි මේ Ubuntu කියන්නේ. මෙයත් Windows වගේම ගොඩක් අලුත් අංගයන්ගෙන් සමන්විත මෙහෙයුම් පද්ධතියක්. පරිඝනක,ලැප්ටොප්,ස්මාර්ට් ෆෝන්ස් වලට වගේම server පරිඝනක සඳහාත් Ubuntu භාවිතා කරන්න හැකියාව තියෙනවා. Ubuntu install කිරීමේදී LibreOffice, Mozilla Firefox, Thunderbird වැනි මෘදුකාංගත් නොමිලේ ලැබෙනවා. ඒ වගේම Windows මෙහෙයුම් පද්ධතිය තුල වැඩ කරන මෘදුකාංග බොහොමයක් Ubuntu තුලත් ක්‍රියාත්මක වෙනවා.
Ubuntu ලබාගන්න
2. Linux Mint

මෙයත් Linux කේතයන් මත නිර්මාණය වූ තවත් එක නොමිලේ ලබාගන්න පුළුවන් මෙහෙයුම් පද්ධතියක්. නමුත් මෙය install කිරීමේදී Ubuntu තරම් පහසු නැහැ. හැබැයි ගොඩක් Linux Mint භාවිතා කරන්නන් පවසන්නේ පහසුවෙන් customize කල හැකි ගොඩක් අංග මෙහි අඩංගු වන බවයි.
Linux Mint ලබාගන්න
3. Mac OS

ලොව වැඩිපුරම භාවිත කරන දෙවන මෙහෙයුම් පද්ධතිය තමයි මේ Mac OS කියන්නේ. මෙම මෙහෙයුම් පද්ධතිය Apple සමාගම විසින් නිර්මාණය කරේ ඔවුන්ගේ පරිඝනක සහ ලැප්ටොප් සඳහායි. 2012 වසර වෙනකන් මෙය Mac OS X පසුව 2016 වනතුරු OS X ලෙසද හඳුන්වනු ලැබුවා. දැන් එන නවතම මෙහෙයුම් පද්ධතිය Hackintosh වන අතර එය ඕනෑම පරිඝනකයක් තුල install කිරීමේ හැකියාව තිබෙනවා.
Mac OS ලබාගන්න
4. Chrome OS

Chrome කියන නම අහපු ගමන් ඔබට මතක් වෙන්නේ.... ඔව් ඔබ හරි ! Chrome වෙබ් බ්‍රොව්සර් එක ඔබ භාවිතා කරලත් ඇති. Google සමාගමේ නිෂ්පාදනයක් වුනත් Chrome OS නිර්මාණය කර තිබෙන්නේත් Linux කේතයන් මත තමයි. Chrome OS මුලින් නිර්මාණය කරේ අන්තර්ජාලය හරහා Cloud තාක්ෂනය ඔස්සේ භාවිතා කිරීමටයි. Google විසින් නිර්මාණය කරන Chromebooks වලට තමයි මෙම Chrome OS භාවිතා වෙන්නේ. නමුත් ඔබට අවශ්‍ය නම් නොමිලේම ලබාගෙන ඕනෑම පරිඝණකයක යෙදීමට Chromium OS ලබාගැනීමේ හැකියාව තිබෙනවා. Chromium OS භාවිතා කිරීමේ වාසියක් වන්නේ ඔබට Android මෙහෙයුම් පද්ධති වල ධාවනය වන Apps භාවිතා කිරීමේ හැකියාව ලැබීමයි.
Chrome OS ලබාගන්න
5. Remix OS

Android මෙහෙයුම් පද්ධතියක් ඔබේ පරිඝනකය තුල තියේනම් කොහොමද? ඔබට එය වෙනස්ම අත්දැකීමක් වේවි. ඉතින් ඒ අත්දැකීම ගන්න ඔබට හැකියාව ලැබෙන මෙහෙයුම් පද්ධතියක් තමයි මේ Remix OS කියන්නේ. Remix OS එකද Linux කේතයන් මත නිර්මාණය කරන ලද එකකි.
Remix OS ලබාගන්න
මෙවැනි තවත් Windows වෙනුවට භාවිතා කල හැකි Linux කේතයන් මත පදනම් වූ මෙහෙයුම් පද්ධති කිහිපයක් තිබෙනවා. ඒවා ලබාගත හැකි වෙබ් අඩවි වලට ගොස් ඔබත් බලන්න.
* Kubuntu OS
* Fedora OS
* Solas OS
* React OS