Wireless Networks වර්ග සඳහා  උදාහරණ

ප්‍රධාන වශයෙන් තාක්ෂණය සහ භාවිතා කරන මූලික ක්‍රමවේද අනුව Wireless Networks කොටස් කිහිපයක් යටතේ ගත හැකිය.



GPRS,cdma,gsm,wi-fi,wi-max සහ ප්‍රධාන පරම්පරා වර්ග වන 2G,3G,4G සහ නුදුරු අනාගතයේ පැමිණීමට තිබෙන 5G Wireless Networks වර්ග සඳහා හොඳම උදාහරණ වේ.

Wi-Fi -



Wi-Fi හි අර්ථය වනුයේ Wireless Fidelity යන්නයි. LAN තාක්ෂණයට අයත්වන මෙය සීමිත ප්‍රදේශයක් පමණක් ආවරණය කරනු ලබනවා. බොහෝවිට නිවසක්,ගොඩනැගිල්ලක්,කාර්යාල ප්‍රදේශයක් වැනි කලාපයක් තුල Wi-Fi තරංග පැතිරෙනවා.සාමාන්‍යයෙන් Wi-Fi වල ආවරණ කලාපය අඩි 100ක් පමණ තමයි වෙන්නේ. 3G වලට වඩා Wi-Fi වල දත්ත සම්ප්‍රේෂණය වේගවත්. මෙහි 20 MHz වගේ සංඛ්‍යාත ප්‍රමාණයක් සහිත කලාප පළලක්(bandwidth) අඩංගු වෙනවා.

Wi-Fi වලත් භාවිතා කරන්නේ ගුවන් විදුලි තරංගම තමයි. මෙම තරංග එක් Wi-Fi ඇන්ටනාවකින් නිකුත් කරන විට Wi-Fi තරංග ග්‍රහණය කරගත හැකි  ඇන්ටනාවක් සහිත උපකරණයකින්  ඒවා ලබාගන්නවා. බොහෝවිට පරිඝනක සහ දුරකථන වල ඇති Wi-Fi cards මඟින් මෙය සිදු කරනවා.

Wi-Fi cards බාහිර සහ අභ්‍යන්තර ලෙස තිබෙන්න පුළුවන්.ඔබේ පරිඝනකයේ  Wi-Fi card එකක් නොමැති නම් usb සම්බන්ධයක් හරහා පිටතින් එය පරිඝනකයට සම්බන්ධ කරන්න පුළුවනි.

පහතින් දැක්වෙන්නේ එහෙම  Wi-Fi card එකක සටහනක්.

Wi-Fi සංඥා ඇති ස්ථානයක්  Wi-Fi hotspot එකක් ලෙස හැඳින්වෙනවා. ශ්‍රී ලංකාවේ මේ වන විට Wi-Fi hotspot රැසක් තිබෙනවා. විශේෂයෙන් රාජ්‍ය ආයතන,බස් නැවතුම්පොළ සහ දුම්රිය නැවතුම්පොළ වලත් Wi-Fi hotspot ස්ථාපනය කර තිබෙනවා. සුපිරි වෙළඳ සංකීර්ණ, ගුවන්තොටුපොළ,බැංකු ආදී ස්ථාන වලත් Wi-Fi hotspots ඇති කරලා තිබෙනවා.

ඉතින් මෙවැනි ස්ථානයකට යන ඕනෑම කෙනෙකුට තමන්ගේ Wi-Fi පහසුකම් සහිත උපකරණයකින් අන්තර්ජාල ප්‍රවේශය ලබාගන්න පුළුවනි.

Wi-Fi වල අයහපත් තත්වයන් කිහිපයක් තිබෙනවා. එහෙම වෙන්නේ විවිධ කරුණු කිහිපයක් නිසා.

* ආරක්ෂාව- Wi-Fi වල ප්‍රධානම අවාසිය තමයි ආරක්ෂාව නොමැති වීම. ජාල වලට සම්බන්ධ වී පද්ධති වලට හානි කල හැකි පුද්ගලයින්ට(hakers)පුළුවන් wi-fi ජාලයකට සම්බන්ධ වී සිටින අයගේ උපකරණ වලට හොරෙන් ඇතුළුවී ඒවායේ ඇති රහස්‍ය තොරතුරු ලබාගන්න. Wi-Fi වල ඇති මේ ලොකු අඩු පාඩුව නිසා තමයි පොදු Wi-Fi hotspot වලත් මුරපද යොදලා,තවත් ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරලා Wi-Fi පහසුකම් ලබාදෙන්නේ. නමුත් එවැනි ක්‍රම වලින් උනත් බේරිලා Wi-Fi hotspot එකක් hack කිරීම හැකියාව තිබෙන hackers ලා ඉන්න පුළුවනි.

* උපකරණ සහ තාක්ෂණික ක්‍රම වේද වල ඇති අඩුපාඩු - මේ කියන්නේ සමහර wifi උපකරණ සහ මෘදුකාංග වෙනත් wifi උපකරණ සහ මෘදුකාංග මෙම wifi තාක්ෂණය සමඟ නිවැරදිව ගැලපෙන්නේ නැත කියන එකයි. වර්තමානය වන විට නම් wifi සම්බන්ධ උපකරණ නිෂ්පාදකයින් සම්මතයන් වලට අනුකූලව උපකරණ නිපදවන නිසා මේ ගැටලුව ගොඩක් දුරට විසඳගන්න පුළුවන් වෙලා තිබෙනවා.

* wifi සේවා වන වලට අදාලව මුදල් ගෙවීමේ වෙනස්කම් - විවිධ wifi සේවා සපයන අය ඔවුන්ගේ සේවා ලබාදීම අනුව මුදල් අය කරගැනීමට එක් එක් ක්‍රම භාවිතා කරනු ලබනවා. උදාහරණයක් විදියට දිනකට,භාවිතා කරන පැය ගණනට, පැයට, අසීමිත(unlimited) සහ මාසික ගාස්තු යටතේ වගේ විවිධ ක්‍රම නිසා පාරිභෝගිකන් අපහසුතාවයට පත් වෙනවා. මේ නිසා wifi සඳහා මුදල් ගෙවීමට නිශ්චිත ක්‍රම වේදයක් තිබීම යෝග්‍ය වෙනවා.


Related Articles