Breaking
Loading...
Private Cloud මඟින් කිසියම් සමාගමක් ඇතුලත cloud සේවා සහ පද්ධති භාවිතා කිරීමේ හැකියාව ලබාදී ඇත. සමාගමේ ප්‍රධානීන්ට සහ වැඩ කරන සේවකයන්ට Private Cloud සේවා ලැබිය හැකිය.


Private Cloud වල ඇති වාසි -

1. High Security and Privacy - මෙම ක්‍රමයේ ඇති ප්‍රධානම වාසිය වන්නේ තිබෙන දැඩි ආරක්‍ෂිත භාවයයි. එමෙන්ම පාරිභෝගිකයන්ගේ පුද්ගලිකත්වයද මනාව ආරක්ෂා කරයි.
2. More Control - සමාගමක් විසින් භාවිතාකරන නිසා මෙහිදී ලැබෙන විවිධ සේවාවන් සහ සම්පත් (දෘඩාංග සහ මෘදුකාංග) පාරිභෝගිකයන්ට අවශ්‍ය පරිදි පහසුවෙන් පාලනය කිරීම හා වෙනස් කිරීම සිදුකල හැකිය.
3. Efficiency - Private Cloud මඟින් ලැබෙන සේවා සහ සම්පත් වල කාර්යක්ෂමතාවය ඉතා ඉහලය.

Private Cloud වල ඇති අවාසි -

1. Limited area - කිසියම් සමාගමකට පමණක් සේවා සපයන ක්‍රමයක් නිසා එම අදාළ සමාගමේ සීමාවන් ඇතුලත පමණක් මෙම සේවා භාවිතා කිරීමට සිදුවේ.
2. High Priced - ලබාදෙන සේවාවන් වල කාර්යක්ෂමතාවය,ගුණාත්මකභාවය සහ ඉහල ආරක්ෂාව නිසා Private Cloud Model යනු මිල අධික ක්‍රමයකි.
3. Expert Skills - Private Cloud Model යනු තාක්ෂණික අතින් ඉතා ඉහල ක්‍රමවේදයක් නිසා එහි සේවාවන් සහ සම්පත් භාවිතා කිරීමට ඉහල දැනුමක් ඇති පුද්ගලයන් සිටිය යුතුයි.