Breaking
Loading...

මොකක්ද මේ cloud computing කියන්නේ?

අන්තර්ජාලය හරහා online සිටිමින් විවිධ ව්‍යාපාරික මෘදුකාංග හෙවත් applications සමඟ ගනුදෙනු කිරීමේ හැකියාවයි. මේ අනුව කෙනෙකුට තමන්ට අවශ්‍ය විවිධ වර්ගයේ මෘදුකාංග මිලට ගැනීමට,ඒවා නිර්මාණය කිරීමට,තමන්ට අවශ්‍ය පරිදි සකස් කිරීමට වැනි කටයුතු කිරීමේ හැකියාව පවතී.
මෙහි cloud හෙවත් වලාකුළු යන්නෙන් අදහස් වන්නේ කිසියම් ජාලයක් (network) හෝ අන්තර්ජාලය යන්නයි. එනම් ඕනෑම තැනක සිට කිසියම් දෙයක් සමඟ එකතු වීමේ හැකියාව මේ හරහා ලැබේ. Cloud මඟින් WAN,LAN හෝ VPN යන පුද්ගලික හෝ පොදු ජාල හරහා විවිධ සේවා සැපයිය හැකිය.
මෙම cloud computing තාක්ෂණය පිළිබඳව මුලින්ම සංකල්පය ඇති වූයේ 1950 වැනි ඈත අතීතයක සිටයි. පහත සටහනින් දැක්වෙන්නේ 1950 සිට වර්තමානය දක්වා cloud computing වල සිදුවූ පරිණාමයයි.


email සේවා, අන්තර්ජාල සම්මන්ත්‍රණ, පාරිභෝගික සේවා කළමනාකරණ සැපයුම් වැනි කාර්යයන් cloud තාක්ෂණය ඔස්සේ සිදුකල හැකිය. Cloud computing තාක්ෂණය මඟින් මෘදුකාංග සහ දෘඩාංග යන දෙවර්ගයම ලොව ඕනෑම තැනක සිට අන්තර්ජාලය හරහා භාවිතා කිරීමේ හැකියාව එම පරිශීලකයන්ට ලැබේ.
මෙය භාවිතා කිරීමේදී අපගේ පරිඝනකයේ විශේෂ මෘදුකාංගයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයක් නැති අතර මෙහෙයුම් පද්ධතියේ විශේෂයක්ද අවශ්‍ය නොවේ.

Cloud computing හේ භාවිතා වන මූලික සංකල්ප දෙවර්ගයකි. ඒවාට cloud computing models යයි කියනු ලැබේ.

1. Deployment Models
2. Service Models

Deployment Models -

මෙමඟින් හදුන්වනු ලබන්නේ cloud computing සමඟ සම්බන්ධ විය හැකි ආකාරයන් වේ. එනම් cloud කෙසේ ස්ථානගත වී ඇතිද යන්නයි. මේ අනුව cloud ස්ථාපිත විය හැකි ආකාර 4ක් පවතී.

* Public, Private, Hybrid, and Community

Public - විවිධ පද්ධති සහ සේවාවන්ට සාමාන්‍ය පොදු ක්‍රම සහ ස්ථාන වලින් සම්බන්ධ වීමේ හැකියාව මේ නමින් හඳුන්වයි. මෙය ඕනෑම කෙනෙකුට පොදුවේ භාවිතා කල හැකි
වුවත් මෙහි ආරක්‍ෂිතභාවය ඉතා අඩුය.

Private - කිසියම් සංවිධානයකට හෝ සමාගමකට පමණක් cloud සමඟ සම්බන්ධ විය හැකි වීම මෙම ක්‍රමයෙන් සිදුවේ. මෙය පුද්ගලික වන නිසා ආරක්ෂාව පැත්තෙන් යහපත් වේ.

Hybrid - දෙමුහුම් හෙවත් hybrid cloud යනු ඉහත පුද්ගලික හා පොදු යන දෙවර්ගයේ එකතුවකි. මේ අනුව අවදානම් සහිත තීරණාත්මක වැඩ කටයුතු පුද්ගලික හෙවත්
 private cloud මඟින්ද, අවදානම් රහිත තීරණාත්මක නොවන වැඩ කටයුතු public cloud මඟින්ද සිදු කෙරේ.

Community - කිසියම් සංවිධානයක හෝ සමාගමක විවිධ කණ්ඩායම් මඟින් cloud භාවිතා කිරීමේ හැකියාව community cloud තාක්ෂණයෙන් සිදු කෙරේ.



Service Models -

අනිත් ක්‍රමය වන්නේ සේවා සැපයීමේ ක්‍රමය හෙවත් Service models ආකාරයයි.

සපයන සේවා අනුව මෙය කොටස් 3කට වර්ගීකරණය කල හැකිය.

Infrastructure-as–a-Service IaaS
Platform-as-a-Service PaaS
Software-as-a-Service SaaS

තවද Anything-as-a-Service නම් තවත් එක් සේවා ක්‍රමයක් ඇති අතර එහි අඩංගු වන්නේ Network-as-a Service, Business-as-a-Service, Identity-as-a-Service, Database-as-a-Service හා Strategy-as-a-Service යන ඒවා වේ.

Infrastructure-as–a-Service IaaS

සේවාවක් ලෙස යටිතල ව්‍යූහය යන මෙම සේවාවෙන් ලැබෙන්නේ භෞතික යන්ත්‍ර, virtual යන්ත්‍ර, virtual දත්ත ගබඩා පහසුකම් යන ආදියයි. එනම් තව ව්‍යාපාර සඳහා පරිඝනක කොටස් සෘජුවම ලබා නොගෙන
එම සේවා අන්තර්ජාලය හරහා භාවිතා කල හැකි ලෙස මිලදී ගැනීමයි.
උදාහරණයක් ලෙස තම දත්ත සහ තොරතුරු ගබඩා කරගැනීම සඳහා Google drive භාවිතා කිරීම.

Platform-as-a-Service PaaS

මෙමඟින් ලැබෙන්නේ තම ව්‍යාපාරය හෝ අවශ්‍යතාවය සඳහා විවිධ මෙහෙයුම් පද්ධති මෘදුකාංග, සංවර්ධන උපාංග ආදිය online භාවිතා කිරීමේ හැකියාව ලබාගනීමයි.

Software-as-a-Service SaaS

විවිධ වර්ගයේ මෘදුකාංග භාවිතා කර වැඩ කටයුතු කරගැනීමේ සේවාව මේ නමින් හඳුන්වයි.

මෙම එක් එක් සේවා ගැන ඉදිරි කොටස් වල වඩාත් විස්තරාත්මකව ඔබට තොරතුරු ලබාගත හැකිය.