
සමාගම් හෝ සංවිධාන කිහිපයක් මඟින් පද්ධති සහ සේවාවන් සමඟ සම්බන්ධවීම Community Cloud ලෙස හැඳින්වේ. මෙවිට කිසියම් විශේෂිත වූ ප්‍රජාවකට අදාළ සමාගම් හෝ සංවිධාන කණ්ඩායම් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මඟින් cloud සේවාවන් හුවමාරු කරගෙන භාවිතා කිරීම සිදුවේ. සංවිධාන තුලින් හෝ ඊට පරිබාහිරින් වූ තුන්වන පාර්ශවයක් මඟින් මෙම cloud model පාලනය කිරීම සිදු කරයි.

Community Cloud වාසි
1. Cost Effective - මෙම ක්‍රමයේදී ලබාදෙන සේවා සහ පද්ධති සඳහා වන වියදම අඩුය.
2. Sharing Facility - සමාගම් සහ සංවිධාන අතර විවිධ සම්පත් හුවමාරු කරගෙන භාවිතා කිරීම පහසුකම මෙමඟින් ලැබේ.
3. Security - Community Cloud වල ආරක්‍ෂිත භාවය 100% ක් ම නැත. මෙහි ආරක්ෂාව public cloud වලට වඩා වැඩි අතර private cloud වලට වඩා අඩුය.
Community Cloud අවාසි
1. සියලුම දත්ත සහ තොරතුරු එකම cloud එකක ඇති නිසා වෙනත් පුද්ගලික කෙනෙකුගේ විස්තර තවත් කෙනකුට ලැබීමේ හැකියාව ඇත.
2. සමාගම් හෝ සංවිධාන කිහිපයක් අතර cloud හුවමාරු කරගෙන භාවිතා කිරීම නිසා එහි අයිතිය සහ වියදම් දැරීමේ වගකීම පිළිබඳව ප්‍රශ්න ඇති විය හැකිය.