Infrastructure-as-a-Service මඟින් තම පාරිභෝගිකයාට අවශ්‍ය මූලික භෞතිකමය සම්පත් වන පරිඝනක යන්ත්‍ර, ගබඩාකරණ පහසුකම් ආදිය virtual ලෙස (එනම් පාරිභෝගිකයාට භෞතිකමය කොටස් මිලදී ගෙන තමන් ළග තබාගත යුතු නැති අතර cloud සේවා සපයන ආයතන වල ඇති එවැනි සම්පත් අන්තර්ජාලය හරහා භාවිතා කිරීමේ හැකියාව ) cloud හරහා භාවිතා කිරීමේ හැකියාව ලබාදීම සිදු කරයි.
මෙම සේවාව හරහා ලැබෙන වාසි බොහොමයක් තිබේ.

වාසි - 

1. පහසුවෙන් තමන් කැමති ස්ථානයක සිට, කැමති වෙලාවක සම්පත් භාවිතා කිරීමේ හැකියාව.
2. භෞතිකමය සම්පත් ගබඩා කිරීමට අවශ්‍ය නොවන නිසා තම ව්‍යාපාර ස්ථාන වල ඉඩකඩ පහසුකම් ලැබීම.
3. භෞතිකමය සම්පත් වලට වැයවන විදුලිය,නඩත්තු වියදම් ආදිය අවම වීම.
4. cloud සේවා සපයන ආයතන වලින්ම සියලු නඩත්තු කටයුතු සහ යාවත්කාලීන කිරීම සිදු කරන නිසා පාරිභෝගිකයන්ට පහසුවෙන්ම තම ව්‍යාපාර නව්‍යකරණය කරගැනීම හැකියාව.
5. තමන්ගේ අවශ්‍යතාවයන්ට අනුව සේවා සහ සම්පත්  වලට මුදල් ගෙවීමේ හැකියාව.


අවාසි -

1. cloud සේවා සපයන ආයතන වල සිදුවන හදිසි බිඳ වැටීම් නිසා දත්ත සහ තොරතුරු වලට හානි සිදුවිය හැකිවීම.
2. මනා දැනුමක් තිබිය යුතුවීම.
3. සමහර භෞතිකමය සම්පත් සෑම මෘදුකාංගයක් සමඟම වැඩ නොකරන බැවින් ගැලපෙන මෘදුකාංගද cloud හරහා ලබාගැනීමට සිදුවීම.