Breaking
Loading...
Hybrid Cloud යනු private සහ public cloud දෙකෙහිම එකතුවකි.අවදානම් රහිත වැඩ කටයුතු public cloud මඟින් සිදුකරන අතර අවදානම් සහගත වැඩ කටයුතු private cloud මඟින් සිදු කරයි.



Hybrid Cloud වාසි - 

1. Flexibility - නම්‍යතාවය හෙවත් ලැබෙන සම්පත් සහ සේවාවන් මනාව පාලනය කිරීමේ සහ භාවිතා කිරීමේ හැකියාව මෙමඟින් ලැබෙන ප්‍රධාන වාසියක් වේ.
2. Cost Efficiency - Private cloud වලට වඩා මෙම ක්‍රමය ලාබදායී වේ.
3. Security - ඉතා ඉහල ආරක්ෂණ ක්‍රමවේද ඇති නිසා Hybrid Cloud යනු ආරක්ෂාව පැත්තෙන් ඉහල ක්‍රමවේදයකි.

Hybrid Cloud අවාසි - 

1. Networking Issues - private සහ public cloud යන ක්‍රමවේද දෙකේම එකතුවක් නිසා මේවා එකිනෙක ජාලගත කරනවිට සහ ඒවා භාවිතා කරනවිට ගැටළු මතුවේ.
2. Complexity - private සහ public cloud යන සංකල්ප දෙකෙහිම එකතුවක් වන නිසා Hybrid Cloud  භාවිතා කරනවිට ඉතා හොඳ තාක්ෂණික දැනුමක් තිබිය යුතුයි.