
A/L ICT
Higher Education
O/L ICT
Web Design
Web Development
Web Development - Part IV
4. Website testing
වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම සකස් කිරීමෙන් අනතුරුව එය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද,එහි අඩු පාඩු තිබේද යන්න පරීක්ෂා කල බැලිය යුතුය. මෙය testing කිරීම වේ. testing කිරීම ක්‍රම කිහිපයකට කරන්න අවශ්‍යයයි.

☑ Code Testing- සියලුම coding ක්‍රම වලට අනුව වැඩසටහන්කරණය කර තිබේද යන්න පරීක්ෂා කිරීම.
☑ Design Testing- වෙබ් අඩවියේ පිළිවෙලට අනුව සියලුම වෙබ් පිටු සකස් කර තිබේද යන්න පරීක්ෂා කල යුතුය.
☑ Spelling Testing - html සහ අනිත් සියලුම code කොටස් නිවැරදි ව්‍යාකරණ වලට අනුව කර තිබේද යන්න පරීක්ෂා කෙරේ.
☑ Hyperlink Testing - වෙබ් අඩවියේ අන්තර්ගත වෙබ් පිටු ඇතුළු වෙනත් සම්පත් වර්ග නිවැරදිව link කර තිබේද,ඒවා නිවැරදිව ක්‍රියාත්මක වේද යන්න පරීක්ෂා කිරීම.
☑ Security Testing - වෙබ් අඩවිය තුල කොපමණ ආරක්ෂාවක් තිබේද,එය වෙනත් තුන්වන පාර්ශවයන්ට (hakers) පාලනයට ගත හැකිද,එවැනි අඩුපාඩු තිබේනම් දෝෂ නිවැරදි කිරීම මෙම පියවරේදී සිදුකල යුතුය.
☑ Performance Testing - වෙබ් අඩවිය පරිශීලකයන් විසින් භාවිතා කරන විට කෙසේ ක්‍රියාත්මක වේද,එහි වේගය load වන ආකාරය ආදිය ගැන විමසනු ලබයි.
☑ Operational Monitoring - වෙබ් අඩවිය අන්තර්ජාලයට ක්‍රියාත්මක තත්වයෙන් මුදා හැරිය පසුව වැඩ කරගෙන යන අතරතුර පරීක්ෂා කිරීම,අඩුපාඩු පරීක්ෂා කර නිවැරදි කිරීම සිදුවේ.