1. වෙබ් අඩවිය සැලසුම් කිරීම -


සාර්ථක වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ පළමු පියවර මෙය වේ. ඔබට වෙබ් අඩවියක් අවශ්‍ය ඇයි? ඔබගේ වෙබ් අඩවියෙන් ඔබට ලැබෙන වාසිය කුමක්ද? ඔබගේ  වෙබ් අඩවියට ආකර්ෂණය කරගැනීමට බලාපොරොත්තු වන පිරිස (audience) කව්රුන්ද, ඔවුන් වෙබ් අඩවිය හරහා බලාපොරොත්තු වන්නේ කුමක්ද ආදී කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
වර්තමානයේ දැනට පවතින නවතම තාක්ෂණයන් සහ ව්‍යාපාර නව්‍යකරණයන් පිළිබඳවද, වෙබ් අඩවියට ළඟා වන අය පිරිස කැමති අකමැති දේවල් ගැනද සැළකිලිමත් විය යුතුය.

ව්‍යාපාර ඉලක්ක -


වෙබ් අඩවියක් නිර්මාණය කිරීම හරහා වෙබ් අඩවි හිමිකරු මූලික වශයෙන් බලාපොරොත්තුවන කරුණු කිහිපයක් ඇත.

* ලාබ/මුදල් ඉපයීම - වෙබ් අඩවියකට පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීමෙන් භාණ්ඩ හා සේවා වැඩිපුර විකුණා ගත හැකිය. උදාහරණයක් ලෙස විද්‍යුත් උපාංග ව්‍යාපාරයකට වෙබ් අඩවියක් හරහා තම භාණ්ඩ විකුණා ගැනීමේ හැකියාව ලැබේ.

* අනවශ්‍ය වියදම් අඩු කර ගත හැකිය - ව්‍යාපාරයක් කිරීමේදී ගොඩනැගිලි,ජල විදුලි සහ කම්කරු ආදී වියදම්  දැරීමට සිදුවේ. නමුත් වෙබ් අඩවියක් හරහා ව්‍යාපාරයක් කිරීම නිසා මෙවැනි වියදම් අඩු කර ගත හැකිය.

වෙබ් අඩවියක් නිර්මානයේදී සැලකිලිමත් වන තවත් කරුණු දෙකක් වන්නේ කාලය සහ මුදල් වේ. ඔබගේ වෙබ් අඩවිය නිර්මාණය කිරීමට කොතරම් කාලයක් ගතවේද, ඒ සඳහා කොපමණ මුදලක් වැය කරන්න සිදුවේද යන්න මූලික වශයෙන් සිතා බැලිය යුතුය.

උදාහරණයක් ලෙස ඇඟලුම් සම්බන්ධ ව්‍යාපාරයක් කරන පුද්ගලයෙකුට නව වසර එළඹීමට පෙර උත්සව සමයේදී තම පාරිභෝගිකයන්ට ළඟා වීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අවශ්‍යව ඇත. මේ සඳහා ලොකු මුදලක් වැය කරත් ඔහුට අවශ්‍ය උත්සව සමය වනවිට වෙබ් අඩවිය නිර්මාණය කර අවසන්නො කළහොත් ඔහුට ඉන් බලාපොරොත්තු වූ ඉලක්ක වලට ළඟා විය නොහැකිය.


2. වෙබ් අඩවියේ අන්තර්ගතය -


වෙබ් අඩවියක අන්තර්ගතය යනු එහි ඇතුලත් විය යුතු සියලු තොරතුරු සහ අංග උපාංග ආදිය වේ. ඔබගේ වෙබ් අඩවියට පැමිණෙන අයට/පාරිභෝගිකයන්ට පහසුවෙන් තොරතුරු දැනගත හැකි තම අවශ්‍යතා සපුරාලිය හැකි ආකාරයේ ආකර්ශනීය ලෙස නිර්මාණය විය යුතුය. මූලික වශයෙන් වෙබ් අඩවියක අන්තර්ගත විය යුතු මූලිකාංග කිහිපයක් තිබේ.

• Plain text වෙබ් අඩවියේ අන්තර්ගත වන තොරතුරු අකුරු,ඉලක්කම් ආදියෙන් ඉදිරිපත් කිරීම.

• Video/Audio වෙබ් අඩවියේ පරිශීලකයන්ට තොරතුරු වඩාත් විස්තරාත්මකව ඉදිරිපත් කිරීමට ශ්‍රව්‍යමය සහ දෘශ්‍යමය කොටස් එක් කිරීම.

• Flash ආකර්ශනීය අන්තර්ගතයන් එකතු කිරීමට animation එකතු කිරීම flash කොටස් වලින් සිදු කරයි.

• PDF විවිධ ලිපි,ලේඛන ආදිය භාගත කරගෙන බැලීමට pdf යොදා ගත හැකිය.

• Other ඉහත කොටස් වලට අමතරව වෙනත් වෙබ් අඩවි සහ පිටු වලට links, සමාජ ජාල වෙබ් අඩවි කොටස් (facebook,google+ ආදී), තමන්ට ඇති ගැටළු ඇසීමට සුදුසු යාන්ත්‍රණයක්, වෙබ් අඩවිය හෝ ව්‍යාපාරය සමඟ ගනුදෙනු කිරීමේ පහසුකම් යන ආදිය සැපයීම සිදුකල යුතුය.

මීළඟ කොටසින් වෙබ් අඩවිය නිර්මාණකරණය ගැන ඔබට විස්තර දැනගන්න පුළුවන්...


Related Articles

  • Basic of eMoney2016-12-20Domains විකුණා මුදල් සොයමු වෙබ් අඩවියක් නිර්මාණය කරනවිට එයට අනිවාර්යෙන්ම තිබිය යුතු දෙයක් තමයි domain … Read More
  • Basic of IT2016-12-28නොමිලේ domains අරගන්න වෙබ් අඩවියක් නිර්මාණය කරද්දී ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වෙබ් අඩවියට … Read More
  • A/L ICT2016-07-20Web Development - Part IV 4. Website testing වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම සකස් කිරීමෙන් අනතුරුව එය නිසි පරිද… Read More
  • A/L ICT2016-07-20Web Development - Part II 3. නිර්මාණකරණය -  තම වෙබ් අඩවිය කෙසේ විය යුතුද යන්න සැලසුම් කිරීමෙන් පසුව… Read More
  • A/L ICT2016-07-20Web Development - Part III වෙබ් අඩවිය ගොඩනැගීම -  ඉහත කරන ලද සියලුම නිර්මානකරණයන් වැඩසටහන්කරණය කිරීම… Read More
  • A/L ICT2016-07-20Web Development - Part V 5. Website Hosting වෙබ් අඩවිය අන්තර්ජාලය තුල ස්ථාපිත කිරීම hosting ලෙස හ… Read More