Breaking
Loading...


වෙබ් අඩවියක් නිර්මාණය කරද්දී ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වෙබ් අඩවියට හොඳ නමක් ලබාගන්න බැරිවීම. තමන් කැමති නමක් අරගෙන ඒකට domain එක බලද්දී එය මීට කලින් කෙනෙක් අරගෙන දැනට පාවිච්චි කරනවා. ඉතින් එහෙම වුනාම හොඳ නමක් ගන්න එක ලේසි නැහැ. ගොඩක් අය හිතනවා වෙබ් අඩවියේ නම, domain name එක වගේ ඒවා වෙබ් අඩවියේ ජනප්‍රියතාවයට ලොකු බලපෑමක් එල්ල කරනවා කියල. නමුත් ඇත්ත ඒකම නෙවෙයි. කෙටි නමක් භාවිතා කරා කියලා වෙබ් අඩවිය ජනප්‍රිය වන්නේ නැහැ. ඒ වගේම .com, .net වගේ නම් අරගන්න එකත් වෙබ් අඩවියේ ජනප්‍රියතාවයට ලොකු බලපෑමක් එල්ල කරන්නේ නැහැ. ඒ වගේම සමහර domain නාම අරගන්න ගියාම ලොකු ගණන් ගෙවන්න වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් ඒවාට විසදුමක් තමයි මේ කියන්න යන්නේ. ඔබට නොමිලේම domain name එකක් ලබාගන්න පුළුවන් වගේම පහසුවෙන්ම වෙබ් අඩවියක් ආකර්ශනීය විදියට හදන්නත් මෙහිදී හැකියාව ලැබෙනවා. 


http://www.dot.tk/ හෝ https://my.freenom.com/ යනුවෙන් හැඳින්වෙන්නේ මෙම නොමිලේ domain නාම ලබාගන්න පුළුවන් වෙබ් අඩවියයි. .tk domains තමයි මෙහිදී ලබාගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව .ml , .ga , .cf , .gq වගේ ඒවත් මෙහිදී ගන්න පුළුවන්. මේ සියල්ලම ඔබට නොමිලේ ලැබෙන දේවල්. ඉතින් ඔබත් මෙම වෙබ් අඩවි වලට පිවිස පහසුවෙන්ම ඔබ කැමති domain name එකක් නොමිලේ අරගන්න.

0 Comments: