වෙබ් අඩවිය ගොඩනැගීම - 

ඉහත කරන ලද සියලුම නිර්මානකරණයන් වැඩසටහන්කරණය කිරීම මෙම පියවරේදී සිදුවේ. මේ සඳහා වෙබ් අඩවි නිර්මානකරණ මූලික භාෂාව වන html භාවිතා කරයි. වෙබ් අඩවියක් නියමාකාරයෙන් වැඩසටහන්කරණය කිරීමට නම් පහත සඳහන් වැදගත් කරුණු ගැන සැලකිලිමත් විය යුතුය.



• Browser compatibility

ලොව පුරා අන්තර්ජාල භාවිතා කරන්නන් අන්තර්ජාලයට පිවිසීමට,වෙබ් අඩවි වලට පැමිණීමට භාවිතා කරන්නේ web browsers වේ. ඉතින් මෙම ඕනෑම web browser එකක පහසුවෙන් නිවැරදිව load වන ලෙස වෙබ් අඩවිය තිබෙන්න අවශ්‍යයයි.


• Screen resolution

අන්තර්ජාලයට පරිශීලකයන් පැමිණෙන්නේ පරිඝනක වලින්ම පමණක් නොවේ. ජංගම දුරකථන, ටැබ්, ලැප්ටොප් ආදී විවිධ උපකරණ වලින් ඔවුන් පැමිණෙනවා.
මේ විවිධ උපකරණ වල Screen resolution හෙවත් තිර විභේදනය, එහෙමත් නැතිනම් තිරයේ ප්‍රමාණය වෙනස් වෙනවා. ඉතින් මෙම ඕනෑම තිරයක වෙබ් අඩවිය වෙනසක් නැතිව පෙන්වන ලෙස නිර්මාණය කිරීම වැදගත් දෙයක්. එහෙම නැති උනොත් අදාළ තිරයේ ප්‍රමාණයට පමණක් වෙබ් අඩවියේ පෙන්වන කොටස පෙන්වා අනිත් කොටස නොපෙන්වා තියේවි.


• Web accessibility

වෙබ් අඩවියකට එන යන හැමෝම එක වගේ නැහැ. සමහර අය පෙනුමෙන් අඩු දෘෂ්‍යාභාධිත, කන් ඇහෙන්නේ නැති, හොඳට ලියන්න කියන්න බැරි අය වෙන්න පුළුවන්. ඉතින් එහෙම අයට උනත් ඔබගේ වෙබ් අඩවිය පහසුවෙන්භා විතා කරන්න පුළුවන් විදියට නිර්මාණය කරන්න පුළුවන් නම් එය ඉතාමත් වටිනවා. උදාහරණයක් ලෙස අන්ධ පුද්ගලයන්ට වෙබ් අඩවි කියවීම සඳහා 'screen reader' නම් කුඩා මෘදුකාංග වෙබ් අඩවිය තුල පිහිටුවිය හැකිය.



බොහෝ සංවිධාන සහ සමාගම් තම වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී මෙවැනි පුද්ගලයින්ට පවා වෙබ් අඩවිය භාවිතා කරන්න පුළුවන් විදියට සකස් කිරීමට උනන්දු වෙනවා.

මේ සඳහා ජාත්‍යන්තරව පිළිගත් සම්මත උපදෙස් මාලාවක් තිබෙනවා. එය Web Accessibility Initiative (WAI) ලෙස මෙම සංවිධානය නිර්මාණය කර තිබෙන අතර උපදෙස් මාලාව Web Content Accessibility Guidelines (WGAC) – in 3 levels (A, AA & AAA) ලෙස හැඳින්වෙනවා.

• Other, e.g. coding languages, metadata, character sets, analytics,etc.

වෙබ් අඩවිය විවිධ සෙවුම් යන්ත්‍ර තුල පහසුවෙන් සෙවීමට හැකි ලෙස meta data යෙදීම, වෙබ් අඩවි නිර්මාණකරණයට භාවිතා කරන වෙනත් භාෂා ආදිය නිවැරදිව හැසිරවීම ගැනද සැලකිලිමත් විය යුතුය.


Related Articles

  • A/L ICT2016-07-20Web Development - Part IV 4. Website testing වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම සකස් කිරීමෙන් අනතුරුව එය නිසි පරිද… Read More
  • A/L ICT2016-07-20Web Development - Part VI 7. Website Publicity විවිධ ප්‍රචාරණ ක්‍රම භාවිතා කර වෙබ් අඩවිය ප්‍රේක්ෂකයින් ව… Read More
  • A/L ICT2016-07-20Web Development - Part III වෙබ් අඩවිය ගොඩනැගීම -  ඉහත කරන ලද සියලුම නිර්මානකරණයන් වැඩසටහන්කරණය කිරීම… Read More
  • A/L ICT2016-07-20Web Development Basic වෙබ් අඩවි සංවර්ධනය යනු අලුතෙන් වෙබ් අඩවියක් නිර්මාණය කිරීම හෝ දැනට නිර්මාණය කර … Read More
  • A/L ICT2016-07-20Web Development - Part I 1. වෙබ් අඩවිය සැලසුම් කිරීම - සාර්ථක වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ පළමු පි… Read More
  • A/L ICT2016-07-20Web Development - Part II 3. නිර්මාණකරණය -  තම වෙබ් අඩවිය කෙසේ විය යුතුද යන්න සැලසුම් කිරීමෙන් පසුව… Read More