වෙබ් අඩවි සංවර්ධනය යනු අලුතෙන් වෙබ් අඩවියක් නිර්මාණය කිරීම හෝ දැනට නිර්මාණය කර ඇති වෙබ් අඩවියකට අලුතෙන් යමක් ඇතුලත් කිරීම සහ සම්පූර්ණයෙන්ම වෙනසකට ලක් කිරීමයි.
වෙබ් අඩවි සංවර්ධන ක්‍රියාවලියේදී මූලිකව සිදුකරනු ලබන ප්‍රධාන පියවර කිහිපයක් තිබේ.



1. Planning - සැලසුම් කිරීම. වෙබ් අඩවියක් අවශ්‍ය ඇයිද යන්න සහ එය කෙසේ නිර්මාණය කරයිද යන්න තීරණය කිරීම මෙහිදී සිදුවේ.

2. Content - අන්තර්ගතය. වෙබ් අඩවියට ඇතුලත් කල යුතු දෑ සම්බන්ධව තීරණය කල යුතුය.

3. Design - නිර්මාණකරණය. අන්තර්ගතය නිරූපණය විය යුතු ආකාරය සැලසුම් කිරීම.

4. Construction - ගොඩනැගීම. සැලසුමට අනුව අන්තර්ගතය සකස්වන ලෙස code කිරීම හෙවත් වැඩසටහන්කරණය(Programming) කිරීම.

5. Testing - නිර්මාණය කරන ලද වෙබ් අඩවිය නිසි ආකාරයට වැඩ කරයිද යන්න පරීක්ෂා කිරීම.

6. Hosting - මුදා හැරීම. වෙබ් අඩවියට ගැලපෙන domain නාමයක් ගැනීම සහ අන්තර්ජාලයට වෙබ් අඩවිය මුදා හැරීම සඳහා සුදුසු ස්ථානයක් මිලදී ගැනීම.

7. Publicity - ප්‍රචාරණය. වෙබ් අඩවියක පැවැත්මට,ජනප්‍රියතාවයට ඉතා වැදගත් සාධකයක් වන්නේ මෙයයි. වෙබ් අඩවිය ජනතාව,පාරිභෝගිකයන් අතරට ගැන යාම සිදුකල යුතුය.

8. Review - විශ්ලේෂණය/විමර්ශනය කිරීම. වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීමෙන් පසුව එය නිවැරදිව ක්‍රියාත්මක තත්වයේ තිබේද සහ නිතරම වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම (update) කිරීම සිදුකරගෙන යා යුතුය. ඒ අතරම අලුතෙන් කොටස් එකතු කිරීම,වෙනස් කිරීම් සිදුකිරීම ආදිය සිදු කල යුතුය.

දැන් ඔබට පැහැදිලි ඇති වෙබ් අඩවියක් නිර්මාණය කිරීම හුදෙක් විනෝදාත්මක හෝ සරල දෙයක් නෙවෙයි කියල. වෙබ් අඩවියක් හදන්න කලින් හොඳට සොයලා බලලා, ඔබගේ අවශ්‍යතාවන්ට ගැලපෙන, ඔබගේ මූල්‍යමය හැකියාවන්ට ගැලපෙන වෙබ් අඩවියක් සාදා ගැනීම සිදුකල යුතුයි. එමෙන්ම කිනම් කාලයක් මේ සඳහා ගතවෙයිද, වෙබ් අඩවිය නිර්මාණය කරන පුද්ගලයින් කෙතරම් දක්ෂ පුද්ගලයින්ද යන වග පිළිබඳව සොයා බැලිය යුතුය.
එසේ නැති නම් වෙබ් අඩවිය නියමිත කාලයේදී ලබාගැනීමට නොහැකිවී ඔබගේ මුදල් සහ කාලය නාස්ති වීමේ අවදානමක් ඇතිවේ.