
A/L ICT
Higher Education
O/L ICT
Web Design
Web Development
Web Development - Part II
3. නිර්මාණකරණය -
තම වෙබ් අඩවිය කෙසේ විය යුතුද යන්න සැලසුම් කිරීමෙන් පසුව එය වඩාත් ආකර්ශනීය ලෙස සැකසිය යුතුය. වෙබ් අඩවිය පරිශීලනය කරන අයට ප්‍රියමනාප විය යුතුය. විවිධ වර්ණ රැසක්,රූප සහ animation යන ආදිය අනවශ්‍ය ලෙස එකතු කිරීම මඟින් වෙබ් අඩවිය වඩාත් නිර්මාණශීලී හෝ ලස්සන නොවේ. එමඟින් වෙබ් අඩවිය load වීමට ගතවන කාලය වැඩිවේ. එවිට පරිශීලකයන් එම වෙබ් අඩවියට පැමිණීමට අකමැත්තක් දක්වයි. අන්තර්ජාල සම්බන්ධතා වේගය, අන්තර්ජාලයට පැමිණීමට භාවිතා කරන ක්‍රම වේද ආදිය එකිනෙකට වෙනස් නිසා එම ඕනෑම තත්වයකට සුදුසු ලෙස පහසුවෙන් load වන වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සුදුසු වේ. එමෙන්ම වෙබ් අඩවිය මඟින් තමන්ට ලැබෙන ආරක්ෂාව ගැන පාරිභෝගිකයන් සහ පරිශීලකයන් සැලකිල්ලක් දක්වයි.
බොහෝවිට අන්තර්ජාලය හරහා මූල්‍යමය කටයුතු කිරීමේදී අදාළ වෙබ් අඩවියේ ඇති සුරක්ෂිතභාවය ගැන බොහෝ දෙනා සැලකිල්ලක් දක්වයි.
මූලික වශයෙන් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී සැළකිලිමත් වන පැතිකඩ කිහිපයක් ඇත.එනම් වෙබ් අඩවියක නිර්මාණය කල යුතු අංග මෙසේය.
• Information Architecture (තොරතුරු ආකෘතිය)
• Interaction Design (අන්තර් ක්‍රියා නිර්මාණකරණය)
• Interface Design (අතුරු මුහුණත් නිර්මාණකරණය)
• Navigation Design (සංක්‍රමණ නිර්මාණකරණය)
• Information Design (තොරතුරු නිර්මාණකරණය)
• Visual Design (දෘශ්‍ය නිර්මාණකරණය)
• Information Architecture (තොරතුරු ආකෘතිය)
වෙබ් අඩවියේ අන්තර්ගත වන කරුණු තොරතුරු ආදිය කෙසේ සකස් විය යුතුද,එහි ආකෘතිය නිර්මාණය වන ආකාරය මෙමඟින් සිදු කරයි. උදාහරණයක් ලෙස වෙබ් අඩවියේ අඩංගු කරුණු පරිශීලකයන්ට ළඟා විය හැකි ආකාරයට සකස් කල යුතුය.
• Interaction Design (අන්තර් ක්‍රියා නිර්මාණකරණය)
වෙබ් අඩවිය පරිශීලනය කරන අයට තම අවශ්‍යතා අනුව කටයුතු කිරීමට හැකි විය යුතුය. උදාහරණයක් ලෙස online හෝටල් කාමර වෙන් කරන වෙබ් අඩවියක නම් එය සිදු කිරීමේදී අදාළ පෝරමය(form) පිරවීමේ දී ඇතුලත් කරන එක් එක් තොරතුරු වලට ගැලපෙන අන්තර් ක්‍රියා නිර්මාණය කල යුතුය. එවැනි දෙයකදී හෝටලයේ කාමරය අවශ්‍ය දිනය සඳහන් කිරීම අවශ්‍ය නිසා එම පහසුකම පෝරමයේ තිබිය යුතුය.
• Interface Design (අතුරු මුහුණත් නිර්මාණකරණය)
වෙබ් අඩවිය පෙනෙන ආකාරය වෙබ් අඩවියක පැවැත්මට සහ ජනප්‍රියතාවයට වැදගත් වේ.එය ආකර්ශනීය ලෙස මෙන්ම අවශ්‍ය ස්ථාන වල links,buttons,checkboxes ආදිය තිබිය යුතුය.• Navigation Design (සංක්‍රමණ නිර්මාණකරණය)
වෙබ් අඩවියට පිවිසෙන්නන්ට එම වෙබ් අඩවිය තුල තමන්ගේ අවශ්‍යතා සිදු කරගැනීමට පහසුවෙන් ඒ තුල එහා මෙහා යාමේ හැකියාව,අවශ්‍ය කොටස් සමඟ සම්බන්ධ වීමේ හැකියාව ලැබිය යුතුය. තමන් දැන් සිටින්නේ කුමන කොටසේද, මට මෙතනින් යා හැක්කේ කොතනටද,මට නැවත යා හැක්කේ කෙසේද, ආදී ලෙස පරිශීලකයාට ගැටළුකාරී තත්වයක් ඇති නොවීම වැදගත්වේ. එමෙන්ම බොහෝ වෙබ් අඩවි වල වෙබ් අඩවියේ අන්තර්ගතයන් සෙවීමට search කොටස, සම්පූර්ණ වෙබ් අඩවියම සැකෙවින් ඉදිරිපත් කිරීමට Sitemap, A-Z Index ආදිය නිර්මාණය කරයි.
• Information Design (තොරතුරු නිර්මාණකරණය)
වෙබ් අඩවියේ වැදගත්ම නිර්මාණ කොටස මෙය වේ. වෙබ් අඩියේ layout එක වන්නේද මෙයයි.වෙබ් අඩවියේ අන්තර්ගතය සකස් වී තිබෙන විදිය,දෘශ්‍ය කොටස්, වෙබ් අඩවියේ නම සහ logo(ලාංඡනය) මෙහිදී පැහැදිලිව ඉදිරිපත් කෙරේ.
• Visual Design (දෘශ්‍ය නිර්මාණකරණය)
වෙබ් අඩවිය නිතරම ඇසට ආකර්ෂණීය, පැහැදිලි ප්‍රියමනාප පෙනුමකින් තිබීම අත්‍යාවශ්‍යයි. එසේ නොමැති වීම වෙබ් අඩවියක ජනප්‍රියතාවයට සහ දිගු කාලීන පැවැත්මට බාධාවකි.
වෙබ් අඩවියේ වර්ගයට,නමට සහ අන්තර්ගතයට ගැලපෙන ලෙස සීමිත වර්ණ පරාසයක් තුල වෙබ් අඩවිය නිර්මාණය කල යුතුයි. බොහෝ විට වෙබ් අඩවි වලට සුදුසු වන්නේ ඉතා තද වර්ණ නොව ලා පැහැති වර්ණ වේ.
ඉහත සඳහන් කල නිර්මාණකරණයේ මූලික කොටස් සියල්ලම අංග සම්පූර්ණ කරගැනීම වෙබ් අඩවියකට වැදගත් වේ.