තොරතුරු වල ස්වභාවය අනුව ඒවා පුළුල් වශයෙන් ප්‍රධාන වර්ග දෙකකට බෙදිය හැකිය.



✴️ ප්‍රමාණාත්මක තොරතුරු (Quantitative Information)

ඉතා පහසුවෙන් සංඛ්‍යාත්මක අගයක් පැවරිය හැකි තොරතුරු ප්‍රමාණාත්මක තොරතුරු නම් වෙයි. එනම්, ප්‍රමාණාත්මක තොරතුරු ඉතා පහසුවෙන්ම සංඛ්‍යාත්මක ආකාරයෙන් ප්‍රකාශ කළ හැකිය. මෙම ප්‍රමාණාත්මක තොරතුරු බොහෝ කළමනාකරණ කටයුතු වලදී බහුලව භාවිතා කරනු ලැබේ. ආයතනයක වාර්ෂික විකුණුම්, වාර්ෂික ගැනුම්, නිෂ්පාදන උපලේඛන, අයවැය ප්‍රකාශන, තොග මට්ටම්, ශ්‍රමික පිරිවැටුම, සේවක පැමිණීම, සේවක වැටුප් යනාදී තොරතුරු ප්‍රමාණාත්මක තොරතුරු වලට උදාහරණ කිහිපයක් වේ.

✴️ ගුණාත්මක තොරතුරු (Qualitative Information)

ගුණාත්මක තොරතුරු වලට සංඛ්‍යාත්මක අගයක් පැවරීම අපහසුය. මේ අනුව, ගුණාත්මක තොරතුරු වල පුද්ගල විෂය මූලික වූ පුද්ගල බද්ධ ගුණාංග බහුල වශයෙන් දැකිය හැකිය. පුද්ගල ආකල්ප, විශ්වාසයන්, හැඟීම්, කළමනාකරණ දැනුම සහ හැකියාවන්, පුද්ගල පෞරුෂත්වය, සේවක අභිප්‍රේරණය, සේවක තෘප්තිය, ගණුදෙනුකරුවන්ගේ බලපෑම, සැපයුම්කරුවන්ගේ බලපෑම, තරඟකරුවන්ගේ බලපෑම, නිෂ්පාදිත වල ගුණත්වය යනාදිය ගුණාත්මක තොරතුරු වලට නිදසුන් කිහිපයක් වේ.



4. ආයතනවල ස්වභාවය අනුව තොරතුරු (Information according to nature of the organization)

යම් සංවිධානයක් විසින් නිරත වී ඇති මූලික ව්‍යාපාරික කාර්යභාරය අනුව, එක් එක් ආයතන වර්ගයට විශේෂයෙන්ම අවශ්‍ය වන්නා වූ තොරතුරු වර්ගය වෙනස් විය හැකිය. සංවිධානවල ස්වභාවය අනුව ඒවා නිෂ්පාදන සංවිධාන, සේවාමය සංවිධාන, ලාභ අරමුණු කොට නොගත් සංවිධාන, විවිධාංගීකරණය වූ සංවිධාන යනාදී වශයෙන් මූලිකවම වර්ග කිහිපයක් හඳුනාගත හැකිය. 

නිෂ්පාදන ආයතනයක් (Manufacturing Organization) ගත් විට, අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන පාලනය හා සම්බන්ධ තොරතුරු, බෙදාහැරීමේ සහ අලෙවිකරණ තොරතුරු, යන්ත්‍ර සූත්‍ර නඩත්තුව හා සම්බන්ධ තොරතුරු, සේවක පරිපාලන තොරතුරු, මූල්‍යමය සහ ගිණුම්කරණ තොරතුරු යනාදිය වැදගත් තොරතුරු වේ. 

සේවාමය ආයතනයක් (Service Organization) ගත් විට, ආයතනය සපයන සේවාවේ ගුණත්වය, තරඟකාරිත්වය, සේවාවේ නම්‍යශීලීභාවය, සම්පත් උපයෝජනය, සේවක පරිපාලනය, මූල්‍යකරණය,ගිණුම්කරණය යනාදී ක්ෂේත්‍රයන් හා සම්බන්ධ තොරතුරු වැදගත් වේ. 

විවිධාංගීකරණය වූ ආයතනයක් (Diversified Organization) පිළිබඳව සලකා බලන විට, ඉහත සඳහන් කරන ලද තොරතුරු වර්ග සියල්ලම පාහේ ඉතා වැදගත් වේ. 

ලාභ අරමුණු කොට නොගත් සංවිධානයක් සම්බන්ධයෙන් සලකා බලන විට; සාමාජික අරමුදල් ලැබීම, අරමුදල් වියදම් කිරීම, සමාජය ට සිදු කරන ලද සේවාවන්, ආයතනයෙහි ප්‍රසිද්ධිය, සේවා නියුක්තිකයන් ගේ කාර්යය සාධනය සහ කැපවීම, රජයෙන් ලැබෙන දීමනා සහ සහනයන් යනාදී තොරතුරු වර්ග වැදගත් වේ. 

ඉහත සඳහන් කරන ලද ඒ ඒ ආයතනය ට අදාළ තොරතුරු අවශ්‍ය වේලාවට, අවශ්‍ය ප්‍රමාණයෙන් සහ අවශ්‍ය ගුණයෙන් ලබා ගෙන භාවිතා කළ හැකි නම්, අදාළ ආයතන වල පරමාර්ථ සහ අරමුණු වඩාත් කාර්යක්ෂමව සහ සඵලව ලඟාකර ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබේ. නමුත් සෑම ආයතනයක් සම්බන්ධයෙන්ම බලන විට මූල්‍යමය තොරතුරු, ගිණුම්කරණ තොරතුරු, සේවක පරිපාලන තොරතුරු, අලෙවිකරණ තොරතුරු පොදුවේ භාවිතා වන්නා වූ තොරතුරු වර්ග ලෙස පෙනී යයි.


Related Articles

  • A/L ICT2016-07-04What is Cloud Computing? මොකක්ද මේ cloud computing කියන්නේ? අන්තර්ජාලය හරහා online සිටිමින් විවිධ ව… Read More
  • A/L ICT2016-07-04Community Cloud Model සමාගම් හෝ සංවිධාන කිහිපයක් මඟින් පද්ධති සහ සේවාවන් සමඟ සම්බන්ධවීම Communit… Read More
  • A/L ICT2016-07-04Hybrid Cloud ModelHybrid Cloud යනු private සහ public cloud දෙකෙහිම එකතුවකි.අවදානම් රහිත වැඩ කටයුතු… Read More
  • A/L ICT2016-07-04Private Cloud Model Private Cloud මඟින් කිසියම් සමාගමක් ඇතුලත cloud සේවා සහ පද්ධති භාවිතා කිරීමේ හැ… Read More
  • A/L ICT2016-07-04Public Cloud ModelPublic Cloud Model හෙවත් පොදුවේ භාවිතා කල හැකි cloud තාක්ෂණය මඟින් පද්ධති වලට සම… Read More
  • A/L ICT2016-07-04Infrastructure-as-a-Service Infrastructure-as-a-Service මඟින් තම පාරිභෝගිකයාට අවශ්‍ය මූලික භෞති… Read More