RevenueHits මඟින් මුදල් ඉපයීම

RevenueHits මඟින් මුදල් ඉපයීම



RevenueHits කියන්නේ ගොඩක් ජනප්‍රිය ඒ වගේම හොඳට ගෙවීම් කරන වෙළඳ දැන්වීම් ආයතනයක්. Google Adsense වෙනුවට හොඳ විකල්පයක් ලෙස තමයි RevenueHits හඳුන්වලා දී තිබෙන්නේ.

1. පළමුව පහත තිබෙන link එක හරහා ඔබගේ RevenueHits ගිණුම නිර්මාණය කරගන්න. මෙහිදී ඔබේ නම,email ලිපිනය ආදී විස්තර ලබාදෙන්න අවශ්‍යයි.


2. ඉන්පසුව ඔබගේ ගිණුම සක්‍රීය කරගන්න. දැන් ඔබ වෙළඳ දැන්වීම් ප්‍රචාරණයට සූදානම් වී අවසානයි. RevenueHits වල ඇති ප්‍රධාන වාසියක් වන්නේ ඔබේ බ්ලොග් එකේ visits ප්‍රමාණය හෝ ජනප්‍රියත්වය දැන්වීම් ප්‍රචාරණය සඳහා බල නොපෑමයි.

3. ඔබට තෝරාගැනීමට විවිධ මාදිලියේ ad formats තිබෙනවා.



Banners ආකාරයෙන්, Buttons ආකාරයෙන්, footer එකට යෙදීමට සහ Popunder ලෙස මෙන්ම වෙනත් ආකාර ගණනාවකින් ad formats ලබාගන්න පුළුවනි.

  • Banners යනු සාමාන්‍යය ආකාරය වේ. විවිධ ප්‍රමාණ වලින් banners ලබාගත හැකිය.
  • Footer හෙවත් වෙබ් අඩවියේ යටට banner එකක් තීරුවක් ලෙස යෙදීම කල හැකිය.
  • Popunder යනු වෙබ් අඩවියේ කිසියම් කොටසක් click කල විට ad 1ක් අලුත් window එකක් ලෙස උඩට මතුවී open වීමයි.
  • Slider ad 1ක් යනු බ්ලොග් අඩවියේ පැත්තකින් උස අතට තීරු දැන්වීමක් නිරූපණය කිරීමයි.
ඔබ විසින් යෙදීමට අවශ්‍ය දැන්වීම් වර්ගය තේරීමෙන් පසුව එය යොදන වෙබ් අඩවිය, දැන්වීම සඳහා නම ආදී විස්තර සම්පූර්ණ කල යුතුය.


ඉන්පසුව පහත ආකාරයට ඔබ නිර්මාණය කල දැන්වීමේ code එක ලබාගන්න පුළුවනි. ඉන් පසුව එම code එක ඔබේ වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය ස්ථානයේ පල කරන්න. (blogger එකකට ad code එකක් යොදන ආකාරය මෙතනින් බලන්න)


එක් එක් දිනවල වෙළඳ දැන්වීම් නිරූපණය වූ ආකාරය,ඒ සඳහා ඔබට ලැබුණු මුදල් ප්‍රමාණය ආදිය වාර්තා හෙවත් reports මඟින් බලාගත හැකිය.


ඔබට අවශ්‍ය නම් බ්ලොග් එකේ විවිධ ස්ථාන වලට දැන්වීම් යෙදීම සිදු කරන්න පුළුවන්. එමඟින් ඔබගේ ආදායම පහසුවෙන්ම වැඩි වේවි.


Related Articles

  • Blogger2016-07-05Making Money with a Blogger Making Money with a Blogger මෙන්න මෙතන තමයි ගොඩක්ම අය කැමතිම තැන. ඒ කියන්… Read More
  • Blogger2016-07-05Blogger Settings මෙමඟින් තමයි බ්ලොග් එකේ settings හදාගැනීම කල යුත්තේ. Title - ඔබ බ්ලොග් එ… Read More
  • Blogger2016-07-05Blogger Layout මේ තියෙන්නේ අපේ බ්ලොග් එකේ layout එක හෙවත් බ්ලොග් සැලැස්මේ අඩංගු වන කොටස් ස… Read More
  • Blogger2016-07-05Blogger Template Layout කොටසින් පසුව අපිට ලැබෙන්නේ template කියන කොටසයි. බ්ලොග් එකේ පෙනුම සක… Read More
  • A/L ICT2016-07-18Google Overview නැතුවම බැරි Google මුලින් BackRub යන නමින් හැඳින්වූ Google යනු ලොව ඉතා ජන… Read More
  • Basic of Computer2016-07-06Fundamentals of Computers මෙම කොටසේදී පරිඝනක ගැන මූලික විස්තර කතා කරනු ලැබේ. පරිඝනක මෘදුකාංග,දෘඩාංග මෙන… Read More