වෙළඳ දැන්වීම් මඟින් මුදල් ඉපයීම

වෙළඳ දැන්වීම් මඟින් මුදල් ඉපයීම

වර්තමානයේ රූපවාහිනී බැලුවත් පත්තරයක් බැලුවත් අනිවාර්යෙන්ම දැකගන්න පුළුවන් දෙයක් තමයි දැන්වීම් කියන දෙය. මේ සෑම මාධ්‍යයක්ම මුදල් උපයන ප්‍රධාන ක්‍රමයක් තමයි වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කියන්නේ. අලුත්ම ක්‍රමය තමයි අන්තර්ජාලය ඔස්සේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කිරීම. ඉතින් මේ දැන්වීම් යොදන්න වෙබ් අඩවි හෝ බ්ලොග් අඩවි තියෙන්න ඕන. බ්ලොග් අඩවි නිර්මාණය කර පවත්වාගෙන යන්නන් bloggers,එහෙමත් නැත්තන් web masters කියලා හඳුන්වනවා. මේ අයට තමන්ගේ බ්ලොග් එකේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කර මුදල් උපයන්න පුළුවන්. ඉතින් බ්ලොග් වලට වෙළඳ දැන්වීම් ලබාදෙන  විවිධ වෙබ් අඩවි රාශියක් තිබෙනවා.

මේ කොටසින් කතා කරන්න යන්නේ එහෙම වෙළඳ දැන්වීම් ලබාදෙන ආයතන සහ ඒවා ක්‍රියාකරන ආකාරය පිළිබඳවයි. වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කරන පුද්ගලයා Advertiser ලෙසත්, දැන්වීම් ප්‍රසිද්ධ කරන පුද්ගලයා Publisher ලෙසත් හැඳින්වෙනවා.



(1) තමන්ගේ ව්‍යාපාරික අරමුණක් ඉටු කරගැනීම සඳහා කිසියම් පුද්ගලයෙකුට (Advertiser) දැන්වීමක් අන්තර්ජාලයේ පළකරගන්න අවශ්‍ය යයි සිතමු. සමහරවිට ඔහුත් වෙබ් අඩවියක හිමිකරුවෙක් වෙන්න පුළුවන්.ඔහුගේ වෙබ් අඩවියට නරඹන්නන් (visitors) ගෙන්වා ගැනීමට සහ එය ජනප්‍රිය කරගන්න අවශ්‍යයි සිතමු.

(2) ඔහු ඒ සඳහා වෙළඳ දැන්වීම ප්‍රචාරණය කරගත හැකි ආයතනයක් හා සම්බන්ධ වෙනවා. එම ආයතනයට වෙළඳ දැන්වීම සඳහා අවශ්‍ය ගාස්තු ඔහු විසින් ගෙවීම සිදු කරනවා.

(3) ඉන්පසු අදාළ ආයතනය තමන් සමඟ ලියාපදිංචි වී සිටින වෙළඳ දැන්වීම් ප්‍රසිද්ධ කරන පුද්ගලයින්ගේ (Publisher) බ්ලොග් අඩවි වල එම දැන්වීම පලකිරීම කරනවා.

(4) එම දැන්වීම් පළවී ඇති බ්ලොග් අඩවියට පැමිණෙන අය (Visitors) දැන්වීම නැරඹීම කළවිට බ්ලොග් අඩවිය හිමිකරුවාට (Publisher) කොමිස් මුදලක් ලැබෙනවා. ඉතින් Visits ගණන වැඩිවීම මත ලැබෙන මුදලද වැඩි වෙනවා.

එහෙනම් දැන් තේරෙනවා ඇති නේද කොහොමද මෙය සිදුවන්නේ කියල. ඉතින් අපිට වුනත් දැන්වීම ප්‍රචාරණය කිරීම හරහා ලොකු මුදලක් සොයන්න පුළුවනි. පහතින් දැක්වෙන්නේ වෙළඳ දැන්වීම් සේවා ලබාදෙන ආයතන කිහිපයකි. ඔබත් කරන්න තියෙන්නේ මෙම සමාගම් සමඟ ලියාපදිංචි වී ඔවුන්ගේ වෙළඳ දැන්වීම් ඔබේ බ්ලොග් අඩවිය තුල පළකිරීමයි. මේ සෑම දෙයක්ම කරන ආකාරය අපි ඔබට එකින් එක පැහැදිලි කර දෙන්නම්.


VigLink banner yX Media - Monetize your website traffic with us Cpm Affiliation : the cpm advertising network Propellerads

Related Articles