Layout කොටසින් පසුව අපිට ලැබෙන්නේ template කියන කොටසයි. බ්ලොග් එකේ පෙනුම සකස් කරගන්නේ මෙතනින්. Customize කියන තැනින් template එක වෙනස් කරගැනීමේ හැකියාව ලැබෙනවා. Edit HTML කියන තැනින් පුළුවන් html කොටස් වෙනස් කිරීම, අලුතින් එකතු කිරීම වගේ දේවල් කරන්න. නමුත් එකට html දැනුම තියෙන්නේ ඕන. අපේ HTML පාඩම් ටික අධ්‍යනය කරලා ඔයාලට පුළුවන් පහසුවෙන් html දැනුම වැඩි කරගන්න. ඇත්තෙන්ම බ්ලොග් එකක් සාම්ප්‍රදායික ක්‍රම වලින් බැහැර කරලා නූතන වෙබ් අඩවියක් ආකාරයට සකස් කරගන්න අවශ්‍යනම් අනිවාර්යෙන්ම html දැනුම සාමාන්‍ය තරමක වත් තියෙන්න ඕන. මොකද මේ Edit HTML කොටසේ ඇති html coding භාවිතා කරලා තමයි එහෙම වෙනස් කිරීම ගොඩක් හොදට නිර්මානාත්මක්ව කරගන්න පුළුවන් වෙන්නේ.


මෙහි ඇති Edit HTML වලින් ලැබෙන පිටුවෙන් කොටසක් තමයි තමයි පහත දැක්වෙන්නේ. මේ කොටසේ සිදු කරන වෙනස්කම් ඔබට ඉදිරි පාඩම් වලින් දැනගන්න පුළුවන් වගේම HTML පිළිබඳව දැනුම ලබාගන්න අපගේ HTML පාඩම් උදව් කරගන්න.

Related Articles