නැතුවම බැරි Google
මුලින් BackRub යන නමින් හැඳින්වූ Google යනු ලොව ඉතා ජනප්‍රිය සමාගමකි.එය සෙවුම් යන්ත්‍රයකට පමණක් සීමා නොවන අතර වර්තමානය වන විට ලොව පුරා ඉතා ජනප්‍රිය සේවාවන් රැසක් සමඟින් තම පාරිභෝගිකයන අතර වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
1996 දී සර්ජි බ්රින් සහ ලැරී පේජ් විසින් ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ තම ව්‍යාපෘතිය වෙනුවෙන් මෙම සෙවුම් යන්ත්‍රය නිපදවීම සිදුකෙරිණි.
Name: Sergey Mikhaylovich Brin
Born: August 21, 1973 in Russia
Name: Lawrence Page
Born: March 26, 1973 in San Francisco, California, USA
ඔවුන් දෙදෙනා විසින් තම සෙවුම් යන්ත්‍රයට Google යන නම යෙදුවේ ගණිතයේ ද්විමය සංඛ්‍යා වල යෙදෙන googol නම් වචනය ඇසුරිනි.
මෙම googol යනු මිල්ටන් සිරෝට්ටා විසින් සොයාගත් ඉතා විශාල සංඛ්‍යාවක් වන 10 (100) යන්න යි.
google.com යන නාමය 1997 සැප්තැම්බර් 15 දින ලියාපදිංචි කල අතර 1998 සැප්තැම්බර් 4 වන දින සමාගමක් ලෙස සංස්ථාපිත කරන ලදී.
පහතින් දැක්වෙන්නේ google සෙවුම් යන්ත්‍රය 1998 දී දැක්වුණු ආකාරයයි. වර්තමානය වන විට google යනු අංක එකට ඇති සෙවුම් යන්ත්‍රයයි.

Google සපයන වෙනත් සේවා -
✔ Blogger - ඔබගේම බ්ලොග් අඩවි නිර්මාණය කරගැනීම සඳහා
✔ Froogle - මිල,වර්ගය,ස්ථානය වැනි විවිධ වර්ගීකරණයන් යටතේ ඇති නිෂ්පාදන සෙවීම සඳහා
✔ Gmail - නොමිලේ email ගිණුම් සැකසීමේ පහසුව සැලසීම
✔ Google+ - Google සමාගමේ සමාජ සේවා වෙබ් අඩවියයි
✔ Google chrome - අන්තර්ජාලයට පිවිසීමට භාවිතා කරන ලොව වැඩිම පිරිසක් භාවිතා කරන වෙබ් අතරික්සුවයි (web browser)
✔ Google AdSense - තම වෙබ් අඩවි හරහා වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කර මුදල් සෙවිය හැකි ක්‍රමයක් වීම
✔ Google AdWords - Google හරහා තම වෙළඳ දැන්වීම ප්‍රචාරණය කිරීමට හැකියාව ලබාදෙන සේවාවයි
✔ Google Analytics - තම වෙබ් අඩවියේ domain නාමය යොදා තම වෙබ් අඩවිය පිළිබඳව වාර්තා ලබාගත හැකි පහසුකම් සැපයීම
✔ Google Books - ලොව පුරා ඇති විවිධ වර්ගයේ පොත්පත් සෙවිය හැකි සෙවුම් යන්ත්‍රයකි
✔ Google CSE (Custom Search Engine) - තමන්ගේම සෙවුම් යන්ත්‍රයක් සෑදීමේ අවස්ථාව ලබාදෙන සේවාවකි
✔ Google docs - අන්තර්ජාලය හරහා Microsoft documents නිර්මාණය කරගැනීමට අවස්ථාව ලබාදීම
✔ Google drive - 2012 අප්‍රේල් 24 වනදා සිට තම පරිශීලකයන්ට cloud තාක්ෂණය ඔස්සේ සපයන ආයාචන සේවාවකි
✔ Google earth - ලොවපුරා ඇති ස්ථාන, මාර්ග ආදිය නැරඹිය හැකි සේවාවයි
✔ Google maps - ලොව ඇති ඕනෑම ස්ථානයක ස්වරූපය, ගමන් මාර්ගය ආදිය සෙවිය හැකි ක්‍රමයයි
✔ Google streetview - ලොව පුරා ති ස්ථාන ත්‍රිමාණ රූප ඔස්සේ නරඹන්න හැකි සේවාව මෙය වේ.
✔ Google sites - වෙබ් අඩවි නිර්මාණය කිරීමේ හැකියාව ලබාදීමට ඇති සේවාවයි
✔ Google talk - ක්ෂණික පණිවිඩ යැවීමේ ක්‍රමයයි
✔ Google translator - වෙනත් භාෂා වලින් ඇති වෙබ් අඩවි සහ ලිපි ලේඛන තමන් කැමති භාෂාවකට පරිවර්තනය කරගත හැකි මෘදුකාංගයකි
✔ Google URL shortener - දිගු url හෙවත් වෙබ් ලිපින කෙටි කර ගැනීමට මෙය භාවිතා කල හැකිය
✔ Google groups - විවිධ ගැටළු වලට විසඳුම් ලබාගත හැකි whiteboard සංකල්පය මත නිර්මාණය කෙරුණු සේවාවයි
✔ Picasa - තමන් සතුව ඇති පින්තූර ගබඩා කර තැබීමට ඒවා නැරඹීමට, හුවමාරු කරගැනීමට හැකියාව ලබාදෙන සේවාවයි
✔ Youtube - අන්තර්ජාලය හරහා වීඩියෝ දර්ශන නැරඹීමට ඇති ජනප්‍රියම වෙබ් අඩවිය මෙය වේ
