
මේ තියෙන්නේ අපේ බ්ලොග්
එකේ layout එක හෙවත් බ්ලොග් සැලැස්මේ අඩංගු වන කොටස් සකස් කරගන්නා ස්ථානය. බ්ලොග්
එකේ දිග පළල උස ආදිය මෙන්ම posts,ads ආදිය එකතු කරන්න ඕන කුමන තැන් වලටද කියන එක සකස්
කරන්නේ මෙහිදියි.

ඉහත දැක්වෙන ආකාරයේ
layout panel එකෙන් අපිට පුළුවන් බ්ලොග් එකට අලුතෙන් කොටස් ඇතුලත් කරගන්න. මෙහෙම
එකතු කරගන්නා කොටස් වලට කියන්නේ Gadget කියල. Blogger එකෙන් අපිට ගොඩක් gadget
දීලා තියෙනවා. පහතින් දැක්වෙන්නේ එහෙම gadgets එකතුවක්.


නිර්මාණය කරන බ්ලොග් එකට
Lists,labels,pages,images,search box,wikipedia page,clocks,page counter ආදිය
එකතු කරගැනීම මෙතනින් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට html,css,java script දැනුම
තරමක් හෝ තිබේනම් අපි කැමති විදියට gadget එකතු කරගන්නත් පුළුවන්. මේ සියලුම gadgets බ්ලොග් එකේ layout එකේ තිබෙන add a gadget කියන කොටසින් එකතු කරගන්න පුළුවන්. බ්ලොග් එකේ ඉහලින්, පහළින් සහ වම හෝ දකුණ යන ඕනෑම පැත්තකින් උනත් gadgets එකතු කිරීමේ හැකියාව තිබෙනවා.