Making Money with a Blogger

Making Money with a Blogger



Making Money with a Blogger

මෙන්න මෙතන තමයි ගොඩක්ම අය කැමතිම තැන. ඒ කියන්නේ කොහොමද බ්ලොග් එකක් නිර්මාණය කරලා මුදල් උපයන්නේ කියන එක. ඇත්තටම මෙහෙම මුදල් උපයන්න පුලුවන්ද? ඒක ලේසිද? එහෙම මුදල් හොයන අය ඉන්නවද? මේවා තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්න. මේ හැම එකටම පිළිතුර තමයි ඔව් !
ඇත්තෙන්ම හොඳ බ්ලොග් අඩවියක් නිර්මාණය කරලා ගොඩක් visitors ලා අපිට ඉන්නවනම් මුදල් උපයන එක සුළු වැඩක්.
ඇත්තටම කොහොමද මේක කරන්නේ?
ඔයාලා අහලා ඇති අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම කියල දෙයක් ගැන.නමුත් ඕක කරන්නේ කොහොමද කියන දන්නේ නැති නිසා සහ මේකෙන් හොඳ ප්‍රතිපල ගොඩක් අයට ලැබිලා නැති නිසා හිතනවා මේක බොරු වැඩක් කියල. නෑ මේක බොරු නෑ. හැබැයි එක රැයක් එළිවෙනකොට අන්තර්ජාලයෙන් මුදල් උපයලා ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න බැහැ.ඒ සඳහා පොඩ්ඩක් විතර මහන්සි වෙන්න වෙනවා.
කොපමණ මුදලක් සොයන්න පුලුවන්ද?

ඒක තීරණය වෙන්නේ ඔබ කරන කැපකිරීම සහ ඔබගේ බ්ලොග් අඩවියේ ඇති content සහ traffic එක අනුවයි. ඔබගේ බ්ලොග් අඩවිය ගොඩක් ජනප්‍රිය හොඳ ආකර්ශනීය එකක් නම් ඔබට හොඳ මුදලක් සෙවිය හැකියි. හොඳ බ්ලොග් අඩවියක් නිර්මාණය කරන විදිය,එය ප්‍රසිද්ධ කරගන්න විදිය වගේ tricks අපි ඉදිරියේදී ඔබට කියලා දෙන්නම්. එහෙම කරොත් අනිවාර්යෙන් ඔබට ලොකු මුදලක් සොයන්න පුළුවන්. පහතින් දැක්වෙන්නේ වර්තමානය වන විට මෙම ක්‍රමයෙන් මුදල් උපයන ලෝකයේ ඉහලින්ම සිටින පුද්ගලයන්ගේ සහ ඔවුන්ගේ බ්ලොග් අඩවි පිළිබඳව විස්තරයි.



blogger හරහා මුදල් ඉපයීමට අපි භාවිතා කරන්නේ Google සමාගමේම නිර්මාණයක් වන Adsense කියන advertising network එකයි. අපි මුලින්ම මෙම adsense සමාගමේ ගිණුමක් open කරගන්න ඕන. හැබැයි එහෙම කරන්න කලින් අපි හොඳ බ්ලොග් එකක් නිර්මාණය කරලා ගොඩක් posts එකතු කරලා visitors ලා විශාල ප්‍රමාණයක් හදාගන්න ඕන. ඊට පස්සේ adsense වලට අපි apply කරාම google සමාගම අපේ බ්ලොග් එක බලලා හොඳ නම් අපිට adsense පහසුකම ලබා දෙනවා.මෙන්න මේක තමයි අමාරු වැඩේ.ඒ මොකද එහෙම ලේසියෙන් adsense සහාය අපිට ලැබෙන්නේ නැහැ අපේ බ්ලොග් එක හොඳ නැත්තන්.

Adsense ලැබුනට පස්සේ අපිට තියෙන්නේ එයාලා අපිට ලබාදෙන ad codes අපේ බ්ලොග් එකේ posts වල pages වල html කොටස් අතරට එකතු කරන එකයි. මේ දේවල් කරන්නේ කොහොමද කියන එක ඉදිරියේදී සවිස්තරාත්මකව අපි කියන්නම්.එහෙම කරාම එයාලා නිකුත් කරන advertisements අපේ බ්ලොග් එකේ පෙන්නනවා. අපේ බ්ලොග් එකට එන visitor කෙනෙක් මේ ad එකක් click කරාම අපිට පොඩි කොමිස් මුදලක් ලැබෙනවා. එම මුදල $ 0.01 සිට $ 10 දක්වා ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒක ඉතින් ads publish කරන කෙනා අනුවයි තීරණය වෙන්නේ. ඒක අපිට අදාළ නැහැ.

උදාහරණයක් විදියට අපි හිතමු අපේ බ්ලොග් එකේ පෙන්වන ad එකකින් $ 0.01 ක් අපිට ලැබෙනවා කියල. අපිට ගොඩක් visitors ලා ඉන්නවා නම් ඒ එන අයගෙන් දිනකට සිය දෙනෙක් ads click කරොත්, 0.01 x 100 = $ 1.00 මාසෙටම බැලුවොත් $ 1.00x30 = $ 30 ක් විතර අපිට ලැබෙනවා. මේ ගණනය කරේ එක post එකක දාල තියෙන ad එකකින් ලැබෙන මුදල. අපි ගොඩක් posts දාලා මේ හැම post එකකම ads යොදලා තිබුනොත් මේ මුදල වැඩි කරගන්න අපිට පුළුවන්. එහෙම මුදල් ඉපයීම වැඩි කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා.ඒවා අපි කතා කරමු මින් ඉදිරියට.
බ්ලොග් එකක් හදපු ගමන් මුදල් ඉපයීම කරන්න බැහැ.එහෙනම් ඊට කලින් හොඳ බ්ලොග් එකක් නිර්මාණය කිරීම කරන්න ඕන.

ඊලගට තියෙන්නේ අපේ බ්ලොග් එකට කොහමද audience එක,එහෙමත් නැත්තන් visitors ප්‍රමාණය වැඩි කරගන්නේ කියන එකයි.



මේක තමයි අපි කලින් කතා කරපු adsense එකේ අනිත් පැත්ත. ඒ කියන්නේ අපිට පුළුවන් මෙතනින් අපේ බ්ලොග් එක ජනප්‍රිය කරගන්න visitors ප්‍රමාණය වැඩි කරගන්න.එහෙම කරන්න අපි Google සමාගමට මුදල් ගෙවලා අපි ad එකක් දාන්න ඕන.මේක ඉතින් අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් නෙවෙයි. හැබැයි ඔයාලට මුදල් කිසියම් ප්‍රමාණයක් වියදම් කරන්න පුළුවන් නම්,(ඇත්තෙන්ම කිව්වොත් මේක මුදල් වියදම් කිරීමක් නෙවේ මුදල් ආයෝජනය කිරීමක්) පාඩු නැහැ. මොකද අපි ගෙවන මුදලට අපිට සාදාරණයක් වෙනවා.අපිට අපේ බ්ලොග් එකේ ජනප්‍රියතාවය වැඩි කරගන්න පුළුවන් වෙනවා.හොඳ visitors ලා ප්‍රමාණයක් ලැබෙනවා.

Related Articles

  • Affiliate Marketing2016-11-30Top Earning Blogs | මුදල් උනන බ්ලොග් අඩවි අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීම ගැන කතා කරන්න කලින් ඇත්තටම එහෙම කරන්න පුලුවන්ද… Read More
  • A/L ICT2016-07-18Google Overview නැතුවම බැරි Google මුලින් BackRub යන නමින් හැඳින්වූ Google යනු ලොව ඉතා ජන… Read More
  • Blogger2016-07-05Blogger Template Layout කොටසින් පසුව අපිට ලැබෙන්නේ template කියන කොටසයි. බ්ලොග් එකේ පෙනුම සක… Read More
  • Blogger2016-07-05Blogger Layout මේ තියෙන්නේ අපේ බ්ලොග් එකේ layout එක හෙවත් බ්ලොග් සැලැස්මේ අඩංගු වන කොටස් ස… Read More
  • Basic of Computer2016-07-06Fundamentals of Computers මෙම කොටසේදී පරිඝනක ගැන මූලික විස්තර කතා කරනු ලැබේ. පරිඝනක මෘදුකාංග,දෘඩාංග මෙන… Read More
  • Blogger2016-07-05Blogger Settings මෙමඟින් තමයි බ්ලොග් එකේ settings හදාගැනීම කල යුත්තේ. Title - ඔබ බ්ලොග් එ… Read More