
මෙමඟින් තමයි බ්ලොග් එකේ
settings හදාගැනීම කල යුත්තේ.
Title - ඔබ බ්ලොග් එක නිර්මාණය
කිරීම ආරම්භ කරන විට යොදපු title එක මෙතන සඳහන් වෙනවා.ඔබට අවශ්‍යනම් පසුව එය වෙනස්
කරගන්න මෙතන යොදාගන්න පුළුවන්.
Description - බ්ලොග් එක
විස්තර කිරීමට මෙය භාවිතා කරනවා. නමුත් එය දිග විස්තරය වෙන්න බැහැ. මොකද මෙම
Description එක තමයි web browser එකක tab එකේ view කරන්නේ.ඒ නිසා කෙටි විස්තරයක්
තිබීම ප්‍රමාණවත්.
Privacy - ඔබේ බ්ලොග් එක
හැමෝටම පේන්න සකස් විය යුතුද නැද්ද යන්න වග සහ search engine තුල සෙවීමට හැකි විය
යුතුද යන්න මෙතනින් සකස් කරගන්න ඕන.

Blog Address - ඒ
කියන්නේ ඔයාලගේ බ්ලොග් එකේ address එක හෙවත් domain name එක වෙනස් කිරීම කරන්නේ
මෙතනින්. ඔබට පුළුවන් නම් domain name (www.yourdomain.com) එකක් මිලදී ගන්න එය
ඇතුලත් කරගෙන බ්ලොග් අඩවිය වෙබ් අඩවියක් වගේ නිර්මාණය කරගන්න ඔබට පුළුවන් වෙනවා.
Domain name එකක් භාවිතා කිරීමේ වාසි සහ එය ලබාගන්නා අයුරු අපි කියලා දෙන්නම්.
ඇත්තෙන්ම කියනවා නම් එය
එච්චර ලොකු බලපෑමක් නෙවෙයි. ඒ නිසා HTTP ලෙස බ්ලොග් එක වෙනස් උනා කියලා අපිට
බලපෑමක් එල්ල වෙන්නේ නැහැ.
බ්ලොග් අඩවියට අපි යොදන
posts කොපමණ ප්‍රමාණයක් මුල් පිටුව තුල පෙන්නුම් කල යුතුද, අපගේ posts වලට එය
කියවන අයට comment කිරීමේ හැකියාව ලබාදිය යුතුද නැද්ද යන්න වගේ settings සකස්
කරන්නේ පති පෙනෙන කොටසේදී.

ඉන්පසුව ලැබෙන්නේ බ්ලොග් එක
අනිත් අයට,එහෙමත් නැත්තන් visitors ලාට සොයාගැනීමට අවශ්‍ය වන මාර්ගය සකස් කරන
ස්ථානයයි. ඔබ දන්නවා අපි ඉන්ටෙර්නෙට් එකේ කිසියම් දෙයක් google භාවිතා කරලා
සොයන්නේ අදාළ වෙබ් අඩවියේ නම හෝ url එක යෙදීමෙන් නොව කිසියම් වචන කිහිපයක්
යෙදීමෙන් කියලා. ඒ කියන්නේ අපි හිතමු අපි ටොයෝටා වාහනයක් ගැන හොයනවා කියල. අපි
දන්නවා වාහන ගැන විස්තර තියෙන වෙබ් අඩවි.ඒත් අපි සාමාන්‍යයෙන් කරන්නේ google එකේ
toyota cars, toyota hybrid, toyota vehicles ආදී ලෙස search කරලා තමයි සෙවීම්
කරන්නේ.එතකොට ඒ වචන කොටස් තියෙන වෙබ් අඩවි සියල්ල අපිට google එකෙන් සොයලා දෙනවා.
අන්න ඒ ආකාරයේ වචන වලට කියන්නේ meta tags කියල.වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී html
භාවිතා කරලා coding section එකට තමයි මෙම meta tags යොදන්නේ.බ්ලොග් එකක් නිර්මාණය
කිරීමේදී ත් අපිට html මඟින් meta tags යොදන්න පුළුවන්.ඒ සඳහා අපි කලින් කියපු
template හි edit html කොටසින් තමයි එය කරන්න ඕන.නමුත් බ්ලොග් නිර්මාණ කරන අයට
මෙතනින් පුළුවන් meta tags යොදන්න.

ඔයාගේ වෙබ් අඩවිය විනෝදාත්මක බ්ලොග් අඩවියක්
නම්,එහෙමත් නැත්තන් සින්දු අඩංගු වෙබ් අඩවියක් නම් meta tags විදියට යොදන්න ඕන
sinhala songs,new songs,english songs,songs free download වගේ වචන කොටස්. එතකොට
කවුරු හරි කෙනෙක් google එකේ new songs කියල search කරාම ඔයාගේ බ්ලොග් එක search
reasult ලෙස ලැබෙනවා.ඒක ඔයාලගේ බ්ලොග් අඩවිය ජනප්‍රිය වීමට රුකුලක්.ඒ නිසා වෙබ්
අඩවියකට,බ්ලොග් අඩවියකට meta tags එකතු කිරීම අත්‍යාවශ්‍ය කාරණයක්.


ඉහතින් දැක්වෙන්නේ ඔය
බ්ලොග් අඩවියට කොපමණ visitors ප්‍රමාණයක් එනවද,ඒ එන්නේ කුමන රටවල්,ප්‍රදේශ වලින්ද
සහ කොහොමද එන්නේ කියන එක, වැඩි පුරාම කට්ටිය බලලා තියෙන්නේ කුමන posts ද සහ ඔයාලගේ
බ්ලොග් එකට visitors ලා එන්නේ මොන web browser මඟින්ද,phone
එකෙන්ද,ලැප්ටොප්,පරිඝනක වගේ මොන devices වලින්ද කියන දෙය පවා google මඟින් මෙහෙම
විශ්ලේෂණය කරලා ඔයාලට පෙන්නනවා.
ඔන්න මේ දේවල් තමයි
බ්ලොග් එකක මූලික කොටස් ලෙස අපිට කතා කරන්න තියෙන්නේ. ඉන්පසුව තියෙන්නේ මේ එකින්
එක භාවිතා කරලා කොහොමද සාර්ථක බ්ලොග් එකක් නිර්මාණය කරන්නේ සහ මුදල් ඉපයීම කරන්නේ
කියන එක පිළිබඳව සාකච්ඡා කිරීමයි.