
වර්තමානය වනවිට අන්තර්ජාලය අපේ ජීවිත වලට ලොකු බලපෑමක් එල්ල කරලයි තිබෙන්නේ.අන්තර්ජාලය ඔස්සේ අපේ එදිනෙදා කටයුතු බොහොමයක් සිදු කරගන්නවා. ඔබම හිතලා බලන්න අන්තර්ජාලය ඔස්සේ මොනවද ඔබ කරන්නේ කියල.අනිවාර්යෙන්ම හැමෝම වගේ වීඩියෝ සින්දු නරඹන්න, යාළුවො එක්ක chat කරන්න, email පණිවිඩ යවන්න වගේ දේවල් කරනවනේ. සමහරවිට අන්තර්ජාලය ඔස්සේ කිසියම් භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමක්, එහෙමත් නැතිනම් ඔබ සතුව තිබෙන භාණ්ඩයක් විකිණීමක් වගේ ඒවත් කරන්න පුළුවන්.

ඒවා විතරද කරන්න පුළුවන්? නැහැ තව කොච්චර දේවල් තියෙනවද කරන්න. කොටින්ම අන්තර්ජාලය ඔස්සේ රැකියා කරලා සල්ලි උපයන්නත් පුළුවන්. එහෙම කරන අය ඕන තර ඉන්නව. part time වගේම full time අන්තර්ජාලයේ රැකියා කරලා මුදල් උපයන අය ඉන්නව ඕන තරම්. තමන්ගේ දක්ෂතාවය අනුව විවිධ රැකියාවන් කිරීමේ අවස්ථාව තිබෙනවා. දැන් ගොඩක් අය එහෙම රැකියාව කරන්න පෙළඹෙනවා. වියදම් අවම වීම, නිදහස තිබීම, රැකියා ස්ථානයේ ගැටළු ඇති නොවීම, තමන් කැමති වෙලාවක රැකියාවක් කිරීමේ හැකියාව ලැබීම අන්තර්ජාලයේ රැකියාවක් කිරීමේ ප්‍රධාන වාසි විදියට සලකන්න පුළුවන්. ඒ වගේම ඩොලර් වලින් ගෙවන නිසා ඩොලර් රුපියල් වලට මාරු වීමේදී හොඳ මුදලක් අතට ගන්නත් පුළුවන්.
පරිඝනක,ගිණුම්කරණ,ග්‍රාෆික නිර්මාණකරණය වගේ ඕනෑම ක්ෂේත්‍රයක දක්ෂතා තිබෙන අයට විදේශීය සමාගමක් සමඟ එකතුවී තමන් කැමති වෙලාවක රැකියාවක් කරන්න පුළුවන්. සමහරවිට ඔබට රාත්‍රී වැඩ කරලා දවල් නිදාගන්න වෙන්නත් පුළුවනි. මොකද බොහොමයක් සමාගම් පිටරට ඒවා නිසා,අපේ රට සහ පිටරට අතර තිබෙන කාල වෙනස නිසා අනිවාර්යෙන්ම ඔවුන්ගේ දවල් වෙන්නේ අපේ රෑට. ඒ නිසා අපිට රෑට වැඩ කරන්න වේවි. ඒවානම් මොකද සල්ලි ලැබෙනවා නම්,නේද?
හැබැයි අපි මේ කියන්න යන්නේ එහෙම නිශ්චිත සමාගමකට බැදිලා රැකියාවක් කරන විදිය ගැන නෙවෙයි. තමන් කැමති වෙලාවක කැමති ආකාරයට අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රම ගැනයි. මේවා රැකියාම නෙවෙයි, නිර්මාණාත්මකව සිතලා හොඳ සැලසුමකට අනුව කරන්න තියෙන දේවල්. මුලදී පොඩ්ඩක් විතර වෙහෙසෙන්න ඕන මෙය කරන්න. නිවැරදි ක්‍රම වේදයකට වැඩේ පටන් ගත්තොත් ඊට පස්සේ තමන්ට කකුල් දෙක උඩ තියාගෙන ගෙදරට වෙලා නිකම් ඉන්න පුළුවනි.
අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම කරන්න පුළුවන්,මාසෙකට ලක්ෂයක් දෙකක උපයන්න පුළුවන් කියලා විවිධ පාඨමාලා පන්ති පවත්වනවා කියලා ඔබ පත්තර වල රූපවාහිනියේ අහලා දැකලා ඇතිනේ. එක පාරටම එහෙම ලොකු ගානක් හොයන්න බැහැ.හැබැයි හොයන්න බැරි නැහැ. අන්තර්ජාලයෙන් මහා පරිමාණයෙන් මුදල් උපයන අය ඕන තරම් ඉන්නව. ඔවුන්ගේ මාසික ආදායම ලක්ෂ දෙක තුන නෙවෙයි. මිලියන ගණන්. රුපියල් වලින් කෝටි දෙක තුන ඉක්මවනවා ! එසේනම මේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම කියන්නේ බොරු වැඩක් නෙවෙයි. ඇත්තටම සාර්ථක ක්‍රමයක්. හැබැයි හිතන තරම් ලේසියෙන් එක රැයකින් ඒ ඉලක්කය සපුරා ගන්න බැහැ.
අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම හෙවත් emoney ,internet jobs, emoney jobs, internet money jobs ආදී ලෙස මේ සෑම ආකාරයටම හඳුන්වන මුදල් උපයන අලුත්ම විදිය ගැන තමයි අපි ඔබට මේ emoney ගැන සිංහලෙන් උගන්වන්න යන්නේ.. ගොඩක් අය අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන උගන්නනවා කිව්වත් ගොඩක් සාර්ථක ක්‍රම ඔවුන් දන්නේ නැහැ. නමුත් අපි ඔබට කියන්න යන්නේ වසර කිහිපයක් අප විසින් අධ්‍යනය කර ලබාගත් අත්දැකීම් අනුව හොඳට මුදල් උපයන්න පුළුවන් ක්‍රම ගැනයි.
එසේනම් අපි බලමු අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රම ගැන. එවැනි ක්‍රම රාශියක් තිබෙනවා. අපි කතා කරන්නේ අපි අත්හදා බලපු සාර්ථක ක්‍රම ගැනයි.
1. Blog අඩවියක් නිර්මාණය කිරීම
2. වෙළඳ දැන්වීම් ප්‍රචාරණය
3. Files upload කිරීම
4. Fonts නිර්මාණය කිරීම
5. Ebay
6. Youtube
7. Ebooks සැකසීම
8. Affiliate Marketing (භාණ්ඩ හා සේවා විකුණා කොමිස් මුදල් ලැබීම)
9. වෙළඳ දැන්වීම නැරඹීම
10. Freelancing Jobs
මේ එක් එක් ආකාරවලට මෙන්ම තවත් මුදල් උපයන ක්‍රම කිහිපයක් සහ ඒවායින් අපිට මුදල් ඉපයීම කරන්න පුළුවන් ආකාරය ගැනත් බලමු ඉදිරි කොටස් වලින්...