ඔබේ දුරකථනය වතුරට වැටුනොත් බේරගන්න විදිය

ඔබේ දුරකථනය වතුරට වැටුනොත් බේරගන්න විදිය



අද කාලේ ජංගම දුරකතනයක් නැති කෙනෙක් නැහැනෙ. දැන් නම් ගොඩක්ම තියෙන්නේ smart phones තමයි. හැබැයි මේ phones ආරක්ෂා කරගන්න එකනම් ලේසි පහසු වැඩක් නෙවෙයි. පොඩ්ඩක් කොහේ හරි වැදුනොත්,වැටුනොත් touch එක වැඩ නැතිව යනවා,screen එකේ ඉරි යනවා, casing එක නැතිනම් ආවරණයට හානි වෙනවා.
මේ ඔක්කොටම වඩා බරපතලයි phone එක වතුරට වැටුනොත්..! ඒ ගැන නම් හිතන්න වත් බයයි නේද? අපි මේ ඔබට කියන්න යන්නේ වැරදිලාවත් ඔබේ දුරකථනය වතුරට වැටුනොත් කොහොමද ඒක බේරාගෙන යථාතත්වයට ගන්නේ කියල..

1. මුලින්ම ඔබ හැකි ඉක්මනින්ම දුරකථනය වතුරෙන් ඉවතට ගත යුතුයි.


2. දුරකථනය ගන්නාවිටත් එය ක්‍රියාකාරී තත්වයේ තිබේ නම් වහාම එය off කර දමන්න. phone එක වතුරට වැටෙද්දී off වෙන්නත් පුළුවන්. ඒ වගේම එය off වෙලා වගේ තිරය මත කිසි දෙයක් නැතිව තිබෙන්නත් පුළුවන්. ඔබට විස්වාස නැතිනම් phone එක off වෙලාද නැද්ද කියල phone එක on කරන්න බලන්න. on වුනොත් ඒ වහාම නැවත එය off කරගන්න.


3. දැන් ඔබේ දුරකථනය සියලු කොටස් ඉවත් කර හොඳින් වේලාගන්න. battery එක, sd card එක,පිටුපස කවරය වගේ ගලවන්න පුළුවන් සියලු කොටස් ගලවා ඉවත් කරන්න. ඉන්පසුව වේලාගන්න. හැබැයි phone එක hair dryer හෝ vaccum cleaner එකක් හරහා වේලාගන්න උත්සාහ කරන්නෙපා.එමඟින් කුඩා කොටස් වලට හානි විය හැකියි. oven එකක දමා වෙලගන්නත් එපා. එයත් හොඳ දෙයක් නෙවෙයි.


4. හොඳට වෙළුණු ජංගම දුරකථනය සහ එහි කොටස් ගෙන සහල් බඳුනක් ඇතුළත හොඳින් සඟවා දමන්න. සහල් වගේම සිලිකා (ආහාර පැකට්ටු තුල වියළි ගතිය තබාගැනීමට යොදාගන්නා ද්‍රව්‍ය) වුනත් ඔබට මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. මෙසේ දින 3ක් වත් phone එක තැබිය යුතුයි.


5. දැන් ඔබගේ ජංගම දුරකථනය on කර භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් ඊට කලින් phone එකේ සියලු කොටස් සීරුවට කුඩා බුරුසුවක් මඟින් පිසදා ගැනීම කරන්න අවශ්‍යයි. බුරුසුව ඔඩිකොලෝන් හෝ alcohol ස්වල්පයක් යොදා පිසදැමීම කරන්නත් පුළුවන්. දැන් phone එක හොඳට charge කරගෙන on කරන්න. ඔබට සහ දුරකතනයට පින සහ වාසනාව තිබේනම් නැවත පුරුදු විදියටම phone එක වැඩ කරාවි.

මෙම වීඩියෝ එක මඟින් මෙය සිදු කරන ආකාරය ඔබට වඩාත් පැහැදිලි වේවි.


Related Articles