පරිඝනක සහ පරිඝනක ජාල වලට සිදුවිය හැකි අනතුරු - I

පරිඝනක සහ පරිඝනක ජාල වලට සිදුවිය හැකි අනතුරු - I

පරිඝනක භාවිතයේදී විවිධ අනතුරු විය හැකි බව අපි දැනටමත් දන්නවා. පරිඝනක,ලැප්ටොප්,ජංගම දුරකථන... මේ ඕනෑම කෙනෙක් මුහුණ දෙන ගැටළුවක් තමයි තම උපකරණ හිටි හැටියේම වැඩ කරන්නේ නැතුව යාම, වේගය අඩපණ වීම, සමහර මෘදුකාංග අක්‍රීය වීම වගේ සිදුවීම්. ඉතින් මෙහෙම වෙන්න හේතු මොනවාද.. සමහරවිට අදාළ උපකරණය භාවිතා කරන පිළිවෙල,එයට ලැබෙන සැළකිල්ල අඩුවීම නිසා එහෙම වෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් බාහිර බලපෑමක් නිසා වෙන්නත් පුළුවන්. මොනවාද මේ බාහිර බලපෑම්? අන්න ඒවා ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඔබ සමහරවිට අහලා ඇති virus ගැන. පරිඝනක,දුරකථන වලට මේ virus ඇතුළු වෙලා හානි වෙන්න පුළුවන් කියලා දැනටමත් දන්නවානේ. නමුත් virus විතරමද තියෙන්නේ.. නැහැ. virus කියන්නේ පරිඝනක වලට බලපෑම් එල්ල කරන්න පුළුවන් එක් ආකාරයක් විතරයි, ඊට අමතරව හානි කරන්න පුළුවන් තව බොහෝ දේ තිබෙනවා. අන්න ඒ දේවල් ගැන තමයි මේ කතා කරන්න යන්නේ.


ඇත්තටම කිව්වොත් මේ පරිඝනක වලට හානි කරන දේවල් මෘදුකාංග ජාතියක් තමයි. අපිට ප්‍රයෝජනවත් වැඩදායී මෘදුකාංග මෙන්ම අපිට හානී දායක මෘදුකාංගත් තිබෙනවා. මේ virus වගේ ඒවා අයත් වෙන්නේ අන්න එහෙම හානිකර මෘදුකාංග ගණයට.මෙවැනි මෘදුකාංග වලට පොදුවේ කියනවා malwares කියලා. එහෙමත් නැත්තන් Malicious Softwares කියලා. (Mal+ware=Malware)

virus වලට අමතරව DOS,DDOS,Phishing,Worms,Trojan horses, Zombie,Logic bomb වගේ විවිධ malwares වර්ග තිබෙනවා.


ඇයි මෙහෙම ඒවා තිබෙන්නේ..? මේවයින් කෙරෙන්නේ මොනවාද,කාටද ප්‍රයෝජන..? 


ඇත්තෙන්ම කිව්වොත් අපිට ප්‍රයෝජන නෑ. මෙහෙම මෘදුකාංග නිර්මාණය කරන අයට තමා මේවායින් ප්‍රයෝජන තිබෙන්නේ.මේවා නිර්මාණය කරන අය ඔවුන්ට මුදල් ලාබ ප්‍රයෝජන බලාගෙන තමයි මේවා සිදු කරන්නේ.

උදාහරණයක් විදියට spyware එකක් කෙනෙක් යවනවා තව පරිඝනකයකට. ඒ පුද්ගලයා කරන කියන හැම දෙයක්ම අනිත් කෙනා දකිනවා.අපි හිතමු A තමයි virus නිර්මාණය කරන්නේ. ඔහු B ගේ පරිඝනකයේ ස්ථාපනය කරන spyware මෘදුකාංගය නිසා B අන්තර්ජාලයේ සොයන විවිධ දේවල් ගැන A දැනගෙන B ගේ සියලු දත්ත සොරාගෙන B විසින් A ට එවනවා email එකක්. ඉතින් A රැවටෙනවා ඇත්තටම එහෙම දෙයක් ඇති කියලා ඔහු මිලදී ගන්නවා  එය මුදල් දීලා.නමුත් B ඒ මුදල් අරගෙන අයින් වෙනවා. A වංචාවකට අසු වෙනවා. ඔන්න ඕක තමයි වෙන්නේ.

තව දෙයක්, මිනිස්සු ලෙඩ වෙන තරමට නේද බෙහෙත් විකිනෙන්නේ? අන්න ඒ වගේ පරිඝනක වලට virus වැනි හානිදායක මෘදුකාංග යන තරමට තමයි anti-virus මෘදුකාංග නිෂ්පාදකයින්ට ඔවුන්ගේ මෘදුකාංග නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්නේ. සමහර virus වගේ ඒවා එහෙම සමාගම් වලින් හදලා අන්තර්ජාලයට මුදා හරිනවා,එවිට ඒවායින් වන හානි වලින් බේරෙන්න අන්තර්ජාල පාරිභෝගිකයින් මුදල් දීලා එම සමාගම් වල anti-virus නිෂ්පාදන මිලට ගන්නවා. දැන් තේරෙනවා නේද වැඩේ...

එසේනම් දැන් මේ එකිනෙක ගැන විස්තරාත්මකව කතා කරලා බලමු.

Virus -

කුඩා වැඩසටහනක්,එහෙමත් නැත්තන් කේතනය කරපු මෘදුකාංගයක් තමයි virus එකක් කියලා හඳුන්වන්නේ. එයට තනියම එහා මෙහා ගමන් කරන්න බැහැ තවත් කෙනෙක්ගේ සහයක් නැතිව. ඒ කියන්නේ බෝවෙනවා කියන එක. virus කොහොමත් බෝවෙනවානෙ. එමෙන්ම මෙම virus තනිවම තමන්ගේ අනුරූ (copies) තව තවත් අලුතෙන් නිර්මාණය කරනවා.මෙය තමයි බයානකම. මොකද අපි දන්නවා මෘදුකාංග ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න පරිඝනකය slow වෙනවා,අක්‍රීය වෙනවා.

ඉතින් virus මෘදුකාංගත් පරිඝනකය තුල වර්ධනය වීම නිසා පරිඝනකයට හානි වෙන්න පුළුවන්. file, macro, boot or partition ආදී ලෙස virus ක්‍රම කිහිපයකට පැවතිය හැකියි. virus ගොඩක් වෙලාවට තිබෙන්නේ .exe සහ .com වගේ file extension (ගොනු විස්තාරණ) වලින්. .exe කියන්නේ සාමාන්‍යය මෘදුකාංග වල තිබෙන install file එකේ ස්වභාවයයි.
ඉතින් කෙනෙක් දන්නේ නැතුව virus file එකක .exe කොටස double click කලොත් එම මෘදුකාංගය වැඩ කරන්න පටන් ගන්නවා.

virus වලට කල හැකි දේ බොහොමයි. හැබැයි යහපත් ඒවා නොවේ,නරක අයහපත් හානි දායක ඒවායි.

☑ දත්ත සහ ගොනු විනාශ කිරීම
☑ නිතර විවිධ error පණිවිඩ පැමිණීම
☑ විවිධ බීප් නාද ඇසීම, පරිඝනකයේ වේගය අඩු කිරීම
☑ පරිඝනකයේ මෘදුකාංග ක්‍රියා විරහිත කිරීම
☑ අන්තර්ජාල වේගය අඩු කිරීම

ආදිය virus බලපෑම නිසා සිදුවිය හැක.

ලොව පුරා ජනප්‍රිය virus කිහිපයක් ලෙස Peace, Red Cross, Bubbleboy , Michelangelo, Dark Avenger, Joshi,Stealth හැඳින්විය හැකිය.

virus මෘදුකාංග වලින් බේරීම සඳහා anti-virus හෙවත් ප්‍රති වෛරස මෘදුකාංග භාවිතා කල හැකිය. අපගේ download පිටුවෙන් ඔබට අවශ්‍ය anti-virus මෘදුකාංග නොමිලේම ලබාගත හැකිය.




Related Articles